ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
18/06/2016 නිබ්බාන භාවනාව ම, නැවතත් කරගෙන ගියා. අරි අට මඟ හරහා ගොස් සීල කොටස විමසලා, පාණාතිපාතය වැනි අකුසල ධර්මයන් පහ කළා. ඒ නිසා ඇති වූ සමාධි ස්වභාවය නිසා ඇති වූ සඤ්ඤා කොටස් විමසා බැලුවා. සංස්කාර ඉවත් වීමෙන් පසුව වන සඤ්ඤා කොටස අල්ලාගෙන ඉන්නේ නම් එය මගිනුත් දුක ම ඇති වෙන බව හොඳින් වැටහුණා.
මෙම සඤ්ඤාවෝ බොහෝ විට පටිඝානුසය මගින් ඇති වෙන බවත්, ඒ පටිඝානුසය, අවිද්‍යා අනුසය හා මාන අනුසය වැනි අනුසය ධර්මයන් නිසා හටගන්නා බවත් හොඳින් වැටහුණා. යම් රූපයක් ඉස්සවීම පළමුව අවිද්‍යා අනුසය මගින් සිදු වන්නේ, එම රූපය සම්බන්ධයෙන් තමා තුළ පෙර බැසගෙන ඇති සඤ්ඤා කොටස් නොලැබෙන්නේ මාන අනුසය මගින් එම පෙර රූප සඤ්ඤා ඉස්මතු කරන්නේ විඤ්ඤාණ ධාරාව ගලයි. මෙසේ ආශ්‍රිතව, ආශ්‍රව සහිතව ජීවත් වීම සිදු වෙයි. අවිද්‍යා අනුසය අවිද්‍යා ආශ්‍රව නිසා හට ගැනේ. අවිද්‍යා ආශ්‍රව ඇත්තේ කාම ආශ්‍රව කරා දුවයි. මෙසේ දිට්ඨි පපඤ්චයෝ හටගන්නේ, එමගින් තණ්හා පපඤ්චයෝ හටගනී. එහි බැස ගනී. නිර්වාණය නොවේ.
සඤ්ඤා නිදානානි පපඤ්ච සඞ්‌ඛා, සඤ්ඤාවන් නිසා පපඤ්චයො හටගනී. ස්පර්ශය නිසා සඤ්ඤා හටගනී. වරෙක රූප ස්පර්ශ වීමෙන්, සඤ්ඤා ඇති වේ. තව වරක එම රූපයන් ඉවතලන්නේ, ආකාසානඤ්චායතනය වැනි අරූප ධ්‍යාන හෝ ප්‍රඥා විමුක්තියේ දී නළල දැනීම වැනි සඤ්ඤා හෝ අල්ලා ගන්නේ, එහි ඇලීම ඇත්තේ නිර්වාණය නොවේ. මෙසේ අකුසල හෝ කුසල යන දෙකෙහි ම, නොඇලෙන්නේ නම් නිර්වාණය වන්නේ ය. එසේ නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුන් ධර්මයෝ, සඤ්ඤා අර්ථයෙන් සියුම් ලෙස වැටහෙන්නේ, “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරොධනා, එවං දුක්ඛක්ඛයො හොති, එවං ඤත්වා යථා තථං” යන්න වැටහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.