ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට තෝරගත්තේ, අරිය අට්ඨඞ්ගික මග්ග භාවනාව. දස කුසලය නිසා අරි අට මඟ වන බව අපි දනිමු. දස කුසලය, භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා, කොටස් හතරට වැටෙන්නේ ය. කෙසේ ද?
පළමුව අපිට පේනවා පාණාතිපාත, අදත්තාදාන, කාමයෙහි වරදවා හැසිරීම යන තුන් අකුසලයන්ගෙන් වෙන් වීම, භාවිත කාය කොටසට ඇතුළත් වෙනවා. දෙවෙනියට අපිට පේනවා මුසාවාද, පරුෂා වාචා, පිසුණා වාචා, සම්පප්රලාපවලින් වෙන් වීම භාවිත සීල කොටසට ඇතුළත් වෙනවා. තුන් වෙනුවට පේනවා සම්මා සංකප්පයට තුඩු දෙන්නා වූ අනභිජ්ඣා, අව්‍යාපාද යන ධර්මයන් දෙක ද, අලෝභ කුසල මූලය ද, භාවිත චිත්ත කොටසට ඇතුළත් වෙනවා. හතර වෙනියට පේනවා සම්මා දිට්ඨියත්, අමෝහ සහ අදෝෂ කුසල මූලයන් ද, භාවිත ප්‍රඥා කොටසට ඇතුළත් වෙනවා. මේ කාරණා හතර මනා කොට විමසන්නේ අරි අට මඟෙහි සම්මා සමාධියත්, එයට තුඩු දෙන්නා වූ සම්මා සතියත්, හටගැනීම වැටහෙනවා.
මෙම භාවනාව මෙසේ කරගෙන යන්නේ පළවෙනි කාරණයෙන් ම, එනම් භාවිත කායා කොටසින් ම සියලු විමුක්තීන් ඇති වුණා. අනාශ්‍රව ද වුණා. මෙයට හේතුව වූයේ, සම්මා ආජීවය යන පාණාතිපාත, අදත්තාදාන, කාමයෙහි වරදවා හැසිරීම යන අකුසල ධර්මයන්ට මාන නොවීම යැයි වැටහීමයි. භාවිත සීල කොටස මෙනෙහි කරන්නේ පරුෂා වාචා, පිසුණා වාචා පහ කිරීම සිහි කරන්නේ අදෝෂ වීම මගින් පමණක් පරුෂා වාචා පහ කළ හැකි බව වැටහුණා. එසේ ම මුසාවාද අලෝභ වීමෙන් ද, සම්පප්‍රලාප අමෝහ වීමෙන් ද, වන බව දන්නේ දක්නේ කුමක් කීමට ඉතිරිව ඇති ද? ඒ චතුරාර්ය සත්‍ය පමණක් බව දැන සමාධිය අධික විය. මුහුණේ සුඛය ඇති විය. විමුක්තිය මනා කොට පැවැතිණ.
භාවිත චිත්ත කොටස මෙනෙහි කරන්නේ අනභිජ්ඣා, අව්‍යාපාද වීම, අලෝභ වීම මගින් සිදු වන බව මෙනෙහි කරන්නේ මෙත්තා සූත්‍රය සමඟ සම්බන්ධ විය. යම් දහමක් පහ කළ යුතු ද, එය ඉහත හත් කාරණාවන් ඒ කියන්නේ සීල කොටස, ඒවාට ලෝභ නොවන්නේ නම්, මෙත්තාව හටගනී. විමුක්ති ස්වභාවයේ සුඛ යන ස්වභාවය වඩාත් ඉස්මතු විය.
භාවිත ප්‍රඥා කොටස මෙනෙහි කරන්නේ, නිරෝධ වීම ඇති විය. එහි විශේෂයෙන් සම්මා දිට්ඨිය යනු අමෝහයත්, එමගින් ම වටහා ගන්නා වූ, “අජ්ඣත්තරතො සමාහිතොති වික්ඛෙප පටිසංහරණා” යන්න අදෝෂය බව හොඳින් දැන ගැනීම, හේතුව සහ ප්‍රත්‍ය වීම නිසා නිරෝධය විය.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්