ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, විමංසා ඉද්ධිපාදය. යම් විමංසා ඉද්ධිපාදයක් වේ ද, එමගින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම සඳහා කෙසේ උදව් කරයි ද? උපකාර කරයි ද? චතුරාර්ය සත්‍ය ධර්මය තුළ සමුදය සහ අත්ථඞ්ගමය අඩංගු ය. තණ්හාව නිසා දුක ඇති වන බව දනී. තණ්හාව නැති වන්නේ, දුක නැති වන බව දනී. මෙයට විමංසාව උදව් උපකාර කරන්නේ දෙයාකාරයකින් ය.
පළවෙනි කාරණයට පෙන්නනවා, දුක බව අවබෝධ කරගැනීමටත්, දුක්ඛ සමුදය අවබෝධ කරගැනීමටත්, උදව් උපකාර කරනවා. දෙවෙනි කාරණයට පෙන්නනවා, දුක්ඛ නිරෝධයත්, නිරෝධගාමිනී පටිපදාව පැවැත්වීමටත් උදව් උපකාර කරනවා.
මේකේ පළවෙනි කාරණය විමසලා බැලුවොත් විමංසා ඉද්ධිපාදය තුළ අපි දන්නවා අර වේදනා, චේතනා, ධම්මමච්ඡරිය line එක ඉවත් කිරීම අඩංගුයි. මේක අපි 15/05/2016, විමංසා ඉද්ධිපාද භාවනාවෙදි සාකච්ඡා කළා. ධම්මමච්ඡරිය මගින් කරන්නා වූ යම් චිත්ත සංස්කාරයක් වේ ද, සෑම සංස්කාරයකින් ම දුක ඇති වන බව දක්නේ දන්නේ, එම සංස්කාරයන්ට තුඩු දෙන්නා වූ ධම්මමච්ඡරිය ඉවත් කරනවා. ඒ නිසා කරුණාව ඇත. සංස්කාරයෝ ඉවත් කරයි. පාණාතිපාතා වාගේ, කාමයේ වරදවා හැසිරීම ඒ සංස්කාරයන් ඉවත් කරනවා. වේදනාව නිසා ඇති වන තණ්හාව නැවත ජනනය කිරීමක් නොවන්නේ, මෙතනදි අපිට පේනවා ඔය භය අගතියේ ඉඳන් වේදනාව දක්වා තියෙන දිට්ඨි අනුසය රේඛාව, එතනට ඇවිල්ලයි, එතනින් තණ්හාව ඇති වෙන්නේ.
එතකොට ඔතන අපි විමංසාව කලින් ලකුණු කරලාත් තියෙනවා. තණ්හා නිරෝධය සුදුසු යැයි පෙන්වා දෙනවා. යම් තණ්හාවක් පහ කරන ලද්දේ ඒ නිසා ඇති වන සුඛය නිසා, පෙර කළා වූ තණ්හාව, දුක වශයෙන් දකී. එමගින් තණ්හාව ඉවතලන්නේ, දුක්ඛ නිරෝධය සඳහා අඩිතාලම සකස් වන්නේ දෙවෙනි කාරණය විමසීමට එනවා. දුක්ඛ නිරෝධයයි නිරෝධගාමිනී පටිපදාවයි. දුක්ඛය ඉවතලිය හැකි තරමට තණ්හාව තුනී වන්නේ තව ධර්මයක උදව් උපකාරයෙනි. ඒ ඡන්ද ඉද්ධිපාදය බව කිව යුතුයි. එය පළවෙනියට ගිද්ධිලෝභය පහ කරන, දෙවෙනියට නන්දිය පහ කරන, තුන් වෙනියට රාග අනුසය පහ කරන, හතර භවරාග අනුසය පහ කරන ඉද්ධිපාදය බව කිය යුතුයි.
මෙසේ ඡන්ද සහ විමංසා ඉද්ධිපාද යුගලය මගින් සමන්නාගත වන චිත්තයක සියලු සංස්කාර ඉවතලන හැකියාව ඇත්තේ, නැවත විඤ්ඤාණයක් නොසාදයි. නිර්වාණය සාක්ෂාත් කරයි. දැන් ඕගොල්ලන්ට පේනවා ඔය අපි ඉද්ධිපාද, තයොධම්ම හතර වෙනි diagram එකේදි එහෙම පොඩ්ඩක් පෙන්වලා තියෙනවා. ඔය සාඨෙය්‍ය ඉඳන් 1-1 රාගය දක්වා එන්නා වූ රේඛාව, ඒ රේඛාව ස්පර්ශය ඉඳන් උද්ධච්චය දක්වා රේඛාවත් එක්ක කැපෙන තැනට එනවා භව ආශ්‍රවය කියන එක. ඊළඟට දැන් ඔය කිව්ව, කාරණා හතර බලන්න අනුපිළිවෙළට එනවා.
ගිද්ධිලෝභය, ඊට පස්සේ නන්දිය. හරියට ම නන්දිය වැටෙන්නෙත්, ඔය භවරාග අනුසය රේඛාව නන්දිය ඉඳන් භව ආශ්‍රවය දක්වා තමයි ඒක තියෙන්නේ. ඊළඟට රාග අනුසය කියන එක, ජාතියේ ඉඳන් අර මැද්දේ cross එකට නේ ද. ගිද්ධිලෝභයේ ඉඳන් ජරාව දක්වා cross එකට ඒක ලකුණු කරගන්න පුළුවන්. එතකොට භවරාග අනුසය අර විදිහට භව ආශ්‍රවය ඉඳන් ඒ සාඨෙය්‍ය තියන රේඛාවේ අපිට පේනවා රාගය දිසාවට ගමන් කරනවා, නන්දිය තියෙන තැනට සම්බන්ධ වෙනවා. මෙන්න මේක තමයි ඡන්ද ඉද්ධිපාදයෙන් ඒකෙන් කැපෙනවා කියන එක පෙන්නන්නේ.
එතකොට මේ භාවනාව මම කරන්න පටන් ගත්තහම, මේක බලලා මට කෙළින් ම අවබෝධ වෙලා තිබෙන්නා වූ ඉහළ ම වූ අවබෝධය නැංවිලා තිබුණා. නළලෙන් මේක මට දැනුණා. ඒ පාර මම කල්පනා කළා ඒකේ අවබෝධය තමයි අපි අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අපි පෙන්නනවා අර diagram එකක කාරණා තුනකින් පරාමාසකායගන්ථය ඉදංසච්චයට ඇදෙනවා කියන එක. එකක් තමයි අවිද්‍යාව නිසා ඇදෙනවා, ඊළඟට ආපහු පෙන්නනවා මෝහය නිසා ඇදෙනවා, ඊළඟට අභිනිවේසය නිසා ඇදෙනවා. එතකොට ඔන්න ඔය අවබෝධය, ඒ කියන්නේ මේ තණ්හාව ඇති වෙන building block එක. පරාමාසය අරකට ඇදෙනවා, සුභයි කියලා ගන්න ස්වභාවය ඇති වෙන එක.
එහෙම නම් අපිට පේනවා මේ අවිද්‍යාව කියලා කියන්නේ, දැන් ධම්මමච්ඡරිය රේඛාවත් එක්ක සම්බන්ධ කරන්න. මේ ධම්මමච්ඡරිය භාවිතා කරලා අපි ආකාසානඤ්චායතනය වාගේ ඒවාට යනවා. එතකොට එහෙම නම් ඒ ආකාසානඤ්චායතනය වාගේ ඒවා අල්ලාගෙන ඉඳීමක් කියන එක තියෙනවා. අර අදත්තාදානය දැන් අවිද්‍යාව, අර අපි දන්නවා ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානය කියනවා වගේ ම තමයි අර ආකාසානඤ්චායතනය හරි අපි අල්ලාගෙන ඉන්නවා කියන එක. එහෙම නම් අවිද්‍යාව. දැන් එහෙම නම්, පළවෙනි කාරණාව අපිට පේනවා, ඒ කියන්නේ කබලිංකාර ආහාරයක් විතරක් නොවෙයි මේ ධ්‍යාන සහගත වූ ආකාසානඤ්චායතනය වාගේ එකක් වුවත්, අර විදිහට ඇලීම කියන එක තියෙනවා. ඉතින් අපි දන්නවා ඕක 90° න් කැරකිලා ගියා ම අපි පෙන්නනවා පහළ මෝහය.
මතක ද ඒ diagram එක? එතකොට එහෙම නම් දැන් මෙතන අපි කතා කරනවා, ඉස්සර වෙච්ච දේ තමයි දැන් පෙර මෝහය වෙලා තත්වයට සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට දැන් අපි මෙතන පෙන්නුවා නේ, පෙර මෝහය දෝෂ සහිතව ජීවත් වීම, ඊළඟට පාණාතිපාතය කියලා නේ ද. දැන් එතකොට කාරණා දෙකයි. දැන් ඒ පාර තමන්ට පේනවා, මෙතන මේ මෝහයට ආවා නම්, එහෙම නම් අපි මෙතන තියෙන දිට්ඨි අනුසයේ කතාවට සම්බන්ධ වෙනවා ඕක. ඔහොම ඉන්නවා කියලා, භයෙන් අගතියට ගිහිල්ලා එතනින් එන රේඛාවෙන් සම්බන්ධ වෙනවා අර වේදනාව දක්වා. ඉතින් ඒක නේ මේකෙන් පෙන්නුවේ. අපි ඕකට යන්නේ නැහැයි කියන එක, අලුතෙන් හදන්න යන්නේ නෑ කියන එක.
දැන් ඊළඟට ආපහු සම්බන්ධ වෙනවා, මෙතන මෝහය නම් මේ පැත්තේ තිබුණේ කාමයේ වරදවා හැසිරීම කියන එක. එහෙම නම් දැන් මෙයා කල්පනා කරනවා මං ආපහු මව් කුසකට යන කතාවක්, ඉපදීමට යන කතාවක් කියන එක නෑ කියන එක. අන්න විමංසාවෙන් ඒක ලස්සනට පෙන්නලා දීලා තියෙනවා, වෙන්නේ මේකයි කියන එක පෙන්නුවාට පස්සේ. එහෙම නම් මේ පැත්තේ තිබෙන්නා වූ, මේ කාමයේ වරදවා හැසිරීම, අනෙක් කෙළවරේ තියෙන්නේ මොකක් ද? ගිද්ධිලෝභය. ඒ line එකේ එහා කෙළවරේ. ඔන්න දැන් වැඩේ බාර දුන්නා. මෙන්න මෙච්චරයි ප්‍රශ්නය. මෙහෙමයි දුක, දුක්ඛය නැති වන්නේ මේකයි. ඡන්ද ඉද්ධිපාදයට, වැඩේ බාර දුන්නා. එයා බැලුවා වටේට තිබෙන්නා වූ ඒ ගිද්ධිලෝභයයි, නන්දියයි, රාග අනුසයයි, භවරාග අනුසයයි, එයා අයින් කරනවා. ඒ තත්වයට මනස ආවයින් පස්සේ රහතන් වහන්සේ ඇහුවා, “ඔබගේ සිත මේ වෙලාවෙදි මොහොකවත් පිහිටනවා ද ” කියලා. මම කිව්වා. කිසිම එකක නෑ. අකනිට්ඨාවේවත් පිහිටීමක් නෑ. බුදුහාමුදුරුවෝ මට යන්න කියලා තියෙන නිසා ඒක තියෙනවා, කියන එක. පුදුම භාවනාවක්.
ඒක තමයි මං කරපු භාවනාව.