ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ මෙත්තා චෙතො විමුක්තිය. මෙත්තා චෙතො විමුක්තිය, මෙත්තා අප්‍රමාණයට පසුව සිදු වන බවත්, නිත්‍යභාවය ඉවත් කිරීම මගින් මෙත්තා චෙතො විමුක්තිය වන බවත් අපි ඉගෙනගෙන තියෙනවා.
යම් මෙත්තා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ අන්තර්ගතව පවතින්නා වූ මෙත්තා ස්වභාවයට උපෙක්ඛා නිමිත්ත එකතු වන්නේ නම් සියලු සංස්කාරයන් විෂයයෙහි යම් වෙන් කිරීමක් මෝහය විසින් සිදු කළා ද එය ගිලිහී යයි. උපෙක්ඛා නිමිත්ත, උපෙක්ඛා අප්‍රමාණය මගින් පෝෂිත වන්නේ නම් එවන් වූ උපෙක්ඛා නිමිත්තේ ඇති බලවත්කම ඊයේ භාවනාවෙන් අපි වටහා ගත්තා. ඒ විදිහට වටහා ගන්නේ, යම් දහමක් තුන් විරිය මගින් පහ කිරීමට කිසිදු බාධාවක් නොවන්නේ ය. එසේ නම් ඉතා පහසුවෙන් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය. මෙය කෙසේ සිදු වන්නේ ද?
මෙත්තා අප්‍රමාණය වූයේ හැම සත්වයා ම දුකේ වැටී සිටින බව දැන, සත්ව පුද්ගල යන මතය දුක යන අර්ථයෙන් පහ කිරීම මගින් මෙත්තා චෙතො විමුක්තිය වූයේ පවතිනවා යන අදහස අනිත්‍ය යන අර්ථයෙන් පහ කිරීම මගිනි. ඒ කාරණා දෙක. මෙයට අප්‍රමාණයේ ඇති සංස්කාර ඉවත් කිරීමේ හැකියාව එකතු වන්නේ නම්, අවිද්‍යා ආශ්‍රව නොවන්නේ රාග අනුසයට පහර වදී. කුමන අවිද්‍යා ආශ්‍රවයක් ද? මෙත්තා චෙතො විමුක්තිය යන සංස්කාරය නිසා එහි යම් පැවතීමක් නිසා ඇති විය හැකි අවිද්‍යා ආශ්‍රවය. රූපයට සුඛ යැයි නොකියන්නේ සංස්කාරවලට ඇති මාන ස්වභාවය නැති වීමෙන් ය. උපෙක්ඛා අප්‍රමාණය මගින් සංස්කාරවලට ඇති මානය පහ කරන්නේ නම්, රූපයට සුඛ යැයි නොකියන අතර, පෙර සඳහන් කළා වූ සංස්කාර ඉවත් වීම මගින් අවිද්‍යා ආශ්‍රව නොවන්නේ, රූප කෙළවර ද, සංස්කාර කෙළවර ද, යන දෙකෙළවර ම පහ කරයි. රාග අනුසය කරා නොපැමිණීම මගින් ම ආශ්‍රවයන් නසයි.
ඉතින් මේ භාවනාවේ තියෙන්නේ, ඒ මෙත්තා චෙතො විමුක්තියට අපි සඳහන් කළා නේ යන හැටි, අර අධිචිත්ත ශික්ෂාවෙන් ඇවිල්ලා තුනයි පහයි හතයි කාරණා නේ බැලුවේ. අලෝභ පාරේ. ඒ විදිහට ගිහින් මතකයි නේ අර පෙන්නුවා බල්ලයි මනුෂ්‍යයායි වෙන් කරන්න යන්නේ නෑ, මෙයා පවතිනවා කියලා. ඒ නිත්‍යභාවය අයින් කරලා නේ ද. එතකොට අපි මෙත්තාවෙන් අප්‍රමාණයට යනකොට ම මුලින් ම අර දුකයි කියන එක අරගෙන වචන ටික ගිලිහී ගියා. ඊට පස්සේ බල්ලයි අනෙක් පුද්ගලයයි මනුෂ්‍යයායි ඉන්නවා කියලා, මනුෂ්‍යයාට අගය දෙන්නේ නැතිව මනුෂ්‍යයායි දෙවියයි කියලා, දෙවියා පවතිනවා කියලා අගය දෙන්නේ නැති වුණහම, මෙත්තා චෙතො විමුක්තිය. ඒ උපෙක්ඛා අප්‍රමාණය කාරණා ඒකට එකතු කළායින් පසුව අර සුඛයි කියන කතාව නෑ. සංස්කාරවලට මානය අයින් කරලා එහෙනම් රූපයට දෙන්නේ නැහැ සුඛ කතාව. ඒක යනවා.
අනෙක් පැත්තෙන් ගත්තහම අවිද්‍යා ආශ්‍රව කතාව අයින් වෙනවා. සංස්කාර ඉවත් කිරීම. මේක කළහම වෙන්නේ මොකක් ද, අකුප්පා චෙතො විමුක්තිය. මෙත්තා චෙතො විමුක්තියට උපෙක්ඛා අප්‍රමාණය එකතු කළහම අකුප්පා චෙතො විමුක්තිය. මුල ඉඳන් ම ඒක පවතිනවා, ඒ විදිහට ම ඒක තේරුම් අරගෙන කරනවා නම්.
ඒක තමයි මං කරපු භාවනාව.