ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ දදතො පුඤ්ඤං පවඩ්ඪති ගාථාවේ සඳහන් වන උපසමාධිට්ඨානය මගින් අවිද්‍යා ඕඝය නැති වන ආකාරය. අවිද්‍යා ඕඝය යනු කුමක් ද? යම් අවිද්‍යාවක් වෙත් ද එය මගින් සිතට ස්ථාන වන්නා වූ ධර්මයන් මගින් සිත මුදා ගත නොහැක්කේ නම් විඤ්ඤාණය එහි බැස ගනී. මෙසේ විඤ්ඤාණ ධාරාව ගොහොරු වලක, මඩ වලක වැටුණු අයකු එයින් ගැලවී ගත නොහැකිව එරී සිටී ද එමෙන් ම එයින් විඤ්ඤාණ ධාරාව මුදවා ගත නොහැකිව පවතී. මෙම අවිද්‍යාව තුන් ආකාර වන්නේ ය.
පළවෙනියට අපිට එනවා රාගය නිසා ඇති වෙච්ච මඩ වල, ගොහොරු වල කියන එක. දෙවෙනියට එනවා ද්වේෂය නිසා ඇති වූ මඩ වල. තුන් වෙනියට එනවා මෝහය නිසා ඇති වූ මඩ වල.
රාගය නිසා ඇති වූ මඩ වල කුමක් ද? රූපය අළලා යම් නොදන්නාකමක් නිසා එහි බැස ගැනීමක් වේ ද එයයි. ද්වේෂය නිසා ඇති වුණ මඩ වල කුමක් ද? වේදනාව අළලා යම් නොදන්නාකමක් නිසා බැස ගැනීමක් වේ ද එයයි. මෝහය නිසා ඇති වූ මඩ වල කුමක් ද? සඤ්ඤා හෝ සංස්කාර අළලා යම් නොදන්නාකමක් නිසා බැස ගැනීමක් වේ ද එයයි.
මෙම මඩ වලවල් තුනෙන්, යම් ගොඩ ඒමක් වේ ද එමගින් අවිද්‍යා ඕඝය මඟ හරවා ගත හැකි වන්නේ ය. දදතො පුඤ්ඤං පවඩ්ඪති ගාථාවේ මෙය කෙසේ සිදු වන්නේ ද? පළවෙනියට සච්චාධිට්ඨානය භාවිතා කරන්නේ කාම ඕඝයෙන් සිත ගැලවෙන්නේ රාගය නිසා වූ මඩ වලින් යම් පමණකට ගොඩ ඒම සිදු වේ. දෙවෙනියට චාගාධිට්ඨානය භාවිතා කරන්නේ භව ඕඝයෙන් සිත ගැලවෙන්නේ ද්වේෂය නිසා වූ මඩ වලින් ගොඩ ඒම සිදු වෙනවා. තුන් වෙනියට ප්‍රඥා අධිෂ්ඨානය භාවිතා කරන්නේ දිට්ඨි ඕඝයෙන් සිත ගැලවෙන්නේ සඤ්ඤා නිසා වූ මඩ වලෙන් ගොඩ ඒම සිදු වෙනවා. ඉතිරිව ඇති සංස්කාර නිසා ඇති වූ මෝහ මඩ වලින් ගොඩ ඒම උපසමාධිට්ඨානය මගින් සිදු වෙනවා. ඉන් අනතුරුව රාග අනුසය පහ කරන්නේ රාගය නිසා ඇති වූ මඩ වලින් සම්පූර්ණයෙන් ගොඩ ඒම සිදු වෙනවා.
මෙහි දී ශේෂයක් නැතිව දුක්ඛය අවසන් කිරීම සඳහා ඊයේ ඉගෙන ගන්නා ලද දුක්ඛ නිරෝධ භාවනාව කළ යුතු ය. විශේෂයෙන් අවසානයට සඳහන් කළ සංසාරේ නොයෑම සඳහා භව ප්‍රත්‍යයෙන් ජාති. ජාති ප්‍රත්‍යයෙන් ජරා යැයි මනා කොට අවබෝධ කරගත යුතු ය. මේ සිදු වන්නේ අරි අට මඟ භාවනාව මනා කොට වැඩීමෙන් ය.
ඉතින් මේ භාවනාවේ දී කෙනෙක් කල්පනා කරන්න ඕන මඩ වලවල් තුනේ ගත්තහම අපි බලලා තියෙනවා ඔය රාගජ පරිළාහ, ද්වේෂජ පරිළාහ, මෝහජ පරිළාහ කියලා ලෝභ ද්වේෂ මෝහ එකේ belt තුනක් තියෙනවා නේ.
එතකොට ඔය තුන නැති වෙන්න ඕන. ඔය තුන නැති වෙනවා කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ පාරවල්වල අපි ඉගෙන ගත්තා, නෙක්ඛම්ම පවිචාරයෙන් තමයි අරකෙන් කැරකැවෙන එක නවතින්නේ. ඊළඟට ගත්තහම අව්‍යාපාද පවිචාරයෙන් තමයි අර ද්වේෂ belt එකෙන් කරකැවෙන එක. ඊළඟට භව සේවනය දුරු කිරීමෙන් තමයි අර මෝහජ පරිළාහ කියන එක නැති වෙන්නේ. ඒක සඤ්ඤා තුනක් හැටියට අපි බලලා තියෙනවා පරිළාහ තුන කියන එක.
එතකොට ඒ භව සේවනයෙන් කියනවා නේ මොකක් හරි ආශ්‍රවයක් නැසුවද, ඒ නසන ලද ආශ්‍රවය පිහිට කරගෙන පවතින්නේ නැහැ. එහෙනම් අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යන්නේ නැහැ තව හොඳ එකක් තියෙනවා කියලා, සුඛයක් ඇති කියලා.
එතකොට අර පහුගිය දවස්වල භාවනාවත් එක්ක හොඳට සම්බන්ධ වෙලා තමයි ඒක බැලෙන්න ඕන. එතකොට තමයි මේක තේරෙන්නෙ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්