ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ අප්පණිහිත චෙතො විමුක්තිය, ඕලාරික වූ ධර්මයන් පහ කරන්නේ කෙසේ ද කියන එකයි. ඕලාරික ධර්මයන් පස් දෙනෙක්.
ඕලාරික වූ රූප, ඕලාරික වූ වේදනා, ඕලාරික වූ සඤ්ඤා, ඕලාරික වූ සංස්කාර, ඕලාරික වූ විඤ්ඤාණ. යම් ඕලාරික වූ රූපයක් වේ ද එය ඇස, කන, නාසය, දිව, ශරීරය හා සම්බන්ධ වන්නේ ය. එම ආයතන නිසා වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවත් ඕලාරික වෙනවා. මෙම දස ආකාර වූ ධර්මයන්ගෙන් යමෙක් මිදෙන්නේ නම් ඕලාරික වූ ධර්මයන්ගෙන් මිදුණා යැයි පවසනවා. අප්පණිහිත චෙතො විමුක්තිය එම ධර්මයන් ඉතා පහසුවෙන් පහ කරන්නේ ඔහු තුළ කරුණාව ඇති නිසා ය. මෙම ධර්මයන්ගෙන් ඇති වන්නේ, මතු වන්නේ දුක බව දන්නා නිසා ය. අප්පණිහිත චෙතො විමුක්තියේ අපි දන්නවා නේ දුක්ඛය කියන එක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැකලා එතකොට අර කරුණාව තියෙනවා, මේවා එකක්වත් ගන්නේ නෑ. ඒක නිසා එතන ම හිත නතර වෙනවා මේ භාවනාව කරනකොට.
දෙවෙනියට අකුසල වේදනා, කුසලාකුසල වේදනා, දුක්ඛ වේදනා, සුඛ දුක වේදනා, සමාපත්ති නොවූ වේදනා, ආශ්‍රව සහිත වේදනා, මේවා ඕලාරිකයි. හය කාරණයක් කිව්වා. අප්පණිහිත චෙතො විමුක්තිය ඇත්තේ ඉහත සියලු වේදනා පහ කරනවා. අප්පණිහිත චෙතො විමුක්තිය තුළ උපෙක්ඛා චෙතො විමුක්තිය ද අඩංගු බව අමතක නොකළ යුතුයි. ඒ නිසා ආශ්‍රව සහිත වේදනා ද නැත. ඉතින් ඔය අවස්ථාවෙදි කෙනෙකුට පේනවා නම්, අපි අප්පණිහිත චෙතො විමුක්තියට ආවේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලලා. එතකොට ප්‍රතිලෝම වශයෙන් බැලුවා කිව්වා ම, කෙනෙකුට කල්පනා වෙන්න ඕනෑ මේ දුක්ඛ table කියන එක අපි හැදුවේ කොහොම ද? අර සඤ්ඤාවක් නිත්‍යයි කියලා අරෙක වැදිලා, අනිත් පැත්තට reverse වෙලා ඇවිල්ලා නේ ද? ඉතින් ඔහොම නේ ආවේ අර 8.2 දක්වා ආවේ. ඕක කෙනෙකුට සිහි වුණා නම්, මේකේ තියෙන්නෙත් ඒක ම නේ. අනිත් පැත්තට reverse වෙලා නේ, ප්‍රතිලෝම වශයෙන් බැලුවා කියන එක. ඉතින් ඒක බලපු ගමන් එතනින් ම සිත නතර වෙනවා. මෙතනින් පස්සේ භාවනාව කරන්න බොහොම අමාරුයි. පුදුමාකාර භාවනාවක් මේක. විමසා ගන්න බැරි වෙනවා. එහෙම ම සිත නතර වෙනවා. බොහොම ප්‍රභාස්වර වෙනවා.
එතකොට ඊළඟට පෙන්නනවා, පටිඝසම්‌ඵස්‌සජා සඤ්ඤා ඕලාරිකයි. අකුසල සඤ්ඤා ඕලාරිකයි. කුසලාකුසල සඤ්ඤා ඕලාරිකයි. දුක්ඛාය වේදනා සම්ප්‍රයුක්ත සඤ්ඤා ඕලාරිකයි. සුඛ දුක්ඛානු වේදනානු සම්ප්‍රයුක්ත සඤ්ඤා ඕලාරිකයි. අසමාපනස්ස සඤ්ඤා ඕලාරිකයි, සමාපන්න චිත්තයක් නැත්නම්. සාස්‍රව සඤ්ඤා ඕලාරිකයි. ඔය අසමාපනස්ස කියන්නේ, දැන් සමාපත්තියක් නැහැයි කියලා කියන්නේ සිත කොහේ හරි ගිහිල්ලා නේ. එතකොට ඒ නිවනින් පිටතට ගිහිල්ලා නේ ද? එතකොට ඒවා ඕලාරිකයි. එතකොට මේ සියලු ඕලාරික සඤ්ඤා අප්පණිහිත චෙතො විමුක්තිය ඇති අයකුට නැත.
අකුසලා සඞ්‌ඛාර ඕලාරිකයි. කුසලාකුසල සඞ්‌ඛාර ඕලාරිකයි. දුක්ඛාය වෙදනාය සම්ප්‍රයුක්ත සඞ්‌ඛාර ඕලාරිකයි. සුඛ දුක්ඛාහි වේදනාහි සම්ප්‍රයුක්ත සඞ්‌ඛාර ඕලාරිකයි. අසමාපනස්ස සඞ්‌ඛාර ඕලාරිකයි. සාස්‍රව සඞ්‌ඛාර ඕලාරිකයි. එතකොට මේ සියලු ඕලාරික සංඛාරයන් අප්පණිහිත චෙතො විමුක්තිය ඇති අයකුට නැත.
ඊළඟට අකුසල විඤ්ඤාණං ඕලාරිකයි, කුසල අකුසලා විඤ්ඤාණං ඕලාරිකයි. කුසලයි අකුසලයි දෙක ම. දුක්ඛාය වෙදනාය සම්ප්‍රයුක්ත විඤ්ඤාණං ඕලාරිකයි. සුඛ දුක්ඛාහි වේදනාහි සම්ප්‍රයුක්ත විඤ්ඤාණං ඕලාරිකයි. අසමාපනස්ස විඤ්ඤාණං ඕලාරිකයි. ආශ්‍රව සහිත විඤ්ඤාණං ඕලාරිකයි. එතකොට මේ සියලු ඕලාරික වූ විඤ්ඤාණයන් අප්පණිහිත චෙතො විමුක්තිය ඇති අයෙකුට නැත.
මෙසේ ඕලාරික වූ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ගෙන් වෙන් වන්නේ දුක්ඛ table එකේ සඳහන් කළ අයුරින් සුඛුම වූ ධර්මයන් ද පහ කරන්නේ, නිර්වාණය ම සාක්ෂාත් කරන්නේ ය. එනමුදු එක් ධර්මයක් පමණක් ඉතිරි විය හැකි ය. ඒ නිවනට ආසන්න වූ, මෘදු වූ, අනාශ්‍රව වූ විඤ්ඤාණයයි.
ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේක කරන්න නම් අර දුක්ඛ table එක හැදිච්ච හැටි ඒ මනුස්සයා දැනගෙන ඉන්න ඕන. එතකොට අපිට පේනවා හොඳ ලස්සනට මේ අප්පණිහිත චෙතො විමුක්තියෙත් වෙලා තියෙන්නේ ඔය දේ ම තමයි. ප්‍රතිලෝම වශයෙන් බලලා. ගිහිල්ලා අර මැරිලා අනිත් පැත්තට එනවා. විඤ්ඤාණ ධාරාව reverse වෙලා නේ එන්නේ. මේ භාවනාවේ පළවෙනි වෙනි රූප කතාවෙන් ම වේදනාවට ආවට පස්සේ අරක දැක්ක ගමන් ම භාවනාව කරන්න බෑ.
ඒක තමයි මං කරපු භාවනාව.
ඒ කියන්නේ ඔය ඕලාරික කියන දේවල්, ඒක පෙන්නලා තියෙනවා විභංගයේ, අභිධම්ම පිටකයේ. එතකොට ඒකේ පෙන්නනවා දැන් උපෙක්ඛාව සහගතව තියෙන ඒවා, ඒක ඕලාරික වෙන්නේ නෑ, ඒ වේදනාවන් එහෙම. අනාශ්‍රව චිත්තයක තිබෙන එක ඕලාරික නැහැ. ඒක සුඛුමා. එතකොට ඊළඟට සමාපන්න නම්, සමාපත්තියක් තියෙනවා නම් ඒක ඕලාරික නෑ, ඒක සුඛුමා. ඉතින් ඒක අර අවබෝධය තියෙන්න ඕන. අපි ඔය සුඛුමා කියන එක සාකච්ඡා කළා නේ කලින්.