Date: 14/06/2016 Name: Cetto Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ ශුන්‍යතා චෙතො විමුක්තිය. යම් ශුන්‍යතා චෙතො විමුක්තියක් වේ ද එහි නිර්වාණයේ ගුණයන් හතරක් පෙන්වා දිය හැකි ය.

පළවෙනි කාරණයට පෙන්නනවා, කිසිදු සඤ්ඤාවක් මගේ යැයි ගැනීමක් නැත. ඒ නිසා ශුන්‍ය වේ. නිර්වාණය තුළ ද කිසිවක් නැත. එහි ද ශුන්‍යතාවය ඇත.

දෙවැනි කාරණයට පෙන්නනවා, ශුන්‍යතා චෙතො විමුක්තියට පැමිණෙන්නේ සංස්කාරවලට ඇති අහංකාර අගය තුනී වී ගොස් ය. එහි අහංකාරයක් නැත. නිවන තුළ ද කිසිවක් නැත. ඒ නිසා අහංකාර වීමට දෙයක් නැත.

තුන් වැනි කාරණයට පෙන්නනවා, ශුන්‍යතා චෙතො විමුක්තිය තුළ කිසිදු රූපයක් නැත. නිර්වාණය තුළ ද කිසිදු රූපයක් නැත.

හතර වෙනි කාරණයට පෙන්නනවා, ශුන්‍යතා චෙතො විමුක්තිය තුළ වේදනා ගැන සඤ්ඤා මනසිකාරයෝ නැත. නිර්වාණය තුළ කිසිදු වේදනාවක් නැත. ඒ නිසා ම වේදනා ගැන සඤ්ඤා මනසිකාරයෝ නැත.

එතකොට මේ භාවනාව කරන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලා ශුන්‍යතා චෙතො විමුක්තියට යන්න ඕන. එහෙම නම් අපි දන්නවා අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා ද? එතකොට අර ජාති ජරා ව්‍යාධි මරණ හොඳට ඒක බලලා, තමන් ඒ දක්වා ගමන් කරන්න ඕන. එහෙම ගමන් කරගෙන යන විට තමන්ට පේනවා මේකේ, අර අපි දන්නවා ලෝභ ද්වේෂ මෝහ භාවනාවේ අපි ඉගෙන ගත්ත නේ රාගජ පරිදාහ ද්වේෂජ පරිදාහ මෝහජ පරිදාහ, මේක සඤ්ඤා වශයෙන් බැලුව නේ, එතකොට අන්න එතනට එන්න ඕනේ.

එතකොට ඒ කෑල්ල අයින් වුණායින් පස්සේ, ඊළඟ line එකට අපි බැලුවා, සංස්කාර වශයෙන් උත්පාද සංඛත ලක්ෂණය, ඊළඟට තියෙනවා ඨිතස්සඅඤ්ඤථත්ත සංඛත ලක්ඛණය, ඊළඟට වය සංඛත ලක්ඛණය. වය සංඛත ලක්ඛණයේ දී අපි බැලුවා නේ, උත්පාද සංඛත ලක්ඛණයෙන් ඉපදීම කියන එක සිද්ධ වුණා නම් ඉතින් ජරාවට පත් වෙලා ඒක සිද්ධ වෙනවා. ඊළඟට ගත්තහම ඔය දෙවෙනි එකේදි අපි ආපහු ඨිතස්සඅඤ්ඤථත්ත සංඛත ලක්ඛණයේ දී අපිට තේරෙනවා, දැන් මනෝමය කායෙන් හිටිය නම් ඒක ගෙවිලා යනවා, වතුර ටැංකියේ වතුර හිස් වෙනවා වගේ, ඉතින් කොහොම කළත් මේක ගෙවෙනවා කියන එක. අන්න ඒ point එකේදි තමයි හොඳට ඔය ශුන්‍යතා චෙතො විමුක්තිය කියන එක ඇති වෙන්නේ. ඉතින් ඒ තත්වයට පත් වුණාට පස්සේ ඉතින් තමන් මේ කිව්ව කාරණා ටික ඉතින් මෙනෙහි කරලා බලන්න ඕන. එතකොට තමන්ට පේනවා මේ විදිහට මේවා නැතෙයි කියන එක, ඒක තියෙන instant එකේදි.

ඒක තමයි මං කරපු භාවනාව.