ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ අකුප්පා චෙතො විමුක්තිය. යම් මගඵල චිත්තයක් ඇති ද එය අකුප්පා චෙතො විමුක්ති කොටසට ඇතුළත් වන්නේ ය. එහි ඉහළ ම වූ අකුප්පා චෙතො විමුක්තිය අරිහත් ඵල චිත්තය වන්නේ ය. යම් අරිහත් ඵල චිත්තයක් වේ ද, එය තුළ සමන්නාගත වූ ධර්මයෝ අනෙකුත් චෙතො විමුක්ති ඉක්මවනු ලබයි. මහා වේදල්ල සූත්‍රයේ සඳහන් වන පරිදි ලෝභය, ද්වේෂය, මෝහය ප්‍රමාණ කරනු ලබයි. අකුප්පා චෙතො විමුක්තිය තුළ ලෝභ, දෝෂ, මෝහ ප්‍රහාණය අඩංගු වන්නේ, ප්‍රමාණ කිරීමක් නැත. එමනිසා උපෙක්ඛා අප්‍රමාණය ඉක්මවයි. උපෙක්ඛා අප්‍රමාණය වූ පමණින්, නිවන නොවන බව ද එම උපෙක්ඛා අප්‍රමාණයට රාග අනුසය තිබිය හැකි බව ද, 14/05/2016 උපෙක්ඛා චෙතො විමුක්ති භාවනාවෙදි සාකච්ඡා කළා.
ඊළඟට, දෙවෙනියට අපිට පේනවා, මහා වේදල්ල සූත්‍රයේ ආකිඤ්චඤ්ඤායතනය ගැන සඳහන් වෙනවා. එතන පෙන්නනවා, “ඇවැත්නි, රාගය කිඤ්චනයෙකි, ද්වේෂය කිඤ්චනයෙකි, මෝහය කිඤ්චනයෙකි.” ඒ කියන්නේ something obstructive කියන එකයි කියන්නේ. එය ක්ෂීණ ශ්‍රාවක මහණ හට ප්‍රහීණ ය හ. උසුන් මූල්‍ය. තාලාවස්තුකෘතයහ. ඔය විදිහට පෙන්නනවා. ආකිඤ්චඤ්ඤායතන චෙතො විමුක්තිය ඇත්ද, ඔවුන් අතුරෙන් අකුප්පා චෙතො විමුක්තිය අග්‍ර යැයි කියනු ලැබේ. ඒ අකුප්පා චෙතො විමුක්තිය රාග වශයෙන් ශුන්‍ය වේ, ද්වේෂ වශයෙන් ශුන්‍ය වේ, මෝහ වශයෙන් ශුන්‍ය වේ කියලා. එතකොට අකුප්පා චෙතො විමුක්තිය තුළ ඉතිරිව ඇති යමක් නැත. ඒ නිසා අකුප්පා චෙතො විමුක්තිය ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවයි. කෙසේ ද? එය රූප විෂයයෙහි හෝ වේදනා විෂයයෙහි හෝ සඤ්ඤා විෂයයෙහි හෝ සංස්කාර විෂයයෙහි හෝ විඤ්ඤාණ විෂයයෙහි හෝ කිසිවක් නොගන්නා ප්‍රබලයා ය.
ඉතින් ඔතන අපි ඉගෙන ගත්තා දුක්ඛ table එකේ මතක ඇති, 16/04/2016 නිබ්බාන භාවනාවෙදි අපි බැලුවා දුක්ඛ table එකේ හතර වෙනි row එකේ, දෙවෙනි column එක. ඒ අහංකාරය සඤ්ඤාවක් ලෙස පවතිනවා ආකිඤ්චඤ්ඤායතනයට ගියාට. නෙවසඤ්ඤානාසඤ්ඤා ලාභියා තමයි ඒ අහංකාරය සඤ්ඤාවක් ගැන ඒක නැත්තේ, සැකය නැති වෙන්නේ ඒ පුද්ගලයාට පමණයි.
ඊළඟට අනිමිත්ත චෙතො විමුක්තිය, ආපහු පෙන්නනවා මහා වේදල්ල සූත්‍රයේ, ඇවැත්නි, රාගය නිමිත්ත කරනවා, ද්වේෂය නිමිත්ත කරනවා, මෝහය නිමිත්ත කරනවා. එය ක්ෂීණ ශ්‍රාවක මහණ හට ප්‍රහීණ ය හ. උසුන් මූල්‍ය. තාලාවස්තුකෘතයහ. අනිමිත්ත චෙතො විමුක්තියක් ඇත්ද, ඔවුන් අතුරෙන් අකුප්පා චෙතො විමුක්තිය අග්‍ර යැයි කියනු ලබයි. ඒ අකුප්පා චෙතො විමුක්තිය රාග වශයෙන් ශුන්‍යයි, ද්වේෂ වශයෙන් ශුන්‍යයි, මෝහ වශයෙන් ශුන්‍යයි. අනිමිත්ත චෙතො විමුක්තිය තුළ ප්‍රඥා විමුක්තිය පැවතීමට ඉඩ හරින්නේ නම් එම ප්‍රඥා විමුක්තිය ම නිමිති වන්නේ ය. ඔළුව දකුණු පැත්තේ හෝ දැනෙන්නේ ය, දකුණු කම්මුලේ හෝ දැනෙන්නේ ය. අකුප්පා චෙතො විමුක්තිය මෙම අහවල් තැන දැනෙනවා යැයි ද එයින් සතුටු වීමක් ද නැත. ඒ නිසා ම නිමිත්තක් නැත.
ඉතින් මේ භාවනාවේ තමන්ට නංවන්න පුළුවන් ඉහළ ම ඵල චිත්තය නංවලා, ඊට පස්සේ තමයි මේ විදිහට ඒ කාරණාවෙන් කාරණාවට මෙනෙහි කරගෙන යන්න ඕන. බොහොම හොඳ භාවනාවක්. අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ කාරණා තුනෙන් බලනවා නම්, අර අභිනිවේසයෙන් ඇදෙනවා ය, ඒ වගේ ම අවිද්‍යාව නිසා ඇදෙනවා ය, මෝහය නිසා ඇදෙනවා ය කියලා පරාමාසය ඉදංසච්චයට ඇදෙන එක. අන්න එතැනින් පටන් අරගෙන තමන් කරගෙන ගියා නම් ඉතින් මේක හොඳට වැටහෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්