ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ අලෝභය. යම් අලෝභ කුසල මූලයක් වේ ද එය මගින් සුතමය ප්‍රඥාව පුරන බව අපි දන්නවා. ලෝභයක් ඇති අයකුට කුමක් නිසා සුතමය ප්‍රඥාව පිරිය නොහැක්කේ ද? යම් සුතමය ප්‍රඥාවක් වේ ද, එය තුළ දුක්ඛ සමුදය තථාගතයන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයන්ගෙන් අසා දැන ගැනීම අඩංගුයි. එය ඇසීම නිසා තණ්හාව අත් හළ යුතුයි, යන ධර්මයන් වශයෙන් දැනගන්නේ තමා තුළ බැස ඇත්තා වූ, ලෝභය පහ කළ නොහැක්කක් ලෙස, බාධාවක් ලෙස, දකින්නේ සුතමය ප්‍රඥාව පිරීම කළ නොහැකි වන්නේ ය. ඊයේ භාවනාව සමඟ සසඳන්නේ අලෝභ නොවන්නේ නම්, මෝහ වන්නේ ය. එම මෝහය මගින් මඩනා ලද්දේ, දුක්ඛ නිරෝධ සත්‍යය හෝ නිරෝධගාමිනී පටිපදාව වටහා ගත නොහී, දුක්ඛිත ජීවිතයක් ගත කරනු ලබයි.
අනෙක් අතට යම් අමෝහයක් ඇති ද, එම කුසල මූලය මගින් භාවනාමය ප්‍රඥාව පුරනු ලබයි. භාවනාමය ප්‍රඥාව මගින් කුසලයාගේ දියුණු කිරීම කරයි. කුසලයාගේ දියුණු කිරීම දෙයාකාර වේ. පාණාතිපාතය වැනි අකුසලයන්ගෙන් වෙන් වීම එකකි. නූපන් කුසලයාගේ ඉපදීමත්, උපන් කුසලයාගේ වැඩිදියුණු වීමත් ඇත්ද එය තව එකකි.
එසේ නම් පාණාතිපාතය වැනි අකුසලයන් පහ කිරීම, අදත්තාදානය අතහැරීම අලෝභ කොටසට ඇතුළත් වන අතර නූපන් කුසලයාගේ ඉපදීමත්, උපන් කුසලයාගේ වැඩිදියුණු කිරීමත්, අමෝහ කොටසට ඇතුළත් වේ. “නිබ්බානං රතනංති කරිත්වා අශ්චර්ය භාවෙන අතුලං.” නිර්වාණය රතන කොට දැන, කුසලය ඉපදවිය යුතු ය.
මෙසේ අලෝභයෙන් අමෝහ වීමත්, අමෝහයෙන් අලෝභ වීමත් වටහා ගත යුතු ය. ඉතින් මේ භාවනාව දැන් සම්බන්ධ වෙන්න ඕන, අර මැයි මාසේ 30 වෙනිදා කියපු දුක්ඛ නිරෝධ භාවනාවත් එක්ක. ඒකේ අපි ඉගෙන ගත්තා නේ අර පග්ගහ නිමිත්ත, එතකොට ඒකේ අරි අට මඟ කියන එක තියෙනවා. එතනින් අර අවිද්‍යා ආශ්‍රව නසනවා, එතකොට අව්‍යාපාද විතක්කය, ඒකෙන් අපි අදෝෂය කියන එකට ගමන් කරනවා. ඊළඟට අනිත් පැත්තට එනවා පල්ලෙහාට අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කාම විතක්කයන් පහ කරනවා. සමාපත්ති ධර්මයක්වත් අල්ලගෙන ඉන්නේ නැහැ කියන එක. එතකොට එහෙම නම් අමෝහය මගින් එතන අලෝභය දක්වා එනවා කියන එක තියෙනවා.
එතකොට ඔය රේඛාවේ ම කරකැවීම අපි පෙන්නුවා නේ මුදිතා භාවනාවෙදි. මුදිතා චෙතො විමුක්තිය ඇති වෙන්න නම් මේක කරකවන්නේ නෑ කියන එක නේ. තණ්හාව නිසා මේක වෙනවා කියන එක. ඉතින් බලන්න මේ සුතමය ප්‍රඥාවත් එක්ක කොච්චර දුරකට ඒක යනවා ද කියලා. එතකොට ඉතින් මේ අමෝහයෙන් අලෝභය, අලෝභයෙන් අමෝහය කියන එක වෙන හැටි තමයි මේකේ පෙන්නන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.