ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි සිහි කළේ, සතර ඉද්ධිපාද ධර්මයන්. ඊයේ special වැඩසටහනේ දී ඉද්ධි diagram එකට සිත යොමු කළා. ඒකේ ඕගොල්ලෝ දන්නවා අර විරියෙන් ඡන්දය, ඡන්දයෙන් චිත්තය, චිත්තයෙන් විමංසාව, විමංසාවෙන් විරිය, විරියෙන් ආපහු ඡන්දය. ඉතින් ඕකේ තව line එකක් පේනවා නේ ද අර විරියෙ ඉඳන් චිත්තය දක්වා එන්නා වූ එක? එතකොට, ඒ කියන්නේ පළවෙනි විරියේ ඉඳන් චිත්තයට තියෙන එක, විරිය ඉද්ධිපාද ස්වභාවය නෙවේ. එතකොට අන්න එතෙන්දි පළවෙනි විරිය කියලා අපි කියන්නේ. ඒ විරිය මගින් චිත්ත ඉද්ධිපාදය හෝ එහෙම නැත්නම් චිත්තය මගින් විරිය ඉද්ධිපාදය ඇති විය හැකි අවස්ථා හතරක් තියෙනවා. ඒ අවස්ථා හතර මොකක් ද?
පළවෙනි කාරණාව තමයි ඕලාරික වූ රූප පහ කර ඇති අවස්ථාව එකක්. දෙවෙනි එක තමයි ඕලාරික වූ වේදනා පහ කර ඇති අවස්ථාව තව එකක්. ඕලාරික වූ සඤ්ඤා පහ කර ඇති අවස්ථාව තව එකක්. ඕලාරික වූ සංස්කාර පහ කර ඇති අවස්ථාව තව එකක්.
යමෙක් ඕලාරික වූ රූප පහ කර ඇති අවස්ථාවක දී, එම රූපයන් මනා කොට පහ කර ඇත්තේ, සුඛුම වූ රූපයන් පමණක් ඉතිරිව ඇත්තේ, එනම් ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, ආකාස ධාතු වැනි සුඛුම වූ රූපයන් විෂයයෙහි යම් නොබැස ගැනීමක් වේ ද, එමගින් ඇති වන්නේ දුක බව මනා කොට දන්නේ, ඒ කියන්නේ අපි බැස ගත්තොත්, වෙන්නේ දුකයි කියලා දන්නේ, සුභ විමුක්තියක් වේ ද, එය චිත්ත ඉද්ධිපාදයට ප්‍රමාණ වන්නේ ය. මෙය කළ හැක්කේ කෙසේ ද? ඕලාරික රූප පහ කරන ලද්දේ සංස්කාරයන් ඉවතලන්නේ නම් පමණක්, ඒ සුඛුම රූප පහ කළ හැකියි. ඕලාරික රූප පහ කළාට පස්සේ සංස්කාරයන් ඉවත් කළොත් විතරයි අපිට සුඛුම රූප අයින් කරන්න පුළුවන්. සංස්කාරයන් පහ කරන්නේ ඡන්ද සමාධිය මගිනි.
සංස්කාරයන් නිත්‍ය නොවන බැවින් ඒවා ඉවත් කරන බව අපි 15/05/2015 ආශ්චර්ය අද්භූත ධර්ම භාවනාවෙදි ඉගෙන ගත්තා. එහෙම නම් විරිය සමාධි සහ ඡන්ද සමාධි යන දෙපැත්තකින් පැමිණෙන්නේ නම්, චිත්ත ඉද්ධිපාදය ඇති වෙනවා. එතකොට ඒ diagram එකේ අපිට පේනවා විරියෙන් චිත්තයට එනවා, පහළින් ඡන්දයෙන් චිත්තයට එනවා. අන්න ඒ දෙක.
ඊළඟට දෙවෙනි කාරණයට පෙන්වන්න පුළුවන්, ඕලාරික වේදනා පහ කරන්නේ සුඛුම වූ වේදනාවන් ඉවත් වෙනවා. සුඛුම වූ වේදනාවන් කියලා කිව්වා ම, ඔය කුසල අබ්‍යාකත වේදනා සුඛුමා, අබ්‍යාකත වේදනා සුඛුමා, සුඛා ච අදුක්ඛමසුඛා ච වේදනා සුඛුමා, අදුක්ඛම සුඛ වේදනා සුඛුමා, සමාපන්නස්ස වේදනා සුඛුමා, අනාශ්‍රව වේදනා සුඛුමා. එතකොට සුඛුම වූ වේදනාවන් කෙසේ පහ වන්නේ ද? මෙය ද ඡන්ද සමාධිය මගින් සංස්කාරයන් ඉවත් කිරීමෙන් අනතුරුව, විරිය සමාධිය මගින් ම පහ කරනු ලබයි. කෙසේ ද? ඕලාරික වූ රූප මගින් ඇති වෙන ඕලාරික වේදනා ද, සංස්කාර ඉවතලීමෙන් අනතුරුව වන සුඛුම වූ වේදනා ද, රූප සහ සංස්කාර විෂයයෙහි ලා ගත යුතු බැවිනි.
ඉතින් මෙතෙන්දිත් අපි අමතක කරන්න හොඳ නෑ, අර සුභ කියන විමුක්තිය ඇති ය කියලා. ඒක අනුවයි මේක යන්නේ. මේ විදිහට අපිට මේ සඤ්ඤා, සංස්කාරයෝ ද වටහා ගත යුතුයි. ඉතින් මේ භාවනාව කෙනෙක් කරන්න තියෙන්නේ කොහොම ද?
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා. ඉතින් ඒකේ මම නම් පටන් ගත්තේ සබ්බ සඞ්‌ඛාරෙ අනිත්‍ය සඤ්ඤාව, අට්ටීයති, හරායති, ජිගුච්ඡති. දැන් ඉතින් අසනීප වෙලා ඉන්න අය ඉන්නවා, ඉතින් ව්‍යාධියට පත් වෙලා ඉන්නේ. ඉතින් අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා ගත්තා, එතනින් ම පුදුමාකාර විදිහකට ගියා.
ඊට පස්සේ, අර ප්‍රථමධ්‍යානයේ ප්‍රීතිය කියන එක එහෙම ඇති වෙලා, ඊට පස්සේ කායානුපස්සනාව, කායානුපස්සනාවෙන් අපි එනවා අර දිබ්බ විහාරයට, ගොම් බෙට්ටේ ඉන්න පණුවා වගේ හිටියා කියන එක. මේ දුක, මේ මඩ ගොඩ, මේ ජරා ගොඩ, මේකෙන් එළියට පැනගන්න ඕන. ඉතින් ලෙඩ ම ගන්නකෝ නේ ද? දැන් මනුස්සයන්ගේ මේ අසනීප වෙලා තිබෙන මේ ස්වභාවය ම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ ව්‍යාධි සහගත ස්වභාවය, මේවායින් ගොඩ එන්න ඕන කියන එක නේ ද? එතකොට අර ගොම් බෙට්ටේ ඉන්න පණුවට ජාති, ජරා, ව්‍යාධි, මරණය කියන එක එතනින් ඒ විදිහට කල්පනා කරලා දුක්ඛ ආර්ය සත්‍යය, එතැනින් ආවා සච්චාධිට්ඨානයට. ඉතින් සච්චාධිට්ඨානයෙන් කිසිම ආකාරයකින් පවත්වන්න බෑ නේ. මේ ලෙඩ වෙනවා, මැරෙනවා කියන එක තියෙනවා. ඉතින් එතැනින් ගත්තා, ඡන්ද සමාධියට ආවා. ඒ ඡන්ද සමාධියෙන්, අර විදිහට මෙත්තාවෙන් වෙනසක් කරන්නේ නැතිව, ඒ මෙත්තා චෙතො විමුක්තිය දක්වා ගිහිල්ලා, අන්න එතන සුභ කියන තත්වයට ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට ආවට පස්සේ, ඉතින් දැන් තමන් අර විරියයි, ඡන්දයයි, සුභ කියන විමුක්තියයි, මේ තුන ම දැන් ඔන්න චිත්ත ඉද්ධිපාදය කියන එකට ඇවිල්ලා තියෙනවා. දැන් චිත්ත ඉද්ධිපාදයට තමන් ඇවිල්ලා ඉන්නකොට, දැන් මට තේරුණා මේකේ වෙනස අරකත් එක්ක මේකේ වෙනස.
ඊළඟට රහතන් වහන්සේ මට කිව්වා, “දැන් ඉතින් අසනීප වෙලා ඉන්න අයට කරුණාව පවත්වන්න” කියලා. කරුණාව පවත්වපු ගමන් ම ඒක යනවා මුදිතාවට. ඒ පාර මුදිතාව පවත්වනකොට යනවා උපෙක්ඛාවට. මේක shifting. ඒකයි මේ ධර්මයේ වෙනස. අරකට වඩා වෙනස තියෙන්නේ මේ දෙක මේ විදිහට මේ තුන් ධර්මයන් එක්ක බලා යනකොට තමන් එකක් කරනකොට ඊළඟ එකට automatically තමන්ව යැවෙනවා. එතකොට ඒ විදිහට තමයි ඒ භාවනාව කරගෙන ගියේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවෙදි, ඔය ඡන්ද සමාධිය මගින් සංස්කාර අයින් කළහම, ඒකේ තිබිච්ච ගැම්ම අයින් වුණාට පස්සේ ඒක චිත්ත ඉද්ධිපාදයට ඒක එකතු වෙනවා. එතකොට චිත්තය මගින් ඒක පවත්වනවා. ඒක යනවා, ඕගොල්ලෝ දන්නවා අර ස්පර්ශය දක්වා තියෙන තැනට. ඒක නිසා ඒ ස්පර්ශයන් කෙරෙහි ගැටුමක් නෑ. එතකොට, අන්න ඒකයි මේකෙ වැදගත්කම. ස්පර්ශයත් එක්ක ගැටුම නැති වෙලා තමයි, මෙතන මේ චිත්ත ඉද්ධිපාදය හොඳට පවතින්නේ. ඒක අමතක කරන්න හොඳ නෑ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්