ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ අප්පණිහිත චෙතො විමුක්තිය. යම් අප්පණිහිත චෙතො විමුක්තියක් වේ ද එයට හරස් කපන්නා වූ බාධක වූ ධර්මයෝ කවරහු ද? යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ ව්‍යාධි ගුණය ඇතුළත් වුව ද එය ව්‍යාධියක් ලෙස නොවැටහෙන්නේ නම් අප්‍රියේහි සම්ප්‍රයෝගය උරුම කරගැනීම ව්‍යාධියේ ම වැඩිදියුණු වීමක් වුවත් එය සුඛ වශයෙන් සැලකීම එක කාරණයකි. ඉතින් මෙතන පේනවා මේ සංස්කාරවලට මාන වීම නිසා මේ විදිහට සිද්ධ වෙනවා කියලා.
ඊළඟට දෝමනස්සය අප්‍රියේහි සම්ප්‍රයෝගය දුක්ඛය තුළ ඇතුළත් වුවත් සුඛයක් වශයෙන් වරදවා වටහා ගත හැකි ය. උදාහරණ වශයෙන් නරක් වීමට ආසන්න වූ බත් මුලක් කන ලද පුද්ගලයකු එම ආහාර වේල නිසා බඩ පිරීම ගැන සතුටු වීම නිසා, දෝමනස්සය සුඛ වශයෙන් වරදවා වටහා ගත හැකි ය. එවන් වූ සුඛ යන සඤ්ඤා ඇත්තේ ප්‍රියේහි විප්පයොගයට යාමට වන අධිෂ්ඨානය එතරම් තදින් නොපවතින්නේ ප්‍රියේහි විප්පයොගයත් සුඛයක් වශයෙන් සැලකිය හැකි ය. බත් මුල ලාබෙට ලැබී තිබිය හැකි ය.
දුක්ඛ ධර්මය ප්‍රියේහි විප්පයොගය තුළ ඇතුළත් වුණත් මනෝමය කයෙන් තමාට මනාප වූ රූප බලමින් සිටින්නේ එහි ආස්වාදය නිසා drugs ගත්තෙකු එය වෙනසක් ලෙස නොසලකන්නේ, එසේ ම උපායාසය හොඳ යැයි සිතිය හැකි ය. මෙසේ මෙම තුන් ධර්මය බලපාන්නේ නම් අප්පණිහිත චෙතො විමුක්තිය ඇති නොවේ. ඊයේ භාවනාව හා සසඳන්නේ භව සේවනය දුරු නොකරයි. උපෙක්ඛා සහගතව බොහෝ කාලයක් සංසාරේ සැරිසැරීම සිදු විය හැකි ය.
එනම් අලෝභ නොවන්නේ එමගින් මෝහ වන්නේ, යම් උපෙක්ඛා සහගත චිත්තයක් තමා කර පැවැත්විය හැකි ය. ඉතින් මේ භාවනාව අර අපි සතර ආහාර දුක්ඛයේ පෙන්නුව නේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ හතර වෙනි භාවනාව කබලිංකාර ආහාරය රාග සල්ලයෙන් කරකවලා ඡන්දයෙන් අගතියට ගිහිල්ලා අර බබා වගේ රූපයක් ඇති කරගත්තා. ඒක ජරාවට පත් වුණා ව්‍යාධියට පත් වුණා මරණයට පත් වුණා, මැරිලා මනෝමය කායෙන් ඉන්නවා කාලා නෑ වගේ දුකයි. ඊට පස්සේ ඒ දුක්ඛය ස්පර්ශ වෙලා ඒ පුද්ගලයා මෝඩයා වගේ සුඛයි කියලා හිතනවා. ඉතින් ඔය අවස්ථාව අපි විමසලා බලලා එතනින් අපි එනවා අර පල්ලෙහා තියෙන ජරාවයි ඒ වගේ ම දෝමනස්සයයි, කකා ඉන්නවා නම් ජරාව ඉස්සර වගේ රස නෑ ඒ නිසා දෝමනස්සය. කරන්න බැරි වැඩක් සඳහා තමයි චේතනා කරන්නෙ ඒක නිසා ව්‍යාධිය. ඒක නිසා ම සෝකය තියෙනවා. ලෙඩා හදන විඤ්ඤාණය මැරිලා වැටෙනවා කියලා අහන්න දෙයක් නෑ. ඒකෙන් පරිදේවය. එතකොට මෙතෙන්ට එනවා තමන් ඒ උපෙක්ඛා අප්‍රමාණයට.
දැන් ඔය කාරණා තුන හොඳට විමසනවා ඇයි අපි, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ අපිට ව්‍යාධි ගුණය තියෙනවා. ඇයි අපි හුඟාක් උත්සාහ කරන්නේ අර අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න. පළවෙනියට පේනවා අපේ සංස්කාරවලට අපි මාන වෙලයි මේකෙ බලපෑම තියෙන්නෙ. පරුෂා වාච කියන්න පිසුණා වාචා කියන්න ඒවට තිබෙන්නා වූ මානය, එතකොට එහෙම නම් අපිට පේනවා අප්‍රියේහි සම්ප්‍රයෝගයට එනකොට මෙතන ඒ සංස්කාරයන් අත්තා කියලා ගත්තා. ඒක නිසයි මේ ප්‍රශ්නය. අන්න ඒක අයින් වෙච්ච ගමන් තමන්ට ආකිඤ්චන විමුක්තිය කියන එක ලස්සනට එනවා.
ඊළඟට ආපහු තමන්ට පේනවා අර බත් මුලේ කතාව. එතකොට එතැන ඒ බත් මුල කාලා එයාට මොකක් ද තියෙන්නේ, එයාට ප්‍රියේහි විප්පයොගයක් කියලා තේරෙන්නෙ නැත්තේ එයාගෙ භවය පවත්වනවා, මගේ මේ බත් එක කුණු වෙලා යන්න ගියා වුණත් තව මනුස්සයෙකුට බත් එකක් නැතිව එයා ඉන්නවා, මම කුණු එක කාල හරි මම මේක පවත්වනවා. එතකොට භවය කතාව නිසා එහෙනම් දෙවෙනි පාර ඒකෙ බලපෑම තමයි එතන ප්‍රියේහි විප්පයොගය එයාට තේරෙන්නේ නැහැ. ඊළඟට ඊළඟ පාරෙ ගත්තහම අර දුක්ඛය කියන එක තියෙනවා නේ උරුම වෙලා ප්‍රියේහි විප්පයොගය තුළ. එතකොට අර චිත්‍රපටි බල බලා ඉන්නවා වගේ කියලා කිව්වේ. ඉතින් ඒ මනුස්සයට මොකක් ද මේ තියෙන්නෙ? කාම විතක්කය කියන එක තේරෙනවා. කාම විතක්කය කියන එක ඔය අර්ථයෙන් විතරක් ම නොවෙයි. අපි පෙන්නුව නේ අලෝභ පාරේ, ඔය හරිය වෙනකොට මේ සමාපත්ති ධර්මයන් කෙරෙහි තියෙන්නා වූ එක පහ කරන්නේ නැතිව තිබෙන්නා වූ එක පවා ඒකට අයිති වෙනවා කියන එක. එතකොට එහෙම නම් ඒක බලපු ගමන් අප්පණිහිත චෙතො විමුක්තිය කියන එක ඒ විදිහට ඇති වෙනවා. බොහොම හොඳ භාවනාවක්. අර විදිහට භාවනාව කෙරෙන්න ඕන.
ඒක තමයි මං කරපු භාවනාව.