Date: 02/06/2016 Name: Adosa

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ යම් අවිද්‍යාවක් වේ ද, එමගින් කරන්නා වූ හානිය. අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවය දක්වා දිව යන්නේ, එමගින් රාග සල්ලය හරහා රූප ස්පර්ශ කරන බව අපි දන්නවා. තව ද කාම ආශ්‍රව කියන්නේ සුඛ කියන සඤ්ඤාවේ පසු සඤ්ඤාව. එසේ නම්, දුක්ඛය මනා කොට අවබෝධ කර නැත්තකු, සුඛ වූ දෙයක් ඇති යැයි සිතා එය පසුපස යනවා. නමුත් එය නොලැබෙයි. ඇති යැයි සිතා එය පසුපස යනවා. එතකොට එහෙම නම් ඒ මගින් ද්වේෂය කියන එක ඇති වෙනවා. එම වේදනාවත් නැවත, නැවත පුනපුනා පතන්නේ එයින් ඇති වෙන නිත්‍යභාවය මගින්, අවිද්‍යාවේ තිබුණා වූ නිත්‍යභාවය සනාථ කරන්නේ නම් එමගින් අත්තා සෑදීමත්, ඉන් අනතුරුව අත්තා යන්නේ පසු සඤ්ඤාවක් ලෙස අවිද්‍යා ආශ්‍රව වීමත් පැහැදිලියි.

මෙසේ අවිද්‍යා ආශ්‍රවයේ සිට නැවත අවිද්‍යා ආශ්‍රව වීම අතර වාරයේ සිදු වී ඇත්තේ රූප ස්පර්ශයත්, නොලැබෙන්නා වූ වේදනාවේ පැතීමත් පමණි. එය නිසා වූ දෝෂය සිත තුළ බැසගන්නේ තවමත් හොඳ රූප සහිත භව ඇති යැයි සිතා නැවත ඉපදීම සිදු වේ. මේ කෙළවර කුමකින් සිදු වේ ද? දුක බව මනා කොට අවබෝධ කරගන්නේ, කාම ආශ්‍රවයේ පිහිට නොසොයන්නේ නම්, ප්‍රඥා ස්කන්ධ භාවනාවේ දී අවබෝධ කර ගත් අයුරින්, යම් ආශ්‍රවයක් නසන ලද්දේ එහි පිහිට නොසොයන්නේ, වය සංඛත ලක්ඛණය ඉවත් වන්නේ, එමගින් නැවත ඉපදීම සිදු නොවේ.

ඉතින් මේකෙ ලස්සනට පේනවා අපි අවිද්‍යා ආශ්‍රවයෙන් පටන් අරගෙන කාම ආශ්‍රවයට ඇවිල්ලා, අපි ආපහු වේදනාවන් පතලා නිත්‍ය යැයි කියලා ගිහිල්ලා ආපහු අර අවිද්‍යාවේ තියෙන නිත්‍යභාවය ම අපි සනාථ කරනවා. එහෙනම් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් අපි ආපහු ආවේ අවිද්‍යා ආශ්‍රවයට. එතන අත්තා හැදිලා. ඉතින් මේක නේ ද අපි දකින්නේ මෝහජ පරිලාහය කියලා? මෝහයෙන් දැවෙනවා කියන්නේ ඕකයි.

එතකොට ඒ මෝහයෙන් දැවිලා ඉතින් ඊට පස්සේ අපිට පේනවා, ද්වේෂයෙන් දැවෙනවා කියන එක නේ ද. ඉතින් අපිට ලස්සනට පෙන්නනවා අර මෝහජ පරිලාහ, ඒකෙන් අපිට ඇති වෙනවා අර වය සංඛත ලක්ඛණය කියන එක, මෝහයෙන් දැවිලා ඒක නේ තියෙන්නේ? ඉතින් ඒක වෙන්නෙ නැත්නම්. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවයට පිහිට හොයන්නේ නැත්තම් මේ කතාව, එතනින් ඉවර කරගන්න පුළුවන් කියන එක.

බොහෝ ම strong භාවනාවක්, පුදුමාකාර විදිහට ඇති වෙනවා. මේ මුළු ප්‍රදේශය ම පේනවා මේකේ ඇති වන්නා වූ ආලෝක ස්වභාවය කියන එකෙන් ගත්තහම.

ඒක තමයි මං කරපු භාවනාව.