ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, අප්පණිහිත චෙතො විමුක්තිය ඇති අයෙකු සර්ව සාධාරණ වූ බුදු දහම කෙසේ බබලවන්නේ ද යන්නයි. යම් අප්පණිහිත චෙතො විමුක්තියක් වේ ද එය තුළ දුක්ඛය බව මනා කොට අවබෝධ වී ඇත්තේ ක්ලේශයන්ගේ ප්‍රහාණයට සුදුසු වන බැවින් බුදු දහම බැබල වීම එමගින් සිදු වන්නේ ය. කෙසේ ද?
පළවෙනි කාරණයට අපිට පේනවා ඔහු තුළ කරුණාව ඇත, ඊර්ෂ්‍යාව නැත, ද්වේෂය නැත. දෙවෙනියට පේනවා අප්පණිහිත චෙතො විමුක්තිය තුළ සංස්කාර විෂයයෙහි ප්‍රවීණතා ඇත. එම කුසලයන් භාවිතා කරන්නේ සංස්කාර ඉවතලන්නේ මාන නොවේ. අන් අයෙකුට ද මාන පහ වීම සඳහා උදාහරණ වන්නේ, බුදු දහම බබලයි. තුන් වෙනි කාරණයට පෙන්නනවා, විමුක්තීන් අතුරින් ඉහළ ම වූ විමුක්තිය ඇත්තේ අන් අයට ලොව මෙසේ දක්ෂ වූ අය ඇති යැයි සිතා බුදු දහම බබලනවා. හතර වෙනි කාරණයට පෙන්නනවා නිර්වාණයෙන් තොරව අන් කිසිවක් නොගන්නේ බුදු දහම බබලනවා කියලා.
ඉතින් මේ භාවනාව කෙනෙක් කරන්න ඕන, අර සතර ආහාර දුක්ඛයේ අපි දන්නව නේ, දෙක දෙක බලාගෙන ගිහින්, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ චතුත්ථධ්‍යානයට යන හැටි, අපි පෙන්නනවා නේ එතන අප්‍රමාණයට එනවා කියලා උපෙක්ඛාවෙන්. ඒ මරණයයි පරිදේවයයි එතැනට ඇවිල්ලා ඉවර වෙලා. අර ඒකෙදි අපි චූළසුඤ්ඤත එකේ එහෙම පැහැදිලි කරන්නේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්, ඒක අර විදිහට ම එන්න ඕන. ඉතින් ආවයින් පස්සේ අප්පණිහිත චෙතො විමුක්තියට ඒ විදිහට ම එනවා.
ඉතින් ඕකේ හරියට ම පේනවා, දුක්ඛය කියන එක ප්‍රියේහි විප්පයොගය තුළ තියෙනවා. එතකොට මේ මනුස්සයා උපායාසයට යනවා. අන්න ඒ point එකේදි තමයි ඕක ඇති වෙන්නේ හරියට ම. ඒක ඒ විදිහට වෙලා, ඒ අප්පණිහිත චෙතො විමුක්තියට ගිහිල්ලා, ඉතින් මේ කාරණා කල්පනා කරනකොට තමන්ට මේක වැටහෙනවා. දැන් ඉතින් දුකයි කියලා දන්නවා නම්, අපි මේ සිත පිහිටවලා තියෙන්නෙ සැපයි කියලා හිතාගෙන දුකේ ම නේ. ඉතින් එහෙම නම් අර දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ විදිහට ම, අර එතැන වේදනානුපස්සනාවත් එක්ක සිදු වෙන කාරණාව. ඉතින් ඔය විදිහට ගිහිල්ලා කරුණාව ඒ විදිහට තියෙනවා කියන එක පේනවා.
ඉතින් මෙහෙම බලලා ඉවර වෙලා, ඒ කාරණා හතර මම මෙනෙහි කරලා, ඊට පස්සේ දැන් අපි උපෙක්ඛා අප්‍රමාණයට එන හැටි එහෙම ගත්ත නේ, උපෙක්ඛා චෙතො විමුක්තිය. එතකොට ඒ කාරණාවලින් අපි දන්නවා, අවිද්‍යා ආශ්‍රවය ඉඳන් කාම ආශ්‍රව නැති කළාට පස්සෙ, කාම ආශ්‍රවය පිහිට හොයන්න යන්නේ නෑ, අර සුඛයි කියලා දැන් මෙයා දන්නවා දුකයි කියලා. ඒක නිසා පිහිට හොයන්න යන්නේ නැහැ. එහෙම නම් කෙනෙකුට පේනවා හොඳට ම අර භය අගතියෙන් දකුණු පැත්තට පල්ලෙහාට ගත්තහම අපිට එනවා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය, අත්ත කතාව ඕක නේ තියෙන්නෙ. ඉතින් එතන ඉඳන් අපි යන්න හදන්නේ ප්‍රියේහි විප්පයොගය කියන එකට. දෙපැත්තට යන්නෙ. එතකොට ඔය යෑම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නම් මෝහයෙන් ද්වේෂයට යන්නේ නැහැ කියන එක, ඒක හොඳට පේනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.