ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ වත්ථූපම සූත්‍රයේ සඳහන් කාරණයක්. ඒක අපි slide 3 වලදි බැලුවා, පෙර අගය දැන් අගය සමඟ සසඳා බලලා විඤ්ඤාණ ධාරාව ගලනවා නම් නිත්‍යයි කියලා පදුට්ඨමනසඞ්කප්පය ඇති වීම කියන එක අපි ඉගෙන ගත්තා. අගයන් දෙකක් සැසඳුවා කියන්නේ මොකක් ද? රූපය නිසා වන වේදනා අගයන් දෙකක් තමයි අපි එතනදි සසඳා බැලුවේ.
මෙත්තාවෙන් අප්‍රමාණයට යන්නේ නම් කොහොම ද, දෙවියා, අලියා ආදී වශයෙන් වෙනස්කමක් කරන්නේ නැත්නම් රූපය නිසා වන වේදනා දෙකක් අපි සැසඳීම කරනවා ද? ඒ සැසඳීම කරන්නා වූ අවස්ථා තුනක් තියෙනවා.
පළවෙනි එක තමයි පෙර රූපයත් දැන් රූපයත් අතර වෙනසක් නැති වුවත් පෙර වේදනා සහ දැන් වේදනා වශයෙන් වෙනසක් උද්ධච්චය නිසා ඇති විය හැක. එතකොට ඕගොල්ලො දන්නවා වේදනාවට උද්ධච්චය ඉඳලා රේඛාවක් තියෙන්නේ ථීනමිද්ධයේ ඉඳන්, ඒ රේඛාවේ පේනවා බලපෑම.
දෙවෙනි කාරණයට පේනවා. පෙර වේදනාව සහ දැන් වේදනාව අතර වෙනසක් සංකල්පය නිසා ඇති විය හැක. 50% පාර. ඊළඟට පේනවා පෙර වේදනාව සහ දැන් වේදනාව අතර වෙනසක් දිට්ඨි අනුසය නිසා ඇති විය හැක, 40% පාර. එතකොට අපි උද්ධච්චය මගින් වන දේ විමසා බලන්නේ මෙයට මිච්ඡා දිට්ඨිය බලපානවා. පවතිනවා යන සංකල්පයෝ, උපෙක්ඛා අප්‍රමාණය නොවීම නිසා පැවතිය හැකියි. දෙවෙනි කාරණයට බැලුවොත්, 50% පාරේ ගමන් කරන්නේ ජාතිය දක්වා පැමිණෙනවා. ඒ කියන්නේ එතනට ඇවිල්ලා තමයි 50% පාරේ යන්නේ, ජාතිය දක්වා ඇවිල්ලා. ඒකට පැමිණෙන්නා වූ එක පාරක් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වූයේ ය. පහ නොවූ අවිද්‍යා ආශ්‍රව ඇත්තේ මෙත්තා අප්‍රමාණය වූ පමණින් ම ඒක ඉවත් වෙන්නේ නෑ. වෙනසක් නොකළත් තවම නිත්‍යභාවය ගැන සංකල්පයන් තිබිය හැකියි.
ඊළඟට තුන් වෙනි කාරණයට පෙන්නනවා දිට්ඨි අනුසය සිහි කරන්නේ අත්තානුදිට්ඨිය නිසා ඇති වුණා වූ බලපෑම් තවම පැවතිය හැකියි. එසේ නම් මෙත්තා අප්‍රමාණය වූ පමණින් වේදනා දෙකක් සැසඳීම නොකරනවා යැයි පැවසිය නොහැක. මෙයට කරුණා අප්‍රමාණය ද එකතු වන්නේ නම් ඒ වේදනා දෙක සැසඳීම නොකරන නමුත් වේදනා නිසා වන සඤ්ඤා සැසඳීම් වන බව පැහැදිලියි. මුදිතා අප්‍රමාණය මෙයට එකතු කරන්නේ නම් සඤ්ඤා දෙක සැසඳීම නොවේ. නමුත් සඤ්ඤා නිසා වන සංස්කාර දෙක සැසඳීම සිදු වේ. උපෙක්ඛා අප්‍රමාණය කරන්නේ නම් සංස්කාර දෙක සැසඳීම නොවේ. තවමත් ප්රශ්නය අවසන් නොවේ. නොනසන ලද ආශ්‍රව නිසා වන බලපෑම ඇත. මෙය පහ කිරීම 14/05/2016 උපෙක්ඛා චෙතො විමුක්ති භාවනාවෙදි සඳහන් කළ අයුරින් වටහා ගන්න ඕන.
අර දුක්ඛ table එකේ අපි බලනවා නේ. අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා ද? මගේ කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දි වීම වටිනවා ද, නැත්ද? නන්දි වීම කියලා කියන්නේ මැරිලා ඉපදෙන්න තියෙන කැමැත්ත. නන්දි වීම නොවටින්නේ නම් සුඛ වන්නේ ද, දුක වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. ඉපදෙන්නේ නැත්නම් සුඛයි.
එතකොට අන්න ඒ විදිහට තමන් වටහා ගන්න ඕන. එතකොට ඔය විසිවස්තුක සක්කාය දිට්ඨිය ම ගිහිල්ලා තමයි එතන ඒ ආශ්‍රවයන් නසනවා කියන එක තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව. බොහෝ ම හොඳ භාවනාවක්.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්