ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ ආරද්ධ විරිය. ආරද්ධ විරිය ඇති අයකු දස කුසලය සහිතව ජීවත් වන්නේ නම් ඔහුට නිර්වාණය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ, උපකාර වන්නා වූ, ධර්මයෝ කවරහු ද? යම් ආරද්ධ විරියක් වේ ද, එමගින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කරන බව අපි දනිමු. එසේ නම් අලෝභ, අදෝෂ, අමෝහ පාරවල් තුනේ ගමන් කරන්නේ, පවතින්නා වූ සීලය ම නැවත සනාථ කරන්නේ, ඉතා පහසුවෙන් සම්මා සතිය කරා එළඹීම සිදු වෙතත්, සමුදය අස්තංගමය මනා කොට නොදන්නේ නම් එම සතියේ පැවතීමක් නොවන්නේ ය.
එසේ නම් සම්මා දිට්ඨියෙන් ඇති වූ ප්‍රඥාව සම්මා සතිය තුළට කිඳා බැස තිබිය යුතු ය. ඉතින් මේ වෙලාවට සිහි කරන්න ඕන බෝසතාණන් වහන්සේ කෙනෙක් වාගේ කෙනෙක්ගේ තියෙන්නා වූ දස කුසලය. මොකක්වත් මගේ කියලා ගන්නේ නෑ. පාණාතිපාතයක්, අදත්තාදානයක් නෑ. එතකොට අන්න ඒ වාගෙ කෙනෙක්ගේ ඒ සීලය සහගතව ඒ ඇති වෙලා තිබෙන සතිය සිහි කරනකොට ම සති ඉන්ද්‍රිය, ඒ වගේ ම ප්‍රඥා ඉන්ද්‍රිය, මෙතන සම්මා දිට්ඨියේ ප්‍රඥාව තියෙනවා නේ, ඒ දෙක ඒ විදිහට ම තමන්ට තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් සිහි කරනකොට හරියට නිකම් මේ බුද්ධ කාලේ ජීවත් වුණා වූ විදිහටයි කියන එක කල්පනා කළා ම, ඇත්තෙන් ම මට නම් බුද්ධ කාලෙත් පෙනුණා. ඒ බුදුහාමුදුරුවෝ සහිත ඒ ප්‍රදේශවල ඒවා හිටන් පේන්න ගත්තා. ඒ තරම් සතියක් ඇති වෙනවා ඒ විදිහට හිතන්න ගත්තොත්.
ඊට පස්සේ පෙන්නනවා, යම් සම්මා සතියක් වේ ද, එමගින් කාම ආශ්‍රවයෝ පහ කරනු ලබන බව, සබ්බාසව සූත්‍ර භාවනාවෙදි අර star එක මගින් ඉගෙන ගත්තා. ඒකේ අපි දන්නවා සති, ප්‍රඥා, සමාධි. එතකොට වම් පැත්තට කාම ආශ්‍රවය, දිට්ඨි ආශ්‍රව, ඊට පස්සේ අවිද්‍යා ආශ්‍රව කියලා ඒ triangle එක එනවා. ඒකට හේතුව වෙන්නේ සඤ්ඤා ජරා, වේදනා ජරා, සංස්කාර ජරා වශයෙන් වටහා ගන්නේ, සංස්කාර මගින් විඤ්ඤාණය පැවැතීම කළ නොහැකි බව දැන ගැනීම. පාණාතිපාතය කරලා ජීවත් වෙලා ඉන්න බෑ, අදත්තාදානයෙන් ඉන්න බෑ, ආදී වශයෙන් ඒක තේරුම් ගන්නවා.
එහෙම නම්, අපි ඔතනදි ඉගෙන ගත්තා අර bell shaped curve එකේ, A කියන point එක නොසාදනවා කියලා. A point එක පළවෙනි රවුමට ඇතුළත් වන්නේ, සුභ යැයි නොගනී. සුභ නොවන්නේ සුඛ නොවන්නේ ය. එසේ නම් කාම ආශ්‍රව සහ කාම ආශ්‍රව යන පසු සඤ්ඤාවක් ඇති වන්නේ නෑ. එසේ වන්නේ නම් කාම ආශ්‍රවයේ පිහිට සොයන්නේ ද, නොසොයන්නේ ද යන ප්‍රශ්නය පැන නැගිය හැකි ය, මේ තත්වයට මනස ආවහම. ඒ පිහිට නොසොයන අවස්ථාවක් ඇත. සොයන අවස්ථා ද ඇත. ඒක නොසොයන අවස්ථාව අපි හොඳින් දනිමු. ඒ අවිද්‍යා ආශ්‍රව නොවන අවස්ථාවක් පමණි. එනම් සම්මා ඥාන ඇත්තේ, සංස්කාර නිසා වන අත්තා සහ සඤ්ඤා නිසා වන අත්තා ඉවත් කර ඇති ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. දැන් තියෙන්නේ අර කාම ආශ්‍රවයෙන් ගිහිල්ලා රූපයට යන්න නේ. දැන් මෙතන මේ සතිය තියෙනවා නම්, ඒ වැඩේ කරන්නේ නෑ.
එතකොට පිහිට සොයන අවස්ථාව කුමක් ද? දැන් ඔය කියන අවස්ථාවෙදි නම් මගේ කෙළින් ම, ඔය නොසොයන අවස්ථාවෙදි ඒ චෙතො විමුක්තියයි, ප්‍රඥා විමුක්තියයි, ඒ දෙක ම හොඳ ලස්සනට ඇති වෙලා තිබුණා ඔය අවස්ථාවේ දී. ඒ සතියත් එක්ක එන්නා වූ ඒ ස්වභාවය. පිහිට සොයන අවස්ථාව කුමක් ද? සීලය ඇති නිසා සංස්කාර නිසා අත්තා වීම බැස ගොස් ඇති වුවත්, සමාපත්ති ඥානයන් නිසා ඇති වූ ආස්වාද සහගත ස්වභාවය තවමත් සිතේ සටහන් වී ඇත්තේ නම් රාග අනුසය මගින්, සුඛය යන මතය ඇති කරන්නේ කාම ආශ්‍රව වන්නේ ය. ඡන්ද සමාධිය මගින් මේක පහ කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වෙලාවේදි අර අනාශ්‍රව වෙලා, ඒ නිරෝධය කරා ගමන් කිරීම කියන එක එහෙම සිද්ධ වෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. බොහෝ ම හොඳ භාවනාවක්. ඒ කියන්නේ සතිය පුදුමාකාර විදිහට පවතිනවා. සතිය නිසා අර අතීත දේවල් හිටන් සිහි කරනවා කියන එක නිකම්ම සිද්ධ වෙනවා කියන එක තියෙනවා.
ඒක තමයි කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්