ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, යමෙක් පරාමාසකායගන්ථය තුළ කිඳා බැස ඇති ධර්මයන්, පහ කිරීම සඳහා මෙත්තා චෙතො විමුක්තියට පැමිණිය අයකු කුමක් කළ යුතු ද යන්නයි. යම් පරාමාසයක් වේ ද, එය තුළ අත්තා යන ධර්මයෝ දැඩි ලෙස කිඳා බැස ඇත්තාහ. මෙය මමංකාර සහ අහංකාර අත්තා වශයෙන් අපි සලකලා බලලා තියෙනවා. මෙහි යම් තීව්රතාවයක් වේ ද, එය සිදු වී ඇත්තේ රාග අනුසය මගින් අත්තා යන සංකල්පය සනාථ කරන නිසා ය. එය කෙසේ කරන්නේ ද? යම් අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවය දක්වා ගමන් කිරීමක් ඇති ද, මෙය මගින් අවිද්‍යා අනුසයේ සිට රාග අනුසය දක්වා යෑම සිදු වෙනවා. ඒ කියන්නේ අර cone එක වගේ යට, වතුර යටින් එනවා නම් ඉතින් උඩත්, අපි දන්නවා නේ දැන් දිට්ඨි අනුසය අවිද්‍යා අනුසය ඔය විදිහට රාග අනුසය ඒ විදිහට එනවා කියන එක.
එතකොට අවිද්‍යා ආශ්‍රව තුළ අත්තා යන සංකල්පයේ පසු සඤ්ඤා අගයෝ සහ නිත්‍ය යන සංකල්ප අගයෝ මිශ්‍රව පවතී. අවිද්‍යා ආශ්‍රව කියලා කියන්නේ අත්තා කියන එකේ පසු සඤ්ඤාව. ඒ වගේ ම අවිද්‍යා යෝගයේ ඉඳන් අපිට එනවා ඒ නිත්‍ය කතාව. එම බලපෑම රාග අනුසය දක්වා ඒම සිදු වන්නේ නම්, ලෝභ ධර්මයන් මගින් ඒවාට ම ඇලීම සිදු වන්නේ දළපැරකුම් මගින් ඉවතලන ලද තණ්හා අගයන් නැවත පැමිණීම, ගැලීම, බැස ගැනීම සිදු වේ. එසේ නම් රාග අනුසය පහ කිරීමට තුන් ධර්මයක් භාවිතා කළ යුතුයි.
පළවෙනි එකට නිත්‍යභාවය පහ කිරීම. දෙවනුවට අත්තභාවය පහ කිරීම. තුන් වෙනුවට දුක්ඛභාවය මනා කොට දැන, සුඛ වශයෙන් වරදවා වටහා ගත්තා වූ දේ පහ කිරීම මගින්, කාම ආශ්‍රවයන්ගේ පිහිට නොසෙවීම මගින්, සමාපත්ති ධර්මයන්ට ඇලීම පවා පහ කරනවා. මේ විදිහට මේ තුන් ධර්මයන් අයින් කළහම, රාග අනුසය පහ වන්නේ පරාමාසය පිරිසිදු වන්නේ, නිර්වාණය සාක්ෂාත් කළ හැකියි.
ඉතින් මේක මෙත්තා චෙතො විමුක්තියට ගිහිල්ලා තමයි, තමන් මේ භාවනාව කරන්න ඕන. ඉතින් ඒක මතක නේ අපි මෙත්තා චෙතො විමුක්තිය කලින් කරා. ඒකේ පෙන්නුවා අපි අර අධිචිත්ත ශික්ෂාව, ඒකේ මෙත්තා අප්‍රමාණය තියෙනවා, ඊට පස්සේ අපි ඉගෙන ගත්තා අර නෙක්ඛම්ම විතක්කය කියන එක. නෙක්ඛම්ම විතක්කයෙන් අපි අර මෝහය නිසා ඇති වෙන්නා වූ ලෝභ කොටස එහෙම අයින් කරලා ඊට පස්සේ අර සමාපත්ති ධර්මයන්ගෙන්, ඒ කියන්නේ නෙක්ඛම්ම පවිචාර වෙනකොට සමාපත්ති ධර්මයන් කියන ඒවා අපි පහ කරනවා. වෙන් කරන්නේ නෑ, බල්ලත් එකයි තව පුද්ගලයෙකුත් එකයි. දෙන්නම මිය යනවා කියන අනිත්‍ය ස්වභාවය කියන එක දන්නවා නම් අපි ඒක අයින් කරනවා කියන එක.
ඉතින් මේ භාවනාව ඊයේ භාවනාවත් එක්ක ඒ සම්බන්ධ වෙනවා. ඊයේ වගේ ම අර සතිය ඇති වෙලා ආලෝකමත් වෙලා ඒවා දකින එක තියෙනවා. මොකද මේ තුන් වෙනියට කිව්ව කාරණාව, දුක්ඛභාවය මනා කොට දැන සුඛ වශයෙන් වරදවා වටහා ගත්තා වූ දේ පහ කිරීම අර සතිය මගින් දැනගන්නවා නේ. අර ඇති කරන්නේ මොකක් ද? දුක්ඛයක් කියන එක, අන්න ඒක touch වෙනවා. ඒක නිසා බොහොම හොඳට පිරිසිදුවට ඒ සතියෙන් දැනගන්න පුළුවන්කම කියන එක තියෙනවා. අතීත භවයන්වල ඒවා හිටන් ඒ බලන්න පුළුවන්.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.