Date: 30/05/2016 Name: Dukka Nirodha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පිහිට සොයා ද, එමගින් ඇති වන ආශ්‍රව නැසීමේ හැකියාව අන් කිසිදු ධර්මයකින් නොලැබේ. කුමක් නිසා ද? අපි දන්නවා ඔය කාම ආශ්‍රවය කියන එක යනවා, දුක්ඛය කියන එක මෙනෙහි කරනවා නම්. කාම ආශ්‍රවය කියන්නේ සුඛයි කියන එකේ පසු සඤ්ඤාව නේ. එතකොට ඒක දුකයි නම් ඒක හිටින්නේ නැහැ. යමෙක් තණ්හාව නිසා දුක ඇති වන බව අවබෝධ කරගන්නේ භව ආශ්‍රවය කියන එක නසනවා. භව ආශ්‍රවය කියලා කියන්නේ අත්තා කියලා ගත්තට පස්සේ ඇති වන පසු සඤ්ඤාව, එතකොට එහෙම නම් ඒ අත්තා කියන කතාව ඇති වෙන්නේ අපි බලලා තියෙනවා, ජරා වේදනා අසම්පජාන රේඛාව භ්‍රමණය වී තමයි ඔය අත්තා කතාවට එන්නෙ, එහෙම නම් එතන චලනයක් තියෙනවා.

ඊළඟට තණ්හාව නිරෝධයෙන් දුක නැති වන බව දන්නේ, ඒ දිට්ඨි ආශ්‍රවය මගින් පුනපුනා ඉදිරිපත් කරන්නා වූ පුහු සඤ්ඤාවෝ නිෂ්ඵල බව ද, නිත්‍ය යන්න හරයක් නැති දෙයක් බව ද, මනා කොට අවබෝධ කරගන්නේ නම් සඤ්ඤාවලින් තනන සංස්කාරයන් පහ කිරීමට හැකි වෙනවා. ඉතින් අපිට එතන පේනවා ඒ තණ්හාව නිරෝධය කියන එක ගත්තහම, දැන් දිට්ඨි ආශ්‍රවය කියලා කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සඤ්ඤාව, අරක ආපහු පොඩ්ඩක් තල්ලු වෙලා ගිහින් තමයි අර නිත්‍ය කතාව, අත්තා ඉඳන් නිත්‍යට ගිහිල්ලා, එතකොට ඒ කතාව බැහැලා යනවා.

දුක නැති කිරීමේ මාර්ගය අරි අට මඟ බව දන්නේ, දක්නේ, සම්මා ආජීවය ම මනා කොට පුරුදු පුහුණු කරනවා. එතකොට ඒ සම්මා ආජීවය මනා කොට පුරුදු පුහුණු කරනවා කියනකොට කෙනෙක් කල්පනා කරන්න ඕන අර මුදිතා භාවනාවේ තියෙනවා, 08/05/2016. අපි දන්නවා අර පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍ය කියන එකේ බැස ගත්තා අරි අට මඟ. ඒකෙන් එනවා, අව්‍යාපාද විතක්කය උපෙක්ඛා නිමිත්තේ එළඹෙනවා, ද්වේෂය කියන එක බැස යනවා. එතනින් එනවා අපි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය අර කාම විතක්කයන් කියන ඒවා බැස යනවා කියලා. ඔය රේඛාව බොහොම වැදගත් ඔය අවස්ථාවෙදි. එතකොට භව සේවනය කියන එක දුරු කරනවා. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවල අරි අට මඟ දක්වා පැමිණෙන්නේ අලෝභ අදෝස අමෝහ කුසල මූල හරහා ය. එතකොට ඒකත් හරි වැදගත් ඒක කල්පනා කරන එක. ඔය ඉස්සෙල්ලා කිව්ව line එකත් එක්ක ඒක සම්බන්ධයි. අපි ඒක පස්සේ බලමු. ඒකෙන් පස්සෙ ඇති වෙන්නේ උපසමාධිට්ඨානය මගින් අවිද්‍යා ඕඝය පහ කරනවා. ශේෂයක් නැතිව අකුසල ධර්මයන් පහ කිරීම අර සබ්බාසව භාවනාවෙදි අවසානයට ඉගෙන ගත්ත star එකේ තිබෙන්නා වූ සම්මා සමාධිය මගින් සිදු කරනු ලබනවා.

ඒකෙ මතකයි අර සති, ප්‍රඥා, සමාධි එතකොට ඒ තරුව. කාම ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා ඒක තියෙනවා. එතකොට මේක කැරකෙන එක තමයි නවත්වන්නේ නේ ද? භ්‍රමණය. කොයි විදිහට ද නවත්තන්නේ. අවිද්‍යා ඕඝය පහ කරන්නේ අවිද්‍යා ආශ්‍රවයක් නැවත ඇති කරගැනීම සඳහා විඤ්ඤාණයට යම් පදනමක්, ස්ථානයක් වී ද ඒක අහිමි වෙනවා. අන්න ඒකෙන් තමයි ඒක නැති වෙනවා කියන එක පෙන්නන්නෙ.

ඉතින් මේකේ අපිට පේනවා මුල ඉඳන් ම මේ භ්‍රමණයක් තමයි මේ පෙන්නන්නේ. තණ්හාව කියලා කිව්වම අපිට පේනවා ජරා වේදනා අසම්පජාන රේඛාව භ්‍රමණය වෙලයි දුක්ඛය සමුදය කියන එක. ඕක ම තමයි දිගට යන්නේ. ඊට පස්සේ අපිට පේනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එනකොට අර ලොකු රෝද කරකැවෙනවා කියන එක. මුසාවාද පරුෂා වාචා. එතකොට තණ්හාවෙන් කැරකැවෙන අර පොඩි එක 47° එහෙම යනවා කිව්වේ. එතකොට ලොකු කරකැවීම කියන එක අපේ සංස්කාරවලින් පාණාතිපාත අදත්තාදාන අර පෝතලිය සූත්‍රයේ දී ගත්තා වගේ නේ ද? එතකොට ඒ භ්‍රමණයට චලනයට අපි හරි කැමතියි කියන එක පේනවා. කුඩා දරුවෙක් වුණත් සෙල්ලම් කරන එක, මුළු ලෝකය ම බැලුවහම භ්‍රමණයක් ම නේ තියෙන්නෙ. සූර්යයා වටා කරකැවීම ආදී වශයෙන්. එතකොට දැන් එතනදි අපි මම කිව්වේ අර සම්බන්ධතාවය හොඳට බලන්න ඕන. අර මුදිතා භාවනාවේ දී එන line එක. අරි අට මඟ අව්‍යාපාද විතක්කය කාම විතක්කය කියන එක බැහැලා යනවා, ඒ කියන්නේ අර අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එක මගින්.

ඉතින් අපිට ඒකෙ පේනවා අරි අට මඟ කියන එක ගත්තහම අර අමෝහයට තමයි ඒක යන්නේ, අවිද්‍යා ආශ්‍රවය එතන නසනවා. අව්‍යාපාද විතක්කය ගත්තහම උපෙක්ඛා නිමිත්ත මනා කොට එළඹෙනවා දෝසය පහ වෙනවා. එතනින් භව සේවනය කියන එක යනවා. ඉතින් භව සේවනය අපි දන්නවා අර අන්තරා පරිනිබ්බානය නොවීමේ සිට පිරිනිවන් පෑම වන දක්වා භවයන් පහ කිරීම, එහෙම නම් අපි අදෝසය කියන එකට එතනින් යනවා. ඊළඟට කාම විතර්කයන් පහ කෙරෙනවා නම් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, එහෙම නම් අලෝභය.

දැන් බලන්න මේ රේඛාවේ භ්‍රමණය තමයි අපි කිව්වේ ප්‍රශ්නය වෙන්නේ. ඒක ම තමයි නවත්වන්නේ. Star එකෙන් කරන්නෙත් ඒක ම යි. එතකොට මේ විදිහට ගිහිල්ලා දැන් අර අමෝහය නිසා අදෝසය. අදෝසය නිසා අලෝභය කියන එකට එනවා. දැන් කාම ආශ්‍රවය කියන එකට යන්නේ නැහැ. රාග අනුසය එහෙම අවසානයට නැති කරලා නේ කරන්නේ. ඉතින් ඒ සම්මා සමාධිය තුළින් තමයි ඒක නැති කරන්නේ කියන එක.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.