ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම, සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට තෝරගත්තේ උපෙක්ඛා අප්‍රමාණය. යම් උපෙක්ඛා අප්‍රමාණයක් වේ ද, එය තුළ දළපැරකුම් ඇති බව වැටහුණා, කෙසේ ද? දළපැරකුම් තුළ, පහ කරන ලද තණ්හාව නැවත නොගනී, යන්න ඇත. තණ්හාව කෙසේ සකස් වන්නේ ද? රූපයක් දැක වට අටක් කරකවා මෙය ඇති විය. එසේත් නැති නම් වේදනාව නිසා තණ්හාව විය.
ඊයේ භාවනාව සමඟ සසඳන්නේ, සංස්කාරවල වෙනස දැන, දැක label කිරීම අත හැරියා නම්, උපනාහයේදි අපි එහෙම කරනවා නේ, එම label එක නැවත නොයෙදිය යුතුයි.
තණ්හාව නිසා යාළුවාගේ යාළුවා වෙන් කිරීම අත්හළ යුතු ය. මෙය උපෙක්ඛා අප්‍රමාණය මගින් මනා කොට සිදු වේ. පළමුව පෙර කළා වූ සංස්කාරයන් අත හැරීමෙන් වන සුඛය නිසා, එම සංස්කාරයෝ දුක වශයෙන් දැන අත් හරින්නේ නම්, එනම් උපෙක්ඛා නිමිත්ත මගින් උපනාහය සහ එමගින් ඇති වන්නා වූ පලාසය ඉවත් වෙනවා.
දෙවනුව යම් දහමක් පැවැත්වීමට ඇති කැමැත්තක් වේ ද, එය සංස්කාර මගින් ම සිදු කරනු ලබයි. එම සංස්කාරයන්ට උපෙක්ඛා ඇත්තේ නම්, ඒවාට මාන නොවන්නේ, දිට්ඨි අනුසය පාර ඔස්සේ වේදනාවට පැමිණීමත්, එමගින් චේතනා වීමත්, බැස යනවා.
තුන් වෙනුව සංස්කාරයන්ට උපෙක්ඛා ඇති නිසා එම සංස්කාරයන් ඉවතලන්නේ නම්, සංස්කාර නිසා අත්තා නොවේ. එසේ නම් අර සබ්බාසව දෙකේ දී අපි ඉගෙන ගත්තේ, සංස්කාර නිසා ඇති වන අත්ත සඤ්ඤාවෝ බැස යනවා. ඒ නිසා වන අවිද්‍යා ආශ්‍රව බැස යන්නේ, ඒ කියන්නේ අපි මේ පෙන්නන්නේ, සංස්කාර අත්තා කියලා ගත්තොත් අර දෙවෙනි අත්තා හැදෙනවා නේ, ඒ අත්ත සඤ්ඤාව අර area 4 එකේ එන්නා වූ, අත්ත සඤ්ඤාව නැති වෙලා යනවා. ඒ නිසා අවිද්‍යා ආශ්‍රවයන් කියන ඒවා බැහැලා යනවා. අත්තාගේ පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රවය. එමගින් වන්නා වූ, කාම ආශ්‍රව බැහැලා යනවා. 50% පාරේ නොපැමිණීමට තුඩු දෙනවා. එමගින් චේතනා වීමත් බැස යනවා. එනමුදු රාග අනුසය නිසා ඇති වන්නා වූ දහම් පැවතිය හැකි ය. එමගින් ද නොසෙල්වෙන්නේ නම්, නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
එතන අපි ඉගෙන ගත්ත නේ උපෙක්ඛා චෙතො විමුක්තියේ දී තිබෙන්නා වූ අර රාග අනුසය උපෙක්ඛා අප්‍රමාණය තිබුණත්, රාග අනුසය කියන එක තියෙන්න පුළුවන් කියලා යම් අයෙකුට. එතකොට මේ භාවනාව හරි පුදුමයි. ඒ කියන්නේ අපිට හොඳට පේනවා. ඒ පලාසය කියන එකේ ස්වභාවයත් එක්ක ඇති වෙන්නා වූ ඒ තණ්හාව කියන කතාව, අර දෙන්නෙක් ඇදගෙන යනවා කියන එක නේ ඕකෙ වැටහීම තිබුණේ. ඒ භාවනාව පුදුමාකාර භාවනාවක්. මේකෙන් නිකන් පේනවා කරන්න බැරි දෙයක් නැහැ වගේ. අන්න ඒ තරම්. තමන්ට අකුප්පා චෙතො විමුක්තියට යන්න ඕන නම්, ඒ පැත්තට යන්න පුළුවන්. ඒ වගේ ම උපෙක්ඛා අප්‍රමාණයෙන් ඉන්න පුළුවන්. මේකේ මේ විශ්වයේ සැරිසරනවා කියන එක හිටන් සිද්ධ වෙනවා. ඒ තණ්හාවත් එක්ක ඒ පලාසයේ තිබෙන්නා වූ සම්බන්ධතාවය පුදුමාකාර විදිහට අපිට පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.