පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී සිහි කළේ, යමෙක් මෙත්තා සූත්‍රය මෙන් භාවනාව ආරම්භ කරන්නේ, සිල් පද හතකින් අනතුරුව කුලෙසු අනනුගිද්ධො දක්වා පැමිණ, අත්හැරීම කරන්නේ නම්, එනම් වේදනා කුලයට ඇති තණ්හාව ඉවත් කර සම්මා දිට්ඨිය ඇති වන්නේ ද, ඉන් අනතුරුව ඊයේ භාවනාව හා සම්බන්ධ වන්නේ නම්, ඒ කියන්නේ අවසානයට සඳහන් කළ කාරණා තුන විමසන්නේ නම් කුමක් වන්නේ ද යන්නයි.
පළමුව, පෙර කළා වූ සංස්කාරයන් අත්හැරීමෙන් වන සුඛය නිසා එම සංස්කාරයෝ දුක වශයෙන් දැන අත්හරින්නේ නම්, එනම් උපෙක්ඛා නිමිත්ත මගින් උපනාහය සහ එමගින් ඇති වෙන්නා වූ පලාසය ඉවත් වේ. එසේ නම් අදත්තාදාන, කාමයෙහි වරදවා හැසිරීම, දුක වශයෙන් දන්නේ, යම් රූපයක් දක්නේ ද එය ඇසුරු කර පෙර කළා වූ සංස්කාරයන් කිරීමට නොසිතයි. එවැනි රූප සෙවීම අතහරියි.
එතකොට ඒ කියන්නේ ඊයේ කාරණා තුනෙන් පළවෙනි කාරණාව බලනවා. පළවෙනි කාරණාවෙන් මෙන්න මේ අගයට එනවා. දෙවනුව, යම් දහමක් පැවැත්වීමට ඇති කැමැත්තක් වේ ද එය සංස්කාර මගින් ම සිදු කරනු ලබයි. එම සංස්කාරයන්ට උපෙක්ඛා ඇත්තේ ඒවාට මාන නොවන්නේ, දිට්ඨි අනුසය පාර ඔස්සේ වේදනාවට පැමිණීමත්, එමගින් චේතනා වීමත් බැස යයි කියලා ඊයේ ඉගෙන ගත්තා. අන්න ඒ කාරණාවෙන් අපිට පේනවා, එසේ නම් රූපයට සුඛ යැයි නොකියන්නේ, එම රූපයන් කෙරෙහි සිතේ හටගෙන ඇති සංකප්ප ධර්මයන්ට රාග නොවන්නේ කාමච්ඡන්දය ගිලිහී යයි. ඒ නිසා ම ව්‍යාපාද ධර්මයෝ ගිලිහී යයි. තුන් වෙනුව සංස්කාරයන්ට උපෙක්ඛාව ඇති නිසා එම සංස්කාරයන් ඉවතලන්නේ නම් සංස්කාර නිසා අත්තා නොවේ. එසේ නම් සබ්බාසව 2හි මෙන් අත්ත සඤ්ඤාව බැස යයි. ඒ නිසා අවිද්‍යා ආශ්‍රව බැස යන්නේ එමගින් වන්නා වූ කාම ආශ්‍රව බැස යයි. 50% පාරේ නොපැමිණීමට තුඩු දේ. එමගින් චේතනා වීමත් බැස යයි කියලා ඊයේ ඉගෙන ගත්තා.
මෙසේ අවිද්‍යා ආශ්‍රව නොවන්නේ නන්දිය බැස යයි. මේක අර දුක්ඛ table එකේ පහළ line එකේ විදිහට හිතන්න ඕන. කාමච්ඡන්දයත්, නන්දියත් බැස යන්නේ නම් අභිජ්ඣාව බැස යයි. එසේ නම් උපෙක්ඛා අප්‍රමාණය මගින් දස කුසලය මනා කොට පවත්වන්නේ, නිර්වාණය ම සාක්ෂාත් කරනවා. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
ඒක අර diagram එකත් එක්ක කෙනෙකුට බලන්න පුළුවන්. 2b diagram එකෙන් වගේ ඇවිල්ලා, එක පැත්තකින් අපි අර සංස්කාරයන් අතහැරලා ගත්තහම අර දිට්ඨි අනුසය පාරේ යන්නේ නැහැ. ඒක නිසා පළවෙනි කාරණා දෙක මගින්, ඊයේ සඳහන් කළ කාරණාවලින්, එකයි, දෙකයි කාරණා දෙක මගින් රූපය ඇසුරු කර සංස්කාර කිරීමට නොසිතීමත් රූපය සුඛ යැයි නොකියනවා නිසා කාමච්ඡන්දය යනවා.
ඊළඟට අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට එන්නේ නෑ. කාම ආශ්‍රවය, නන්දිය, කාම ආශ්‍රවය කියන්නේ සුඛයි කියන එකේ පසු සඤ්ඤාව, එහෙනම් ඒ කියන්නේ නන්දි කතාව නැහැ. ඔන්න ඔය අර්ථයෙන් දස කුසලය.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්