ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, භාවනාමය ප්‍රඥාව. යම් භාවනාමය ප්‍රඥාවක් ඇති ද එය තුළ චතුරාර්ය සත්‍ය වැඩීම අඩංගු වෙනවා. භාවනාමය ප්‍රඥාව තුළ කුසලයාගේ වැඩීම ඇති බව ද එය දෙයාකාර වෙන බව ද අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ, පාණාතිපාතය වැනි අකුසලයන් පහ කිරීමත්, නූපන් කුසලයාගේ ඉපදීමත්, උපන් කුසලයාගේ වැඩිදියුණු කිරීමත් අඩංගුයි.
කාරණා තුනක් වෙනවා. එතකොට මෙහි පාණාතිපාතය වැනි අකුසලයන් පහ කිරීම ද නූපන් කුසලයාගේ ඉපදීම අරි අට මඟ භාවනාවට ඇතුළත් වෙන අතර උපන් කුසලයාගේ වැඩිදියුණු කිරීම දුක්ඛ නිරෝධ සත්‍යයට ඇතුළත් වෙනවා, හෙබවෙනවා. මේක කෙසේ ද?
පළවෙනි කාරණය අපිට පේනවා, අලෝභ, අදෝෂ, අමෝහ පාරවල් හරහා යන්නේ, අරි අට මඟ පාණාතිපාතය වැනි අකුසලයන් පහ කරනවා. දෙවෙනියට අපිට පේනවා, සම්මා දිට්ඨියෙන් සම්මා ඥාන උපදවන්නේ නූපන් කුසලයන් උපද්දවනවා. තුන් වෙනි කාරණයට පේනවා, දුක්ඛ නිරෝධ සත්‍යය තුළ, ඉහළ ම වූ සම්මා දිට්ඨිය ඇත්තේ ය. අත්හැරීම අති ශ්‍රේෂ්ඨ වශයෙන් කිඳා බැස ඇත්තේ, යම් දහමක් පහ කළ යුතු ද, එය පහ කරයි.
අකුප්පා චෙතො විමුක්තියේදි, සාකච්ඡා කළාක් මෙන් ප්‍රඥා විමුක්තිය නිසා ඇති වන නිමිත්ත, ඒ කියන්නේ නළලේ වම් පැත්තෙ දැනුණා, ඒ වගේ දේවල් පවා නොසලකන්නේ, එම ප්‍රඥා විමුක්තිය ම වැඩිදියුණු වේ. කිසිවක් නොගනී. නිර්වාණය ම සාක්ෂාත් කරයි. ඉතින් මේ භාවනාවේ ඔය කාරණා තුනෙන්, එක, දෙක ඇති වෙන්න නම්, අපි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාව කරන්න ඕන. අරි අට මඟ භාවනාවේ සම්මා දිට්ඨියෙන් අපි අර සම්මා ඥානය එහෙම ඇති වෙලා, අර star එක තියෙන්නේ, සබ්බාසව එකේ ඔන්න ඔය star එකට එනකන් එන්න ඕන. සම්මා සතියෙන්, ප්‍රඥාව, එතනින් අර සමාධිය තියෙන එක.
එතනට ඇවිල්ලා, ඒ සම්මා සතිය කියන එකට ගන්න ඕන තමන් අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ කාරණා තුන. අර සුභයි කියලා ඒක ඇදෙනවා කියන එක තියෙන්නේ. එතකොට පරාමාසයේ ඉඳන් කාරණා තුන අභිනිවේසය, අවිද්‍යාව, මෝහය. සුභයි කියලා ඇදෙන්නේ මොකක් ද? අර අකුප්පා චෙතො විමුක්තියේදි සාකච්ඡා වෙන්නා වූ, ඒ කියන්නේ අර නළලේ වම් පැත්ත දැනුණා ය, මේක වුණා ය. දැන් ඔය මනුස්සයෝ සමාධීන් නෙ ගන්නේ, ප්‍රඥා විමුක්තියත් සකස් කරපු එකක් නේ. එතකොට මෙන්න මේක තමයි ඇදෙන්නේ කියන එක තමන් කල්පනා කරා නම්, ආන්න එතැන දී තමන්ට පේනවා මම කිසිම දෙයක් ගන්නේ නෑ. ඒක නිසා ඒ නිරෝධය එහෙම ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්