ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, මුදිතා චෙතො විමුක්තියට අනතුරුව, උපෙක්ඛා චෙතො විමුක්තිය ඇති කරගැනීම සඳහා කුමක් කළ යුතු ද යන්නයි. යම් මුදිතා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ ඇති කාරණා තුනක්. පළවෙනි කාරණාව, අරූප ධ්‍යානයේ නොඇලීම. ඒ කියන්නේ සමාපත්තීන්ගේ ඇලීම පහ කිරීම. දෙවෙනි කාරණය, අදෝෂ වීම, අව්‍යාපාද විතක්කය. තුන් වෙනි කාරණය, අරි අට මඟෙහි බැස ගැනීම, පග්ගහ නිමිත්ත.
එතකොට ඒ යන ගුණයන්ගෙන්, කුමන ගුණයක් මනා කොට දියුණු කරන්නේ නම් උපෙක්ඛා චෙතො විමුක්තියට පාද වන්නේ ද? යම් උපෙක්ඛා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ ඇත්තා වූ, පළවෙනි කාරණය උපෙක්ඛා නිමිත්ත, දෙවෙනි කාරණය අව්‍යාපාද විතක්කය, තුන් වෙනි කාරණය පග්ගහ නිමිත්ත යන තුන් ධර්මයන්ගෙන් දෙදෙනෙක්, ඒ කියන්නේ අව්‍යාපාද විතක්කයයි, පග්ගහ නිමිත්තයි කියන දෙක, මුදිතා චෙතො විමුක්තියට සාධාරණ වන අතර, උපෙක්ඛා නිමිත්ත අව්‍යාපාද විතක්කය හරහා මුදිතා චෙතො විමුක්තියට සාධාරණ වන්නේ ය.
එසේ වුව ද, මෙම ධර්මයන් අතර සියුම් වූ වෙනස්කම් ඇත්තේ ය. එය කුමක් ද? චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස ගැනීම උපෙක්ඛා චෙතො විමුක්තියට සාධාරණ වුව ද, මුදිතා චෙතො විමුක්තියට අරි අට මඟ ප්‍රමාණවත් වන්නේ ය. එසේ නම් මනා කොට ප්‍රගුණ නොකරන ලද, නිර්වාණයට හිතකර වූ, තුන් වෙනි සත්‍ය මනා කොට වැඩීම මගින් උපෙක්ඛා චෙතො විමුක්තිය සැපිරිලිය හැකි වන්නේ ය. ඒක සම්පූර්ණ කරන්න පුළුවන් මේ විදිහට. එනමුදු මුදිතා චෙතො විමුක්තිය තුළ දළපැරකුම් ඇති බව අමතක නොකළ යුතුයි. එය මගින් ඉවත් කරන ලද තණ්හාව නැවත නොගැනීම අඩංගුයි.
ඉතින් අපි ඕක ඉගෙන ගත්තා, අර පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන රේඛාව, ඒක clockwise භ්‍රමණය වුණොත් අර සමථ නිමිත්ත භාවිතා කරලා ඒක අයින් කරගන්න ඕනයි කියලා. එතකොට මෙම රේඛාවේ කැරකැවීම නොවීමෙන් මුදිතා චෙතො විමුක්තිය රඳා පවතිනවා. එසේ නම් මේකේ වෙනස මොකක් ද? මෙම රේඛාව භ්‍රමණය වන්නේ නම් මුදිතා චෙතො විමුක්තියට සමථ නිමිත්ත භාවිතා කර, අමෝහය මෙනෙහි කර මුදිතා චෙතො විමුක්තිය පැවැත්විය යුතු වන අතර, උපෙක්ඛා චෙතො විමුක්තිය අධිචිත්ත ශික්ෂාව මනා කොට ප්‍රගුණ කර ඇති නිසා එසේ කිරීම අවශ්‍ය නොවේ.
ඉතින් අපි ඕකේ ඉගෙන ගත්තා, අඤ්ඤාතාවින්ද්‍රිය ඒ කියන්නේ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය. ඒකේ අර කාරණයක් ඉගෙන ගත්තා නේ. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ අධිචිත්ත ශික්ෂාව කියන එක. එතකොට එහෙම නම් විඤ්ඤාණ ධාරාව සමථ නිමිත්ත කරා නොදිවීම මගින් ම මුදිතා චෙතො විමුක්තියෙන් අනතුරුව උපෙක්ඛා චෙතො විමුක්තිය පැවැත්විය හැකි ය. එනම් නැවත ඉපදීම නොවන්නේ නම් සුඛ බව අර දුක්ඛ table එකේ මනා කොට අවබෝධ වීම උපෙක්ඛා චෙතො විමුක්තියට ම සාධාරණ වන්නේ ය. මෙය වරක් පහ කර ඇති සතුටත් එම ධර්මය ම සැමදා පහ කර ඇති සතුටත් අතර ඇති වෙනස මෙනි.
රාග අනුසය නැසීමට සාධාරණ වූ කාරණය උපෙක්ඛා චෙතො විමුක්තිය තුළ අඩංගු ය. එනම් නැවත ඉපදීම නොවන්නේ නම් සුඛ බව කියන එක අඩංගු වෙනවා. එතකොට මේ භාවනාවේ කෙනෙක් තේරුම් ගන්න ඕන අර අධිචිත්ත ශික්ෂාව කිව්වහම එතෙන්දි, උපෙක්ඛා චෙතො විමුක්තිය අවස්ථාවේ දී අර හතර වෙනි එක තමයි හැම එකේ ම තියෙන්නේ. චතුත්ථධ්‍යානය ඇවිල්ලා තියෙනවා එක පැත්තකින්. අනෙක් අතට ඇවිල්ලා තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛාවෙන් උපෙක්ඛාව. ඊළඟට අරිය විහාරයෙන් ගත්තොතින්, එතනින් තමන්ට තියෙන්න ඕන හතර වෙනි ඵලය. ඊළඟට ආනෙඤ්ජ විහාරයෙන් ගත්තොතින්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. අන්න ඒ දක්වා යන්න පුළුවන් ඒ දක්ෂතාවයන් ඔක්කොම එතන තියෙන්න ඕන. ඒක එක කාරණාවක්.
අනිත් අතට කල්පනා කරන්න, අපි දැන් දන්නවා ඔරලෝසු කටුවේ දැන් උඩ තියෙනවා 12, යට තියෙනවා 6. එතකොට ඕක අපිට රේඛාවක් තියෙනවා නේ, මුදිතා කතාවෙදි අපිට පේනවා ඕක 45°ක් කැරකිලා තිබෙන්නා වූ එක තියෙන්නේ. මොකද අතන පග්ගහ නිමිත්තේ ඉඳන් අව්‍යාපාද විතක්කය හරහා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන තැනට ඇවිල්ලා තියෙනවා.
ඊළඟට ගත්තහම, උපෙක්ඛා කතාවෙදි උපෙක්ඛා චෙතො විමුක්තියෙදි ඒක 12 කටුවට ඇවිල්ලා නෑ. ඒක තියෙන්නේ 45°ක් behind. එතකොට ඒක තියෙන්නේ, ඒ විදිහට බැලුවොතින් ඕකේ යට කෙළවර තමයි බලන්න ඕන. යට කෙළවර බලනකොට අපිට පේනවා අර මුදිතා චෙතො විමුක්තිය අර රාග අනුසය කියන පාරට ඇවිල්ලා. ඇවිල්ලා, මං යන්නේ නෑ කියන එකයි මුදිතා චෙතො විමුක්තියේ තියෙන්නේ. උපෙක්ඛා චෙතො විමුක්තිය එච්චර දුර ගිහිල්ලා නෑ. එයා ඊට ඉස්සර වෙලා, ඒකේ යට කෙළවර නතර වෙලා තියෙන්නේ. එයා නතර වෙලා තියෙන්නේ, ඒ කියන්නේ අර දුක්ඛ table එකේ අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා ද? අන්න ඒ කෙළවරේ ඒ හරියේ ම එයා නවත්තලා තියෙන්නේ. එයා අච්චර දුර ගිහිල්ලා නෑ. එතකොට අන්න ඒ වෙනස හොඳට තේරෙනවා.
ඉතින් අර ඒ විමුක්තීන්ට යන්න පුළුවන් කියන හැකියාව කෙනෙකුට තියෙන්න ඕන. ඉතින් ඒ විදිහට ම තමන්ගේ අර අපි පැහැදිලි කරා නේ ඔය වෙනස තමන්ට කයෙන් හිටන් දැනෙන හැටි. ඉතින් ඒ විදිහට ම තමන්ට දැනෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.