Date: 27/06/2016 Name: Sanna Nirodha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ, මුදිතා චෙතො විමුක්තිය. යම් මුදිතා චෙතො විමුක්තියක් වේ ද, එය මගින් සියලු සඤ්ඤා ඉවතලන බව වැටහෙයි. මෙය කෙසේ ද?

“රූප සඤ්ඤා සමතික්කමා, පටිඝ සඤ්ඤා අත්ථඞ්ගමො. නානත්ත සඤ්ඤා අමනසිකාරා, අනන්තො ආකාසො” යැයි යමෙක් ආකාසානඤ්චායතනය වන්නේ, නම් රූප සඤ්ඤාව ඉක්මවීම විය. පටිඝ සඤ්ඤාව මානයත් සමඟ ඇති විය. ආකාසානඤ්චායතනයට අනතුරුව වන විඤ්ඤාණඤ්චායතන සඤ්ඤා ද, ඉක්මවන්නේ නම් එහි නිර්වාණය වන්නේ ය. මෙසේ නානත්ත සඤ්ඤාව වැඩිදියුණු වීම වටහා ගත හැකියි. මුදිතා චෙතො විමුක්තිය තුළ මෙම තුන් ධර්මයෝ මනා කොට ඇත. 13/05/2016 මුදිතා චෙතො විමුක්ති භාවනාවෙදි සාකච්ඡා කළ අයුරින් අපි එතැන පෙන්නනවා A, B, C කියලා කාරණා තුනක්.

පළවෙනියට A කියලා ගන්නවා රූපය එපා කියන විරියත්. B කියලා ගත්තොත්, මිච්ඡා ආජීවය එපා කියන්නේ, එයින් ඇති වෙන මානයත්, එමගින් වන අත්ත සඤ්ඤාවත් බැස යන විරියත්. C කියලා ගත්තොත්, චතුරාර්ය සත්‍යයේ මනා කොට බැසගන්නේ, විශේෂිතව සංස්කාර ඉවතලන්නේ ඒ කියන්නේ සංස්කාර නිසා ඇති වෙන සඤ්ඤාව, සංස්කාර ඉවතලන විරියත් එකට මුසු වන්නේ නම්, සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය ඇති වන්නේ ය. ඒ කියන්නේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය ඇති වෙන බව පැහැදිලි වෙනවා.

මෙම තුන් ධර්මයන් මගින් ඉහත සඳහන් කළ තුන් ධර්මයන් මනා කොට පවත්වනවා. එනම් රූප සඤ්ඤාවේ සමතික්කමය, රූපය එපා යන විරිය මගින් ද, පටිඝ සඤ්ඤාවේ අස්තංගමය, අපි දෙවෙනියට කතා කළ B කියන කාරණය, මිච්ඡා ආජීවය එපා කියන්නේ, මිච්ඡා ආජීවය මගින් ඇති වන මානයත් එමගින් වන අත්ත සඤ්ඤාවත් බැස යන්නේ, යන කාරණාව මගින් support කරනවා, උදව් කරනවා. ඉතිරිව ඇත්තා වූ නානත්ත සඤ්ඤා අමනසිකාරා යන්න, සංස්කාර ඉවතලන ලද විරිය මගින් සිදු වෙනවා.

මෙසේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය ඇති වන්නේ, සමාපත්ති ධර්මය පහ කරන බැවින්, ආකාසානඤ්චායතන හෝ ඊට වඩා උතුම් වූ අරූප ධ්‍යාන හෝ ඉවතලයි. දළපැරකුම් ඇත්තේ, ඉවතලන ලද තණ්හාවන් නැවත නොගන්නේ, පටිඝ සඤ්ඤාවට තුඩු දෙන්නා වූ රාග අනුසය වැනි ධර්මයෝ, පහ කරයි. නිර්වාණය වෙයි. මෙසේ සිදු වන්නේ ඊයේ භාවනාවේදි සාකච්ඡා කළ නිර්වාණය අනුව ගියා වූ ආකාසානඤ්චායතනයේ ගුණයන් අගයන්නේ නිවනින් පිටත වූ දෙයක් නොගැනීම නිසා ය.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.