පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, යම්කිසි ධර්මයක් භාවිතා කර, පහ කළ යුතු ධර්මයන් පහ කරන්නේ ද, පහ නොකළ යුතු ධර්මයන් පහ නොකර පවත්වන්නේ ද, එවන් වූ ධර්මයෝ කවරහු ද? යම් ධර්මයක් භාවිතා කිරීමෙන් නූපන් ආශ්‍රවයෝ උපදී ද, උපන් ආශ්‍රවයෝ වැඩිදියුණු වේ ද, එම ධර්මයෝ පහ කළ යුතු ධර්මයෝ වන්නාහ. යම් ධර්මයක් භාවිතා කළ යුතු ද, පහ නොකළ යුතු එම ධර්මයෝ නිර්වාණයට ම යොමු කරන්නා වූ ධර්මයෝ ය. එම ධර්මයෝ පහ නොකළ යුතු ධර්මයෝ වන්නාහ. එතකොට අපි කෑලි දෙකකට වැටෙනවා මෙතනදි, එක කොටසක් අපි ඒවායේ නූපන් ආශ්‍රවයෝ උපදිනවා ද, අන්න ඒ වගේ දේවල් ආශ්‍රවයෝ වැඩිදියුණු වෙනවා ද, ඒ ධර්මයෝ පහ කරන්න ඕන කියලා. අනිත් පැත්තට පහ නොකළ යුතු ධර්මයන් තියෙනවා.
ඊළඟට පෙන්නනවා, මේ දෙයාකාර ධර්මයන් අතරින් දෙවනියට සඳහන් කළ ධර්මයෝ විශේෂිතයි. යම් අයකු ආකාසානඤ්චායතනය වැනි ධ්‍යානයකට යයි ද, එහි බැස ගැනීමක් වෙයි ද, එහි දී ද ආශ්‍රවයන් උපදිනවා. යම් අයකු ආකාසානඤ්චායතනය වැනි ධ්‍යානයන්ට යයි ද, එහි බැස ගැනීමක් නැත්ද, එහි ආශ්‍රවයන් නූපදිනවා. මේ විදිහට විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ගැනත් හිතන්න පුළුවන්. බැස ගැනීමක් නැත්නම්, ආශ්‍රවයන් නූපදිනවා. බැස ගන්නවා නම් ආශ්‍රවයන් ඇති වෙනවා.
මෙම අරූප ධ්‍යානයන්ගෙන් තොරව, යම් වූ අකුප්පා චෙතො විමුක්ති ස්වභාවයක් ඇති ද, ඒ තුළ කිසිදු දහමක බැස ගැනීමක් නැත. ඒ නිසා අකුප්පා චෙතො විමුක්තිය, භාවිතා කළ යුතු, පිරිසිඳ දත යුතු, ධර්මයෝ වන්නාහු ය. මේ නිසා තථාගතයන් වහන්සේලා අකුප්පා චෙතො විමුක්තිය නිර්වාණය පෙරටු කොට, නිර්වාණය මුල් කොට ඇති බව පවසයි. යම් අකුප්පා චෙතො විමුක්තියක් වේ ද, ඒ තුළ තුන් ආකාරයකින් නිර්වාණයට ම යොමු කරනවා.
පළවෙනියට පෙන්නනවා, පහ කරන ලද, අත් හරින ලද, ධර්මයෝ නැවත නොගනී.
දෙවනියට පෙන්නනවා, වඩන ලද, දියුණු කරන ලද, සාක්ෂාත් කරන ලද, ධර්මයෝ නැවත ගනී. එතකොට ඔතන කාරණා හයකින් පෙන්නනවා, ඒ දෙවැනි කාරණාව. ඒ කියන්නේ පළවෙනියට පෙන්නනවා, එනම් කිසිවක් මගේ නොවෙන බව ගනී. දෙවනියට පෙන්නනවා, කිසිවක් අන් අයගේ ද, නොවන බව ගනී. ඒ කියන්නේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අනාශ්‍රව අවස්ථාවෙදි tea cup එකේදි අපි පෙන්නුවේ. තුන් වෙනියට පෙන්නනවා අත්තා යැයි නොගනී. අනත්තා යැයි දනී. නිත්‍යයි නොගනී. අනිත්‍ය යැයි දනී. සුඛ යැයි නොගනී. දුක යැයි දනී. අකුප්පා චෙතො විමුක්තිය යැයි දනී. ඒක තමයි හය වෙනි කාරණය. මෙය නිර්වාණය නොවන බව දනී. එතකොට කාරණා හයක් ඔය විදිහට පෙන්නනවා.
ඉතින් තුන් වෙනි එකට තියෙන්නෙ තමාව ම දමනය කරගන්නවා. දැන් පේනවා ද pattern එක මොකක් ද කියලා? “සබ්බ පාපස්ස අකරණං” ගාථාව. ඒක තමයි ඔය පෙන්නන්නේ. “සබ්බ පාපස්ස අකරණං” කිව්වා ම අර පළවෙනි කාරණය. “කුසලස්ස උපසම්පදා” කියලා කිව්වා ම දෙවෙනි කාරණයට වැටෙනවා. “සචිත්ත පරියොදපනං” කිව්වා ම තුන් වෙනි කාරණය, තමා ම දමනය කරගන්නවා කියන එක. ඉතින් මේ ගාථා අර්ථයෙන් මේක දැනගන්න ඕන. මේක අපි බැලුවා පංචබල භාවනාවෙදි, 22/04/2016.
මතක ද ඒකේ චේතනාවට වම් පැත්තෙන් සඤ්ඤාව. ඊළඟට වම් පැත්තෙන් තියෙනවා වේදනාව. ඊළඟට පහළින් තියෙනවා පරාමාසය. එතකොට ඔය කාරණා තුනට අපි ලිව්වා නේ.
සබ්බ පාපස්ස අකරණං, සියලු සඤ්ඤාවන්ගෙන් ඉවත් වීම. ඒක ප්‍රඥා බල භාවනාවෙදි වටහා ගත් ආකාරයෙන් කියලා. ඒ කියන්නේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව. මතක ද අපි එතන අර්ථ දැක්වූවා, විමුක්තිය මගින් ඉවත් කරන ලද තණ්හාවෙන් ඉවත් වී සිටීමට ඇති හැකියාව තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. ඊළඟට වේදනාව තියෙන තැනට අපිට එනවා, කුසලස්ස උපසම්පදා. දළපැරකුම් කියන එකයි, තණ්හාව නොවන්නේ ය. එතකොට යම්කිසි තණ්හාවක් අර විදිහට ඉවත් වෙලා හිටියා නම්, ප්‍රඥා බලය භාවිතා කරලා, ඉතින් අපිට පේනවා නේ ඉතින් තණ්හාව කියන එක අර චතුරාර්ය සත්‍යයේ පෙන්නන්නේ දුකයි, දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. එහෙම නම් දුකයි, දුකයි, දුක ඇති වන්නේ තණ්හාව නිසා කිය කියා ඉන්නේ නැතිව ඒක පහ කරලා ඉන්නවා කියන එක තමයි ඔය ප්‍රඥාව කියන එකේ තියෙන්නේ.
එතකොට තුන් වෙනි කාරණයට පෙන්නනවා, සචිත්ත පරියොදපනං, පරාමාසයට එන එක. පරාමාසය තුළ යම් දහමක් වේ ද, ඒක පිරිසිදු කරනවා. මේක අපි ඉගෙන ගත්තා විරිය බල භාවනාවේදි 18/04/2016. ඒකේ පෙන්නුවා අර නොහළ ධූර කියන්නෙ, පරාමාසය පිරිසිදු කළ ආකාරයෙන් පිරිසිදු කරන්න ඕන. ඒ කියන්නේ හත, අට ධ්‍යාන පවා ඉවත් කිරීම කියන එක. ඉතින් මේක කළාට පස්සේ තමන්ට පේනවා. මේකෙ ඉතින් මඟ සිත නතර වෙනවා කියන එක හරියට සිද්ධ වෙනවා.
මේකේ පෙන්නනවා එක පැත්තකින් ගත්තහම සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව කියන එකේ ප්‍රබලතාවය කියන එක, ඒක බලපානවා නේ අර සඤ්ඤාව සබ්බ පාපස්ස අකරණං කියන කෑල්ලට ඒක එනවා, ඊට පස්සේ ආපහු ඔය විරිය බල භාවනාවෙදි, සචිත්ත පරියොදපනං කිව්වා ම ඒ පරාමාසය සුද්ද කරනවා කියන එකට, ඒකත් අපි ගන්න ඕන අර විරිය, අපි දන්නවා නේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ විරිය, එතන දී අපි අර කොතනකවත් නතර වෙන්නේ නැති විරිය කියන එක. ඔක්කොම අයින් කරනවා කියන එක. අර පහ ම කැටි කරලා ගත්ත ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ දෙක අර එක්කෙනෙකුට එක්කෙනෙක් complimentary, මෙයාට මෙයා උදව් කරනවා. ප්‍රඥාවෙන් අතන විරියට උදව් කරනවා. එහෙම නම් මැද්දේ තණ්හාව නසනවා, අර දළපැරකුම් කිව්වේ, ආපහු ගන්නේ නෑ. ඒ දෙක හොඳ ලස්සනට පේනවා, ඒ දෙකේ සම්බන්ධතාවය කියන එක.
ඉතින් තව පෙන්වන්න පුළුවන්, මේක පැහැදිලි කරගන්න, ඒ කෙනෙකුට ගන්නා වූ ධර්මයන් කියන එක ගත්තහම, අපි හිතමු දැන් මේ භාවනාව වැඩසටහන, එකපාරට ම අපි කෙනෙක් කල්පනා කරනවා, මෙතන හොඳ නෑ කියලා වෙන තැනකට ගෙනියනවා කියලා. එතකොට මෙතන ඉන්න පුද්ගලයාට, මොකක් ද හිතෙන්නේ? අන්න පේනවා නේ ද, මගේ කියලා කිසිවක් මගේ නොවන බව ගනී. කිසිවක් අන් අයගේ ද නොවන බව ගනී. තව තැනකට ගෙනිච්ච නම් එතන අනිත් අයගේ කියලා ගන්නවා නේ ද? අන්න එහෙමත් නැති වෙන්න ඕනෑ. මට ඒක ලස්සනට ඒ උදාහරණය, ඒ වාගෙ ආවා. ඒ විදිහට වෙනවා කියන එක. ඒ විදිහට අර ගැඹුරට හිතන්න ඕනෑ.
ඒක තමයි මං කරපු භාවනාව.