ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ අමෘතය. අමත කියලා ඔය වචනය තියෙන්නේ පාලි භාෂාවේ. අමත කියලා කිව්වා ම water of immortality කියන එකයි translation එක තියෙන්නේ. ඒකේ පෙන්නන්නේ durability කියන එක තියෙනවා. ඒකේ change එකක් නෑ කියන එකයි. එතකොට අමෘතය කියලා කියන්නේ කුමක් ද? විඤ්ඤාණ ධාරාව වෙනස් වෙනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ සකස් කරන්නක් තුළ වෙනස්කමක් නොවෙනවා යන්න නැත. යම් වෙනස්කමක් නොවෙන දහමක් ඇත්ද, ඒ නිබ්බානය පමණයි. එය අමෘතය නම් වේ. යම් අමෘතයක් වේ ද එහි පවතින්නා වූ ගුණයෝ කවරහු ද? ඒ ගුණ කීපයක් පමණක් සඳහන් කළ හැක. සියල්ල පැවසිය නොහැක. කුමක් නිසා ද? ගුණ අනන්ත වන නිසා ය. කෙසේ ද? සකස් කරන ලද වස්තූන්ගේ, වස්තූන් අනන්ත වන්නේ ද, අගුණ ද අනන්ත වන්නේ ය. එම අර්ථයෙන් සකස් නොකරන ලද දෙයක ගුණත් අනන්ත වන්නේ ය.
එතකොට නිර්වාණය අනුව ගියා වූ ආකාසයේ ගුණ දහයක් තියෙනවා. ඕක මිලින්ද ප්රශ්නයේ එහෙම පෙන්නලා දෙනවා. එකේ පෙන්නනවා, න ජායති, න ජීයති, න මීයති, න චවති, න උප්පජ්ජති, දුප්පසහං, අචොරාහරණං, අනිස්සිතං, අරිය මග්ගං, නිරාවරණං, අනන්තං කියලා. ඒකේ න ජායති කියන්නේ ඉතින් ඉපදවීමක් නෑ කියන එකයි. Not to be born. ආකාසය කියන එකේ ඉපදීමක් නෑ නේ. Space එක ඉපදීමක් නෑ. න ජීයති කිව්වා ම ජීවත් වෙන්නේ නෑ. එතකොට අර ජීවත් වෙනවා නම් decay කියන එක තියෙනවා. ඒක නෑ. න මීයති කියන්නේ මරණයක් නෑ. න චවති කියලා කියන්නේ චුත නොවන්නේ ය කියලා කියනවා, ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා not moving කියලා. තියෙන තැනින් move වීමක් නෑ. න උප්පජ්ජති කියලා කිව්වා ම හටගැනීමක් නැත. ඒ කියන්නේ no origination කියන එකයි ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නන්නේ. සිංහලෙන් කියනවා මතු නූපදින්නේ ය කියලා.
දුප්පසහං කිව්වා ම මැඩලිය නොහැක්කේ ය. මැඩලිය නොහැක්කේ කියන එක හිතන්න ඕනෙ අර පරියුට්ඨානය වගේ. හාලිද්දිකානි සූත්‍රයේ කළේ, ඒකේ මැඩලීමක් කියන එක නෑ. මොකද මඩලන්න දෙයක් නෑ නේ. ආකාසය ගත්තහම, අරක්කු බෝතලයක් වගේ මොකක්වත් එහෙම මඩලනවා කියලා දෙයක් ඇත්තේ නෑ නේ. එතකොට මතක ද අර බෝතලයක් දුන්නහම ඒ මනුස්සයා වැටෙනවා නේ, මං කිව්ව උදාහරණයට. එතකොට පරියුට්ඨානය විදිහට හිතන්න පුළුවන්. අචොරාහරණං කිව්වා ම සොරුන්ට ගත්ත හැකි දෙයක් නෑ. ගත නොහැක.
අනිස්සිතං කියලා කිව්වහම කිසි ආශ්‍රයක් නැත. ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නනවා unsupported කියලා. ඉතින් ඕක සීල සූත්‍රයේ පරතො කියන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි කල්පනා කරන්න තියෙන්නේ. අරිය ගමනං නිරාවරණං, අරිය ගමන යෑමට ආවරණයක් නැත. ඉංග්‍රීසියෙන් කියනවා no obstruction කියලා. ඉතින් ඕක භාවනාවට ගන්නකොට, ගන්න ඕනේ පාණාතිපාතය නීවරණයක්. පාණාතිපාතයක් කියන එක කරනවා නම් අරි අට මඟ කැඩෙනවා. ඒක රිටක් නම්, මේ රිට දෙකට කැඩෙනවා. එහෙම තමයි රහතන් වහන්සේ පෙන්නුවේ. ලීය කැඩෙනවා වගේ කැඩෙනවා. පාණාතිපාතය, අදත්තාදානය කරනවා නම් අරි අට මඟ කියන එකේ ගමන් කරන්න බෑ. එහෙම එකක් ආකාසයේ නෑ. එතකොට නිර්වාණයේත් එහෙම එකක් නෑ. ඊළඟට අනන්තයි. ඕක ගුණ දහය.
එතකොට මේ භාවනාව දැන් මම නම් කෙළින් ම මෙතනින් පටන් ගත්තේ. ඒකේ ඒ ගුණය සිහි කරනකොට දැන් අපි කල්පනා කරනවා, ඉපදීම තියෙනවා නම් දුකයි. එතකොට එහෙම නම් කෙනෙකුට කෙළින් ම ගන්න පුළුවන් අර දුක්ඛ table එකේ, ඒ අර්ථයෙන් ම කෙනෙකුට ගන්න පුළුවන් ගැඹුරට බලනකොට. ඒ කියන්නේ අනිච්ච නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම් ඒ විදිහට ඇවිල්ලා, නන්දි නොවෙනවා නම් ඉතින් දුක වන්නේ ද, සුඛ වන්නේ ද? ඔන්න ඔය අර්ථය ම බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්නනවා නේ ඉතින් ඉපදෙනවා නම් කොතනක හරි, අපායේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ කොතන ඉපදුණත්, දුකයි. ඉතින් මේකේ එහෙම එකක් නෑ. එතකොට ඒක සම්පූර්ණයි.
අන්න ඒ පළවෙනි කාරණාවෙන් ම ඉතින් මට නම් ආකාසානඤ්චායතනයත් වුණා, ඒ වගේ ම මේ සති ඉන්ද්රිය කියන එක හොඳට පවතිනවා. සතියයි මේ කම්මුලේ දකුණු පැත්තයි ඒ සුඛය සහගතව ඉන්න ස්වභාවයක් ඒකේ තියෙනවා. විරියත් පත්තු වෙලා තියෙනවා මේ පැත්තෙන්. එතකොට ඔය විදිහට න ජායති ජීවත් නොවෙන්නේ ය. ඉතින් අපි ජීවත් වෙලා ඉන්නවා නම් පේනව නේ, අපේ ඇඟ දිර දිරා යනවා, මේකෙන් තියෙන්නා වූ ප්‍රශ්න තියෙනවා. ඒ කාරණාවන් ඔය විදිහට හිතාගෙන යනවා. මරණය ඔය විදිහට. අර මැඩලිය නොහැක්කේ ය දුප්පසහං කිව්වා ම, ඔන්න පොඩ්ඩක් ඒ හය වෙනි කාරණය විතර එනකොට ඔළුව වෙනස් වෙන්න පටන් ගන්නවා. දකුණු අත පැත්ත ඒ ප්‍රඥාව කියන එක ඒ පැත්ත පේනවා, සති ඉන්ද්රිය විතරක් නෙවෙයි, ප්රඥාවයි වෙනස්කම් කියන එක ඇති වෙනවා කියලා. ඉතින් හොරුන්ට ගන්න බැහැයි කියන එක අදත්තාදානය වගේ කරගන්න දෙයක් නෑ නේ ඒකේ. ඉතින් හොරෙකුට ගන්න දෙයක් නෑ. එතකොට මේ නිර්වාණයේ ගුණයන් මේ සිහි කරන්නේ. එතකොට අරි අට මඟ කියනකොට අර පාණාතිපාත වාගේ ඒවයින් ආවරණය වෙනවා, අරි අට මඟ කැඩෙනවා, එහෙම දෙයක් ඒකේ නැහැයි කියන එකයි. අර සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ, අපි කරපු විදිහට තමන්ට ඒ භාවනාව සම්බන්ධ වෙනවා.
අනන්තයි, ඒක ගත්තට පස්සේ ඒ ස්වභාවය එහෙම තියෙනවා. ඒ රහතන් වහන්සේලා සිහි කළා කියලා වුණත් තමන්ගේ මනස හෙල්ලෙන්නේ නැතුව පවතින්නා වූ ස්වභාවයක් ඒ භාවනාවේ තියෙනවා. ඒක හරියට අර සෙඛ පටිපදා සූත්‍රයේ මම කියන්නේ, කළයින් පස්සේ වෙනසක් තියෙනවා කියලා. අන්න ඒ වගේ බොහොම හොඳ ස්වභාවයක් තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.