ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි සිහි කළේ උපෙක්ඛා අප්‍රමාණය වූ පමණින් ම අවසන් නොවන්නා වූ තවමත් අවබෝධ නොවුණා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා යමෙක් කුමන ධර්මයන් පරිශීලනය කළ යුතු ද කියන එකයි. මේක අපි 14/05/2016 උපෙක්ඛා චෙතො විමුක්ති භාවනාවෙදි සාකච්ඡා කළා. ඒකෙදි අපි අර දුක්ඛ table එකත් එක්ක බැලුවා, අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම් මගේ යැයි කියලා ගන්න වටිනවා ද කියලා. මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද? නන්දි වීම කියන්නේ මැරිලා ඉපදීමට තියෙන කැමැත්ත, නොවටින්නේ නම් දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය.
මේ විදිහට මේ දුක්ඛ table එකේ පළවෙනි column එක සම්පූර්ණයෙන් ඉවත් වෙනවා නම් ආශ්‍රවයන් නැසෙනවා කියලා අපි ඒකෙදි සාකච්ඡා කළා. එහෙම අවබෝධ වුණා ම ඒ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළා කියලා දත හැකි වන්නේ යැයි කියලා. එසේ නම් පරිශීලනය කළ යුතු භාවිතා කළ යුතු ධර්මය මොකක් ද? එය චතුරාර්ය සත්‍ය ධර්මය ම වෙනවා. එය කෙසේ පරිශීලනය කළ යුතු ද? කෙසේ භාවිතා කළ යුතු ද? කෙසේ ප්‍රගුණ කළ යුතු ද?
චතුරාර්ය සත්‍යයේ දුක්ඛ දොළහෙන්, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය විශේෂිතයි. ජාතිය දුක වශයෙන් වටහා ගත් පුද්ගලයා ජාතිය නොවන්නේ නම් හොඳ යැයි කීම, සිතීම පහ කරලා ජාතිය පහ කිරීම සඳහා භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙන බව මෙනෙහි කරන්න ඕන. ජරාව දුක වශයෙන් වටහා ගත් පුද්ගලයා ජරාව නොවන්නේ නම් හොඳ යැයි කීම සිතීම පහ කර ජරාව පහ කිරීම සඳහා ජාතිය ප්‍රත්‍යයෙන් ජරාව වෙන බව මෙනෙහි කළ යුතුයි. ව්‍යාධිය දුක වශයෙන් වටහා ගත් පුද්ගලයා ව්‍යාධිය නොවන්නේ නම් හොඳ යැයි සිතීම පහ කර ව්‍යාධිය පහ කිරීම සඳහා රෝගී සඤ්ඤා ජරා වූ සඤ්ඤාව, මගේ යැයි ගැනීමෙන් ව්‍යාධිය වෙන බව මෙනෙහි කළ යුතුයි. මරණය දුක වශයෙන් වටහා ගත් පුද්ගලයා මරණ ධර්මය නොවන්නේ නම් හොඳ යැයි සිතීම පහ කර මරණය පහ කිරීම සඳහා සියලු උපධින් දුරු කළ යුතුයි. මෙය චාගාධිට්ඨානයේ දී සඳහන් කළ අයුරෙන් දස උපධි වටහාගෙන අත් හැරිය යුතුයි. මෙය මගින් රාග අනුසය පහ වී සියලු දුක්ඛයන් කෙළවර කරගන්නවා.
ඉතින් ඔය කාරණා හතර අපි කිව්ව එක, ජාතිය දුක වශයෙන් වටහා ගත්ත පුද්ගලයා ජාතිය නොවන්නේ නම් හොඳ යැයි කියලා පහ කරලා, භව පච්චයා ජාතිය බව මෙනෙහි කරන්න කිව්වේ. ඉතින් ඒ භාවනාව අපි කළා අර භව පච්චය ජාති, කියලා 13/08/2015 ජාති diagram එකත් එක්ක odd path, even path ඒ වගේ ම අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා කියන එක. ඒ පාරවල් තුනෙන් ආවා නම් ඒ ජාතිය කියන එක දක්වා ඒ කියන්නේ එහෙම නම් භවය නිසා මේක ඇති වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් භවයක් වෙන්නේ නෑ කියන එක පේනවා.
ඒ වගේ ම තමයි ඊළඟට ඊළඟ දවසේ භාවනා කළා, ඔය ජාති පච්චයෙන් ජරා, කියන එක. ඉතින් ඒකේ ලස්සනට එනවා ජාති ආවා නම් වේදනා, මෙතනින් චේතනා, ස්කන්ධානං පාතුභාවො කියලා ඒක හැදෙනවා, ඊට පස්සේ ආයතනානං පටිලාභො, මැරිච්ච මනුස්සයා හොඳ එකක්, හොඳ ඇහැක් හදනවා කියලා හදනවා. එතකොට ඕකේ අපිට පේනවා ඔය යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක අර අත්තා කියන එකත් එක්ක සම්බන්ධයි. 1-3 අවිද්‍යා ආශ්‍රව කතාව.
එතකොට දැන් මේක තේරුම් ගත්තහම ඊළඟ එකත් එක්ක සම්බන්ධ වෙනවා. එතනදි පෙන්නනවා ව්‍යාධිය දුකයි කියන කතාවෙදි රෝගී සඤ්ඤාව මගේ කියලා ගන්නවා. අර අත්තා සඤ්ඤාව නේ එතන ගන්නේ. ඒක ගියායින් පස්සේ දැන් එහෙනම් මේක හැදෙන්න තියෙන එක මොකක් ද? වේදනාව හරහා එන්නා වූ එක අර චාගාධිට්ඨානය. සියල්ල අතහරිනවා කියන එක, දදතො පුඤ්ඤං පවඩ්ඪති එකේ එහෙම බැලුවේ. ඒක බොහොම ලස්සනයි ඒ භාවනාව ඒ විදිහට. මේ කාරණා හතරෙන් ලස්සනට පෙන්නනවා ඔක්කෝම ටික නැති වෙන හැටි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්