ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට තෝරාගත්තේ, ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව, ඊයේ මෙන් වැඩීමෙන් අනතුරුව, කෙසේ වාසය කිරීමෙන් ආශ්‍රවයන් නසන්නේ ද යන්නයි. යම් ආශ්‍රවයක් ඇත්ද, එහි පිහිට නැවතත් නොපතන්නේ නම් පමණක්, ආශ්‍රවයන්ගේ ඉවතලීමෙන් නිරෝධය ඇති වෙයි. එනම් “නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති” යනුවෙන්, සමාධිභාවනා සූත්‍රයේ මෙන් භාවනාව වටහාගෙන, පැවැත්විය යුතු වන්නේ ය. එහි දී ආශ්‍රවයන්ගේ සමුදය ධර්මය දැන, එහි අත්ථඞ්ගමය දත යුතු වන්නේ ය. ආශ්‍රවයන්ගේ සමුදය කවරේ ද?
සබ්බාසව සූත්‍රයේ ඉගෙන ගත් ආකාරයට, ඒකේ අපි දන්නවා අර pyramid එක. ඒ pyramid ඒකේ තුන් වෙනි diagram set එකේ තියෙනවා නේ. ඒකේ පෙන්නනවා පල්ලෙහා base එක, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව. උඩ තියෙනවා වේදනා, පරාමාස, භය අගතිය, උඩ ධාතු. ඒකේ අපි ඉගෙන ගත්තා, භය අගති ගමන, ඒකෙන් සෝකය, සෝකයෙන් කාම ආශ්‍රව. වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. පරාමාසකායගන්ථය, අභිනිවේස, අවිද්‍යා ආශ්‍රව.
මෙසේ තුන් ධර්මයන් නිසා කැරකවීම, ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අභිනිවේස, අවිද්‍යා, මෝහ. ඒ තුනත් එක්ක වටහා ගන්නේ, දන්නේ, දක්නේ එහි නිරෝධය පිණිස “නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති” ලෙස කැරකැවීම නතර කිරීමට සිතන්නේ, තණ්හා පපඤ්ච දිට්ඨි පපඤ්ච නොවන්නේ, සංස්කාර සමථයට පත් කර සඤ්ඤා නැවතීම 21/06/2016 නිබ්බාන භාවනාව මෙන් පැවැත්වීම මගිනි. ඉතින් මේ භාවනාව කරගෙන යනවා නම් ඊයේ මෙන් ම අර විමුක්තිය ඇති වෙනවා. මොකද, ඊයේ භාවනාව කරන්න ඕන නේ මෙතැනට.
එතකොට ඔතනදි ඔය පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව අපි සිහි කරනකොට, ඒ පාණාතිපාත වැනි සංස්කාරයන් නිත්‍යයි පරාමාස වී ඒවාට ඇලීම මගින් අවිද්‍යා ආශ්‍රව. එතකොට අවිද්‍යා ආශ්‍රව කිව්වා ම අපි දන්නවා, අත්තා එකේ පසු සඤ්ඤාවක් එනවා, අනිත් අතට උඩින් අර නිත්‍ය කතාවත් එනවා. අනිත්‍යයේ නිත්‍ය කියන විපල්ලාසයෙන් ආපු එක. එතකොට ඒ නිත්‍යයි සහ අත්තයි දෙක ම, අරක අස්සේ තියෙනවා, ඒක වැටහෙනවා. ඒක දන්නේ, දක්නේ අකනිට්ඨ බ්‍රහ්ම ලෝකය දැක්කා, ග්‍රහ ලෝකයක් වශයෙන්. මේක නොගන්නේ නම් නිර්වාණය වෙන බව දැන නිරෝධයට ගියා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්