ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
යම් ශුන්‍යතා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ නිර්වාණයේ ගුණයන් හතරක් ඇති බව 14/06/2016 භාවනාවෙදි ඉගෙන ගත්තා. මෙම ගුණයන් වඩා සිටින කෙනෙකු සාමාන්‍ය ජීවිතයක් ගත කරන අවස්ථාවල දී පවා මෙම ගුණයන් ම සිහිපත් කරන්නේ නම්, ඔහුට ඉතා යහපත් වූ, සැහැල්ලු වූ සරල ජීවිතයක් ගත කළ හැකි වන අතර, විටින්විට එම විමුක්තියට ද යා හැකි වන්නේ ය. මෙසේ කාලයක් පුරුදු පුහුණු වන්නේ, යම් රූපයක් දක්නේ ද දන්නේ ද එවැනි රූපයන් දුක වශයෙන් ම වටහා ගන්නේ විපරිණතභාවයට ම පත් වන බව දන්නේ දක්නේ, එම රූපයන් දැඩි විරියකින් තොරව ම, දැඩි උත්සාහයකින් තොරව ම, පහ කළ හැකි වන්නේ ය. වේදනා, සඤ්ඤා, සංස්කාර ගැන ද එසේ ම වටහා ගන්නේ උතුම් නිවන ම සාක්ෂාත් කරයි. මඟ නොනවතී. මෙසේ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරයි. ඕලාරික වූ රූප මුලින් පහ කරයි. සියුම් වූ රූප ඊට අනතුරුව ය. ඕලාරික වූ වේදනා, සඤ්ඤා, සංස්කාර ද එසේ ම දත යුතුයි. ඒවා මුලින් පහ කරයි. සුඛුම වූ වේදනා, සඤ්ඤා, සංස්කාර ඉන් අනතුරුව ය. මේ කෙසේ දත යුතු ද?
වයස 35ක් වූ කාන්තාවක්, දරුවන් ප්‍රසූත කර ඉන් පසුව ඇති වූ වේදනාවන් ගැන සිතන්නේ සුඛ වශයෙන් නොගන්නේ ද, මෙය එසේ ය. අන්‍ය සත්වයන් විසින් මෙය සුඛ වශයෙන් නාමකායේ ඇති කර ඇති දේ, දුක වශයෙන් වටහා ගන්නේ යම් සේ ද, එසේ ම නාමකායේ පටිඝය එම දරුවන් නිසා විඳින්නා වූ දුක වටහා ගැනීම මගින්, උපෙක්ඛා වන්නේ සංස්කාර දුක්ඛතා වටහා ගන්නාක් මෙන් සුඛුම වූ සංස්කාරයන් වටහා ගත යුතුයි.
ඉතින් මේ භාවනාව කෙනෙක් ඔය කාරණාව සිහි කරනවා නම්, අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අපි කිව්වා කාරණා තුනකින් අභිනිවේසය, අවිද්‍යාව, ඒ වගේ ම මෝහය. ඒ කාරණා තුනෙන් present moment එකේ ඇදෙනවා කියන එක. ඒක fundamental නේ එකපාරට ම රූපයක් දැක්කා ම සුභයි කියලා ගන්නා වූ ස්වභාවය තියෙන්නෙත් ඕකෙන්. සුභයි කියන එක ආවා නම්, ඉතින් උඩ තියෙන නිත්‍යභාවය මගින් එතනට ඒක එකතු වුණා ම දැන් සුඛයි. ඒ පාර මෝහය ඕක අල්ලාගෙන දැන් සංස්කාරයන් සුඛ වශයෙන් පරාමාසගත වෙනවා.
මෙන්න මේ කෑල්ල තේරුම් ගත්තායින් පස්සේ, අද භාවනාවත් එක්ක කෙනෙක් බලනවා. දැන් එතනදි තමන්ට පේනවා දරුවන් ප්‍රසූත කර ඒ ඇති වන උදාහරණය හොඳට මෙනෙහි කළා නම්, එකේ දී පේනවා දැන් ඔය තරුණ දරුවා අපි හිතමු, මෙයාට 35ක් වෙන විට දරුවාට 19ක් 20ක් විතර වෙලා කියලා. අවුරුදු දාසයෙන් විතර බඳින, බුද්ධ කාලයේ වගේ හිතන්නකෝ. එතකොට ඊට වඩා අඩු වුණත් වරදක් නෑ. ඉතින් එතකොට ඒ දරුවා ගැන අම්මගේ තියෙන්නේ පොඩි වෙනසක් නේ ද? ඉස්සර වාගේ ම නෙමෙයි. ඒ දරුවා නිසා ඇති වන්නා වූ දුක්ඛයන් ගැන ඒක ගැන වැටහීම තියෙනවා නම්, අන්න අර දරුවා ගැන යම්කිසි උපෙක්ඛාවක් තියෙනවා ද ආන්න ඒ වගේ අර සංස්කාරවලටත් ඒ උපෙක්ඛාව කියන එක එතන තමන්ට ඇති කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක තමන් හොඳට හිතලා බලන්න ඕනෑ.
ඒක තමයි මං කරපු භාවනාව.