උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි බැලුවේ මෙනෙහි කළේ, චිත්ත සමාධිය මගින් විරිය ඉද්ධිපාදය ඇති වෙන ආකාරය. ඕකේ අනිත් පැත්ත අපි බැලුවා ඊයේ, විරිය සමාධිය මගින් චිත්ත ඉද්ධිපාදය. එතකොට ඊයේ භාවනාවෙදි, අපි ඉගෙන ගත්තා, මේ විරිය සමාධියෙන් චිත්ත ඉද්ධිපාදයට යන්න කාරණා හතරක් සිහි කළා. එතකොට ඒ පළවෙනි කාරණාව තමයි ඕලාරික වූ රූප පහ කරන ලද අවස්ථාව. එතකොට ඒක මේකටත් සාධාරණ වෙනවා. එතකොට ඒක අනුව තමයි මේක කරගෙන යන්නේ. එතකොට ඕලාරික වූ රූප පහ කරන ලද්දේ, සුඛුම වූ රූපයන් පහ කිරීම සංස්කාරයන් ඉවතලීමෙන් අනතුරුව සිදු වන බවත්, ඡන්ද සමාධිය මගින් එය කරන බවත්, ඊයේ සාකච්ඡා කළා. එතකොට මේ භාවනාවටත් ඒක සාධාරණයි. එතකොට ඡන්ද සමාධිය මගින් සංස්කාරයන්ගේ ගැම්ම ඉවත් කරන්නේ එය චිත්තයට ඇතුළත් වන්නේ ය.
ඉතින් ඕගොල්ලන්ට මතක් වෙන්න ඕන අර diagram එකක් තියෙනවා අපි බලලා, ඡන්දය කියන එක අර belt එක වගේ, අර pedal එක වගේ, තිබුණේ. ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට ගිහිල්ලා ඊට පස්සේ එතැනින් ඊළඟට pedal එකේ, අනිත් කෑල්ලට ආවා, පරාමාසකායගන්ථයේ ඉඳන් භය අගතියට එන, ඒකේ චිත්තය. පරාමාසයට ඇතුළු වෙන්න දෙන්නේ නෑ. ඕක ඊට පස්සේ ඔය චිත්තය ලකුණු කරනවා අපි, ස්පර්ශය දක්වා ම. එතකොට, ඒ ලකුණු කරලා, ඊට පස්සේ මතක ඇති ඕගොල්ලන්ට විරියක් ලකුණු කරනවා චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන එක වළක්වන විරියක්, අලුත් සංස්කාර අයින් කරන විරිය.
එතකොට, එහෙම නම් මේ ඡන්ද සමාධියේ යමක් තියෙනවා ද, ඒක චිත්තයට සමාදන් වෙනවා. ආච්චිඅම්මගේ තුවා දන් දීමේ කතාව විමසලා බැලුවොත්, අර පෙර යම් සංස්කාරයක් සුඛ වශයෙන් ගත්තා ද, කුසල් සහගත වුවත්, එය ඉවත් කිරීමට චිත්තය ඉතා පහසුවෙන් නැමෙනවා. විරිය ඉද්ධිපාදය ඇති වෙනවා. මෙය සිදුවීමට නම් විමංසාව මගින් යමක් කළ යුතු ද, අන්න ඒක කළ යුතුයි. අලුතෙන් සංස්කාරයක් කළත් බාර නොගනිමියි යන්න චිත්තයට ඒත්තු ගැන්වී තිබිය යුතුයි. උදාහරණ වශයෙන් ගත්තොත් යම් බිරිඳක් ස්වාමි පුරුෂයාට එකවරක් දෙන ලද ආහාරය පරිභෝජනය කර, එය මින් මතු එපා යැයි පවසයි ද, නැවතත් වෙන ආකාරයකට සාදා දෙන්නේ, පෙර විඳින ලද ආබාධ ස්වභාවය හොඳින් මතක ඇත්තේ, එය වැළඳීම නොකරයි ද, මෙය එසේ ය.
එසේ නම් උපෙක්ඛා අප්‍රමාණය තිබිය යුතුයි. එනම් එක සංස්කාරයක් මගින් පවතින්නේ ය, අනිත් සංස්කාරය මගින් නොපවතින්නේ ය යන අදහස ඉවත් වී තිබිය යුතුයි. ළමයා සහ බල්ලා මෙන් ය. පොඩි ළමයෙක් ඉන්නවා නම්, හැදීගෙන එනවා, අපි හිතන්නේ ඉතින් ජීවත් වෙනවා කියලා නේ ද? නමුත් ළමයෙක්ව අපි පවතිනවා කියලා හිතුවාට ඒ බල්ලාට පෙර, ළමයා මිය යන්න පුළුවන්. එතකොට එනම් සංස්කාර සෑදීමට පෙර එහි ආදීනව ගැන හැඟීම් ඇත්තේ නම්, විරිය ඉද්ධිපාදය කියන එක ඇති වෙනවා. එතකොට එහෙම නම් අපිට පේනවා, ඡන්ද සමාධිය ඒකෙන් චිත්තය. චිත්තයෙන් විරියට යනවා. එතකොට ඡන්දයෙන් විරියට එනවා. රේඛා දෙකකින් එනවා. එතකොට ඡන්දයි, චිත්තයි සමාධි වශයෙන් එනවා. විරිය ඉද්ධිපාද වෙනවා. එතකොට ඔය චිත්තයයි විරියයි අතරට එනවා අර විමංසාව. ඒක උපෙක්ඛා අප්‍රමාණය වීමට ප්‍රමාණවත් තරමින් පවතින්නට ඕන.
එතකොට මේ භාවනාව, එහෙම නම්, කරන්න ඕනෑ අපි උපෙක්ඛා අප්‍රමාණයට ගිහිල්ලා. උපෙක්ඛා අප්‍රමාණයට යනවා කියන එක අපි ඉගෙන ගත්තා නේ. අධිචිත්ත ශික්ෂා, ඒකෙන් අපි එනවා උපෙක්ඛා නිමිත්ත. උපෙක්ඛා නිමිත්තෙන් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කියන එකට එනවා. එතකොට, ඒ තත්වයට තමන්ගේ එන්න නම්, ඒ භාවනාවේ ඒ කාරණා තුන කරලා උපෙක්ඛාවෙන් අප්‍රමාණයට එනකොට දැන් අපි, පෙන්නනවා නේ අර ආශ්‍රවයන් කියන ඒවා යම්කිසි නසන්න යමක් කළ යුතු ද ඒක හොඳට මෙනෙහි කරන්න ඕනෑ. අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කියන එකේ කාරණා ටික. ඒක මෙනෙහි කළායින් පස්සේ උපෙක්ඛා අප්‍රමාණයට එනවා. උපෙක්ඛා අප්‍රමාණයට ආවාට පස්සේ, දැන් අපි මේ භාවනාවේ කියන කාරණා ටික මෙනෙහි වෙන්න ඕනෑ. එතකොට මේ භාවනාවේ පෙන්නනවා, අපි අර චිත්තයේ සංස්කාරයන් ඡන්ද සමාධිය මගින් අයින් කරනවා කියලා. එතකොට ඡන්ද සමාධිය මගින් මොන වගේ සංස්කාරයන් ද අයින් කරන්නේ?
රහතන් වහන්සේ එතන මට වචනය දුන්නා, “මිල කළ නොහැකි වූ ශ්‍රද්ධාව හදන සංස්කාරයන්.” ඔන්න ඕකයි වචනය. එතකොට ශ්‍රද්ධාව හදන්නේ ප්‍රඥාවෙන්, අපි දන්නවා ප්‍රඥා diagram එකෙන්. එහෙම් නම් ප්‍රඥාවවත් හදන්න යන්නේ නෑ. අන්න ඒකයි කියන්නේ. අන්න ඒක වැටිච්ච ගමන් කෙළින් ම තමන්ට පේනවා, මෙතන විරිය ඉද්ධිපාදය හොඳට පත්තු වෙලා ඒක තියෙනවා. මේ පැත්තෙන්, සතිය, මේ පැත්තෙන් ප්‍රඥාව. ඔය තුන් ධර්මය හොඳට වෙලා පුදුමාකාර විදිහට තියෙනවා.
දැන් එතෙන්ට ආවට පස්සේ, මම කල්පනා කළා, ෂා, මේක හරි හොඳයි නේ. මේක බොහොම ශ්‍රේෂ්ඨයි. දැන් එතකොට විරිය සමාධියට තිබෙන්නා වූ හතුරො දෙන්නා කවුද? කුලමච්ඡරියයි පලාසයයි. එතකොට විරිය සමාධියට හතුරා නේ ද මේ ඇති වෙන්නේ. මේක හරි හොඳයි කිව්වා ම, මේ කුලය අල්ලා ගන්නවා. අන්න ඒක කරන්නේ නැතෙයි කියන එක ගත්ත ගමන් පලාස කරන්නේ නැති එකට ආපු ගමන්, තමන්ට තේරෙනවා තමන් යනවා කියලා, තනිකර අර අනාශ්‍රව චිත්තයට ගිහිල්ලා නිරෝධයට යනවා කියන එක සිද්ධ වෙනවා කියන එක තියෙනවා.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්