පූජාවෙන් පස්සේ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ උපෙක්ඛා නිමිත්ත භාවිතා කරන අයෙකු ආශ්‍රව නැසීම සඳහා කොපමණ විරියක් භාවිතා කළ යුතු ද යන්නයි. යම් උපෙක්ඛා නිමිත්තක් වේ ද එය පරිපූර්ණව පවත්වන්නේ නම් තුන් විරියකින් ආශ්‍රව නැසීම කළ හැකි වන්නේ ය.
මෙය අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය දී සාකච්ඡා කළ කාරණා හතරෙන්, දෙක තුන හතර යන කාරණාවන් ය. අපි දන්නවා පළවෙනි කාරණාව උපෙක්ඛා නිමිත්තෙන් ම නැති වෙනවා කියලා. දෙක තුන හතර යන කාරණාවලින්, දෙවෙනි කාරණයට තමයි සඳහන් කළේ යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි. එතන අව්‍යාපාද විතක්කයෙන් ඒක නැති වෙනවා කියලා සාකච්ඡා කළා. තුන් වෙනියට පෙන්නුවා යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද එම කුසලයෝ වඩා තිබිය යුතු ය. ඒක අපි ඉගෙන ගත්තා අධිචිත්ත ශික්ෂාවෙන් වෙනවා කියලා. හතර වෙනියට පෙන්නුවා යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතු ය. ඒක අපි ඉගෙන ගත්තා පග්ගහ නිමිත්තෙන් ඇති වෙනවා කියලා.
මේ කාරණා තුන ඊයේ භාවනාවත් එක්ක සසඳා බලන්නේ, රූප සෙවීම අත්හරින්නා වූ පළවෙනි කාරණය මගින් ම, එම රූපයන් ගන්නේ නම් ඇති වන ව්‍යාපාද ස්වභාවය නැති වන්නේ, අව්‍යාපාද විතර්කය ඇති වේ. පලතුරු ගෙඩියක් කා හෝ ජීවත් වීම කළ නොහැකි බව, උපෙක්ඛා නිමිත්ත මගින් එහි මනා කොට බැස ගත් අයෙකුට වැටහේ. අර පෝතලිය සූත්‍රය භාවනාවෙන් අදහස් වේ.
ඊළඟට පෙන්නනවා සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ ඇත. සම්මා ඥානය තුළ සංස්කාර ඉවත් වීමෙන් සඤ්ඤා ඉවත් වීමත්, යන ධර්ම දෙක ම අඩංගු වේ. සංස්කාරත් ඉවත් වෙනවා. සඤ්ඤාවත් ඉවත් වෙනවා. එසේ නම් ඊයේ සඳහන් කළ තුන් වැනි කාරණය මගින් මෙය සිදු වන බව වැටහේ. සංස්කාර ඉවතලීම මගින් එය සිදු විය. එතකොට ඊයේ තුන් වැනි කාරණය තමයි මෙතන මේ කාරණාවන් එකක් සම්බන්ධ වෙන්නේ.
ඊළඟට පග්ගහ නිමිත්ත මගින් කුසලයෝ මුළා නොවී පවත්වයි. ඊයේ සඳහන් කළ දෙවන කාරණයේ දී, රූපයට සුඛ යැයි නොකියන්නේ නම් එමගින් රූපය ඉක්මවයි. රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා. ස්පර්ශයක්වත් සිදු නොවේ නම් වේදනා නිරෝධයත්, තණ්හා නිරෝධයත් වන්නේ ය. තුන් වන චතුරාර්ය සත්‍ය මනා කොට එළඹේ. එසේ නම් උපෙක්ඛා නිමිත්ත මගින් ඇති වන්නා වූ උපෙක්ඛා අප්‍රමාණය මගින් ම, උපෙක්ඛා නිමිත්ත මනා කොට පවත්වන බව පෙනේ, වැටහෙනවා. එතන නිවන ඇත. ඔහු එතනත් නැත මෙතනත් නැත. මේ තැන් දෙකෙන් ම මිදුණේ නම් නිවන පමණක් සාක්ෂාත් කරයි.
ඒකයි ඒ පෙන්නන්නේ. උපෙක්ඛා නිමිත්තෙන් අපි උපෙක්ඛා අප්‍රමාණයට ගිහින්, උපෙක්ඛා අප්‍රමාණයෙන් ආපහු උපෙක්ඛා නිමිත්ත, අර විදිහට පවත්වන්න ඕන. අන්න එහෙම නම් මේ තුන් ධර්මයෝ කියන ඒවා අයින් කිරීම කියන එක සිද්ධ වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.