ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, ආරම්මණයක්, ආරම්මණයක් පාසා යම් අයෙකුට විමුක්ති සහගත චිත්තයක් ම පවතින්නේ නම් එම විමුක්ති සහගත ස්වභාවය නිසා ඇති වන්නා වූ සැනසීමත්, නිර්වාණයේ ඇති සැනසීමත්, අතර වෙනස කුමන ආකාරයට ද යන්නයි. මෙය නිර්වාණයේ ගුණ දහයත් සමඟ සසඳා බලමු. නිර්වාණය අනුව ගියා වූ ආකාසේ ගුණ දහය, 26/06/2016 නිබ්බාන භාවනාවේ දී අපි සාකච්ඡා කළා.
ඒකේ පළවෙනි කාරණය, න ජායති, ඉපදවීමක් නැත. Not to be born ආරම්මණයක් නොගන්නේ නම් ඉපදවීමක් නැතිකම නිසා, නිර්වාණ ගුණය සමඟ විමුක්තිය එකතු වූවත් සැනසීම ඇති නමුත්, ඔහු විසින් විමුක්තිය නැංවීමක් කළ යුතු බැවින්, ඒ නිසා ඇති වන දැවීම ඇත. මෙය ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිතයට ප්‍රත්‍ය වූ දරත මාත්‍ර වශයෙන් ඉගෙනගෙන ඇත.
න ජීයති, දෙවැනි කාරණය, ජීවත් නොවන්නේ ය. Not decaying කියන එකයි. ජීවත් වන පුද්ගලයා ජරාවට පත්වීම උරුම කරගෙන ඇත. ප්‍රඥා විමුක්තිය ලද පමණින් ජරාවට පත්වීම නොනැසේ. එනමුදු අරමුණු නොගැනීම නිසා අලුත් අරමුණු මගින් සිදු වන්නා වූ ජරාවට පත්වීම නැති වන්නේ, විමුක්තිය ඇති පුද්ගලයා ද, න ජීයති යැයි පවසයි. ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිතයට ප්‍රත්‍ය වූ දරත මාත්‍රය ඇත.
තුන් වෙනි කාරණයේ දී, න මීයති. මරණයක් නැත. ජීවත් වෙන පුද්ගලයාට මරණයක් ඇත. එනමුදු අලුත් අරමුණක් නොගැනීම නිසා විමුක්තිය ඇති පුද්ගලයා එමගින් මරණයට පත් නොවන බැවින් ඔහු ද න මීයති යැයි පවසයි. ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිතයට ප්‍රත්‍ය වූ දරත මාත්‍රය ඇත.
සතර වෙනි කාරණයට පෙන්නනවා න චවති, චුත නොවන්නේ ය. Not moving. අරමුණක් ගත් පුද්ගලයා එම අරමුණෙන් ඉවත් වන තාක් කල් අරමුණේ චුත නොවී පවතින්නේ ය. විමුක්ති සහගත පුද්ගලයා අරමුණ නොගන්නා බැවින් චුත වීමක් නැත. ඔහු ද, න චවති යැයි පවසයි. ඔහු ද ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිතයට ප්‍රත්‍ය වූ දරත මාත්‍රය ඇත.
පස් වෙනි කාරණයට, න උප්පජ්ජති, හටගැනීමක් නැත. No origination. මතු නූපදින්නේ ය. ආරම්මණය ගන්නේ නම් උප්පජ්ජති. නොගන්නේ නම්, න උප්පජ්ජති. විමුක්ති සහගත පුද්ගලයා අරමුණු නොගන්නා නිසා, න උප්පජ්ජති වේ. ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිතයට ප්‍රත්‍ය වූ දරත මාත්‍රය ඇත.
හය වෙනි කාරණයට පෙන්නනවා, දුප්‌පසහං. මැඩලිය නොහැක්කේ ය. පරියුට්ඨානයේදි මැඩලීම කියන එක සිද්ධ වෙනවා. විමුක්ති ස්වභාවය ඇත්තේ පාණාතිපාත වැනි සංස්කාරයන් නොකරන්නේ, සම්මා ආජීවය ඇත්තේ මැඩලීම නොවේ. ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිතයට ප්‍රත්‍ය වූ දරත මාත්‍රය ඇත.
හත් වෙනි කාරණයට පෙන්නනවා අචොරාහරණං සොරුන්ට ගත නොහැකි ය. විමුක්ති සහගත ස්වභාවය ඇත්තේ කිසිවක් මගේ යැයි නොගනී. එසේ නම් තමා සතු කරගත් දෙයක් නැත්තේ, අන් අයකුට සොරකම් කිරීමට දෙයක් නැත. මෙසේ අචොරාහරණං වේ. ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිතයට ප්‍රත්‍ය වූ දරත මාත්‍රය ඇත.
අට වෙනි කාරණයට පෙන්නනවා අනිස්සිතං, කිසි ආශ්‍රයක් නැත්තේ ය. Unsupported. පරතො වන්නේ නම් dependent. යැපීම සිදු වේ. සකස් කිරීම වන්නේ යැපීම සිදු වේ. සකස් නොකරන්නේ නම් එයින් යැපීමක් නැත. මෙසේ විමුක්තිය ඇති පුද්ගලයා අනිස්සිත වන්නේ ය. ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිතයට ප්‍රත්‍ය වූ දරත මාත්‍රය ඇත.
අරිය මග්ගං නිරාවරණං කියලා නම වෙනි කාරණයට පෙන්නනවා. අරිය ගමන යාමට ආවරණයක් නැත. පාණාතිපාත වැනි අකුසල් මගින් අරිය මඟ ආවරණය වේ. අරි අට මඟ යන රිට කැඩේ. විමුක්තිය ඇත්තේ පාණාතිපාතා අරමුණු නොගන්නේ අරිය ගමන යාමට ආවරණයක් ඇති නොවේ.
දහ වෙනි කාරණයට පෙන්නනවා අනන්තං. විමුක්තිය ඇති පුද්ගලයා කිසිදු අරමුණක් නොගනී. එසේ නම් අනන්ත වූ අරමුණු අත්හරියි. මෙසේ විමුක්ති වන්නේ අත හැරීම මගින් ම අනන්ත වන්නේ ය.
ඉතින් ඒක තමයි භාවනාව. මේ භාවනාව කරන්න තියෙන්නෙ, අර ඊයේ භාවනාව කරලා, තමන් ඒ විමුක්තියක් නංවලා, දැන් ඊයේ අපි පෙන්නුව නේ මෙතන මුදිතා චෙතො විමුක්තිය භාවිතා කරනවා කියලා. එතකොට ඒ වගේ මුදිතා චෙතො විමුක්තිය වගේ විමුක්තියක් භාවිතා කරලා මේ කාරණා දහය තමයි තමන් සිහි කරලා බලන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.