Date: 29/06/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ අකුප්පා චෙතො විමුක්තිය ඇති අයකු කුමන දහමක් භාවිතා කිරීමෙන් ඒ උතුම් නිර්වාණයට එළඹේ ද යන්නයි. අකුප්පා චෙතො විමුක්ති ස්වභාවය 25/06/2016 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළා.

යම් අකුප්පා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ තුන් ආකාරයකින් නිර්වාණයට ම යොමු කරනවා කියලා අපි එතන ඉගෙන ගත්තා. ඒකෙදි කාරණා තුනක් බැලුවා. පළවෙනි කාරණය, පහ කරන ලද අතහරින ලද ධර්මය නැවත නොගනී. දෙවෙනියට කිව්වා වඩන ලද, දියුණු කරන ලද, සාක්ෂාත් කරන ලද, ධර්මය ම නැවත ගනී. එතන කාරණා හයක් පෙන්නුවා දෙවන කාරණාවට. ඒකෙ පළවෙනියට කිව්වා එනම් කිසිවක් මගේ නොවන බව ගනී. කිසිවක් අන් අයගේ ද නොවන බව ගනී. අත්තා යැයි නොගනී අනත්තා යැයි දනියි. නිත්‍ය යැයි නොගනී අනිත්‍ය යැයි දනියි. සුඛයයි නොගනී දුක යැයි දනියි. අකුප්පා චෙතො විමුක්තිය යැයි දනියි. මෙය නිර්වාණය නොවන බව දනී.

ඊළඟට තුන් වෙනි කාරණාවට පෙන්නුවා තමාව ම, දමනය කරගන්නවා කියලා. මේ කාරණා තුන සබ්බ පාපස්ස අකරණං ගාථාවත් සමඟ බැලුවා, ඒ භාවනාවෙදි.

ඒකෙදි මතකයි සඤ්ඤා, චේතනා, වේදනා, ඊළඟට පරාමාස. එතකොට සඤ්ඤාව තියෙන තැන අපි ලිව්වා, සබ්බ පාපස්ස අකරණං සියලු සඤ්ඤාවන්ගෙන් ඉවත් වීම කියන. ඉතින් එතන අපි අර ප්‍රඥා බල භාවනාවේ දී ඒ ඉගෙන ගත්ත විදිහට, ඒකෙදි අපිට පේනවා විමුක්තිය මගින් ඉවත් කරන ලද තණ්හාවෙන් ඉවත් වී සිටීමට ඇති හැකියාව, ප්‍රඥා බලය කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට වේදනාව කියන තැනට ආවා, කුසලස්ස උපසම්පදා. දළපැරකුම් තණ්හා නොවන්නේ ය. පරාමාසයට ආවා, සචිත්ත පරියොදපනං. පරාමාසය තුළ යම් දහමක් වේ ද, ඒක පිරිසිදු කරනවා කියලා. ඒකෙදි අර නොහළ ධූර, පරාමාසය පිරිසිදු කළ අයුරින්, ඒ කියන්නේ හත අට ධ්‍යාන පවා ඉවත් කිරීම.

මෙසේ මේ තුන් දහමින් ඉවත් වන්නේ නම්, එනම් සඤ්ඤා, තණ්හා, පරාමාස යන තුන් දහමින් ඉවත් වන්නේ, චේතනා නොවේ. චේතනා නොවන්නේ කර්මය බැස යයි. තණ්හාව සහ කර්මය ක්ෂය වන්නේ නිර්වාණය වේ. අර වඩු බාස්ගේ කතාව වගේ. ක්ෂය සූත්‍රය වගේ වටහා ගන්න පුළුවන්.

එතකොට මේ භාවනාව, මෙහෙම කළහම අර පෝතලිය සූත්‍රයේ හතර වෙනි කාරණය, මැනවින් වැටහෙනවා. අර යාළුවාගේ යාළුවා වෙන් කිරීමේ උදාහරණයේ පරණ යාළුවා ගැන තණ්හාව ඇත. කුසලස්ස උපසම්පදා, දළපැරකුම් යෙදීම වැදගත් ය. පෙර එකට සිටිය බව සත්‍ය ය ය. නමුත් පහ කරන ලද්දේ නම් නැවත නොගත යුතු ය. වෙන් කර පැවැත්වීමට කැමැත්ත ඇත. චේතනා විය. මෙය සබ්බ පාපස්ස අකරණං. පෙර එකට සිටීමෙන් ඇති වුණා වූ, සුභ සුඛ අත්තා නිත්‍ය සඤ්ඤා වරක් විමුක්තිය මගින් පහ කරන ලද්දේ නම්, නැවත නොගත යුතු ය. මත්පැන් බී නිදා ගත් මනුස්සයා නැවත බොන්නේ නැහැ යැයි කියයි. බීමේ ආදීනව දැක උදේ කියා ද, හවසට ද එම අදහස පැවතිය යුතු ය. ඒකයි ඒ පෙන්නන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.