ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ මුදිතා අප්‍රමාණය. යම් මුදිතා අප්‍රමාණයක් වේ ද එය තුළ පළවෙනියට a කියලා කිව්වොත් රූපය එපා යන විරියත්, b කිව්වොත් මිච්ඡා ආජීවය එපා කියන්නේ එයින් ඇති වන මානයත්, මිච්ඡා ආජීව නිසා ඇති වන මානයත් එමගින් වන අත්ත සඤ්ඤා බැස යන විරියත්, අපි තුන් වෙනි කාරණය c කියලා කිව්වොත්, චතුරාර්ය සත්‍යයේ මනා කොට බැසගන්නේ විශේෂිතව සංස්කාර ඉවතලන්නේ, ඒ කියන්නේ සංස්කාර නිසා වන සඤ්ඤා, සංස්කාර ඉවතලන විරියත් අඩංගු වේ. අපි මේක ඉගෙන ගත්තා 13/05/2016 මුදිතා චෙතො විමුක්ති භාවනාවේ දී.
මෙම තුන් විරියන් එකට මුසු වන්නේ නම් සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය ඇති වන්නේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය ඇති වෙන බව අපි ඉගෙන ගත්තා. ඒකෙන් මුදිතා අප්‍රමාණය කියන එක සිද්ධ වෙනවා.
ඉතින් ඕකත් හරි ලස්සනයි ඔය කාරණාව, සමාපත්ති ධර්මයන් පහ කරනවා කියලා අපි පෙන්නනවා නේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියේ විරියවල් තුනක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන විරිය එකයි, හතරයි, තුනයි නේ පෙන්වන්නෙ. ඉතින් ඕක කෙනෙකුට ගළපන්න පුළුවන් ලස්සනට එතනට එන්නා වූ ධර්මයන් එක්ක. දැන් අපිට තියෙනවා අව්‍යාපාද විතක්කය ද්වේෂය පහ කරනවා. මුළා වෙලා ඉන්නේ නැහැ එහෙම කියලා, ඒකත් එක්ක හොඳට සසඳලා බලන්න පුළුවන්. ඉතින් ඕක කළහම මුදිතා අප්‍රමාණය වෙනවා. ඒ වෙලාවට හොඳට තේරෙනවා සතිය මෙතන මේ පැත්ත. හරියට හිතන්න මේ රූප කෙළවර, ජාති කෙළවර පහළ නිකට පැත්ත. උඩ සතිය එතකොට මේ පැත්තෙන් මේ කන හරියෙන් දැනෙනවා තුන් පැත්තකින් ඇවිල්ලා කියලා සම්බන්ධතාවයක් සුඛයක් සහගත ස්වභාවයක් තියෙනවා. උපෙක්ඛා අප්‍රමාණය තුළ මෙම තුන් ධර්මයන්ගෙන් කුමක් අඩංගු ද? අර b සහ c මගින් දක්වන විරිය මගින් පහ කරන ධර්මයන් පහ කිරීමට, උපෙක්ඛා අප්‍රමාණය දක්ෂ වේ. a පමණක් ඉතිරි වෙනවා.
a කිව්වෙ අර රූපය එපා කියන විරිය. එනමුදු උපෙක්ඛා අප්‍රමාණය තුළ රූපයට සුඛ යැයි පැවරීම නැත. උපෙක්ඛා අප්‍රමාණයට ගිය පුද්ගලයා සුඛ යැයි නොකියයි. කෙනෙකුට තේරෙනවා නේ සුඛස්‌ස ච පහානා කියලා එහෙම නේ යන්නේ. මුදිතා අප්‍රමාණයට ගිය පුද්ගලයා තවමත් රූපයට සුඛ යැයි පැවසීම ඉවත් කර නැත. උදාහරණ වශයෙන් ගතහොත් මුදිතාව වඩන්නේ තමා ඵල චිත්තය නංවා අන් අයත් නංවන්නා වූ ඵල චිත්තයෙන් නොපිරිහේවා යනුවෙනි. එනම් එහි ආස්වාදයක් යම් පමණකට ගැබ්ව ඇත.
නමුත් ඔහු අත්තා යැයි නොගනී. මම කිව්වේ මේ පැත්තේ සුඛ සහගත ස්වභාවය තියෙනවා. නමුත් ඒක මගේ කියලා ගන්න ස්වභාවය නැතිකම කියන එක තේරෙනවා. මේක කොහොම ද සිද්ධ වුණේ? සුඛය පරාමාස වුවහොත් අත්තා යන ධර්මය හටගන්නවා. අපි දන්නවා වේදනාවෙන් සුඛය පරාමාසය, පරාමාසයෙන් අත්තා. ඊට පස්සේ භය අගතියෙන් වේදනාව. ඒ කතාව ඇති වෙනවා. එසේ නම් සුඛය පරාමාස නොවිය යුතු ය. සුඛය පරාමාස නොවන්නේ කෙසේ ද? වරදවා වටහා ගැනීම නැති වීමෙනි. එනම් සුඛය තාවකාලික බව දත යුතු ය. මෙය කෙසේ සිදු වන්නේ ද? සුඛ සඤ්ඤාව මගේ යැයි නොගැනීමෙනි. අර සඤ්ඤාව ඉඳන් පරාමාසයට එන එක නැති වෙන්න ඕන. එසේ නම් විඤ්ඤාණ ධාරාව පරාමාසය වටේට ගැලීමක් විය යුතු අතර පරාමාසයට බැස නොගත යුතු ය. එහෙනම් diamond එක හරහා පමණක් ගලන්න ඕන.
Diamond එක කිව්වෙ වේදනා, චේතනා, ඉදංසච්ච, භය අගති ආපහු වේදනාවට එන diamond එක. ඒකේ අර පහළට බැසීමක් නෑ. හැබැයි ඉතින් ඕකේ සියුම්ව යම් වූ දෙයක් තියෙනවා. විඤ්ඤාණයේ සිට පරාමාසයට එන නිත්‍ය කතාවේ යම් වූ ස්වභාවයක් තියෙනවා. ඒක නෙමෙයි බලන්න ඕන. අර diamond එකේ තමයි මේක දුවනවා කියන එක. ඒක තමයි මුදිතා අප්‍රමාණය කියන එක. මෙයට උපෙක්ඛා අප්‍රමාණය එකතු වන්නේ නම් මාන පාර කැපේ. ඒ කියන්නේ ඉදංසච්ච සිට භය අගතියට එන පාර කැපීම කියන එක තියෙනවා. එමගින් ධාරාව නවතී.
එපමණකින් ම අවසන් නොවේ. ඉදංසච්ච තුළ තිබුණා වූ යම් දහමක් මගින් එනම් අවිද්‍යා ආශ්‍රවය සිට කාම ආශ්‍රව දක්වා යෑමට තුඩු දෙන්නා වූ යම් දහමක් වේ ද එය ද පහ විය යුතු ය. මෙම ධර්මයෝ කෙසේ සකස් වී ද? රාග අනුසය මගින් චේතනාවේ යම් හට ගැනීමකට තුඩු දීමක් ඇත්ද, එය මගින් ඉදංසච්චයේ යම් ඇවිස්සීමක් ඇත්ද, එය ප්‍රමාණවත් ය. එහෙම නම් අපිට පේනවා අර ජාතියේ ඉඳන් වේදනා රාග අනුසය පාර චේතනාවට ගියා චේතනාවෙන් ඉදංසච්ච, ඉදංසච්චයෙන් පහළ අවිද්‍යා ආශ්‍රව කියන තැනට එනවා. එතකොට ඔය අවස්ථාවේ දී අපි කිව්වේ අර සියුම්ව තියෙනවා කියලා විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයට නිත්‍ය ස්වභාවය ඉස්සෙල්ලා. එතකොට ඒකෙන් පරාමාසයේ සිට එනවා සංස්කාරයට, පහළ සංස්කාරයට. දැන් අවිද්‍යා ආශ්‍රවය, එහෙනම් කාම ආශ්‍රවයට යන්න තුඩු දෙනවා කියන එක සිද්ධ වෙනවා.
එසේ නම් මින් අනතුරුව මුදිතා චෙතො විමුක්ති වීම හෝ උපෙක්ඛා චෙතො විමුක්ති වීම යන කාරණා දෙකෙන් එකක් හෝ දෙක ම හෝ භාවිතා කරන්නේ එමගින් අකුප්පා චෙතො විමුක්තිය ඇති වී නිර්වාණය සාක්ෂාත් කරයි.
එතකොට මේ පෙන්නුවේ මුදිතා අප්‍රමාණයට, උපෙක්ඛා අප්‍රමාණය එකතු කරලා වැඩේ ඉවර කරගන්න බැහැ. එක්කෝ මුදිතා චෙතො විමුක්තිය වෙන්න ඕන. එතකොට අපි දන්නවා උපෙක්ඛා අප්‍රමාණයත් එක්ක අකුප්පා චෙතො විමුක්තිය එහෙම නැත්නම් උපෙක්ඛා චෙතො විමුක්තිය වෙන්න ඕන කියන එක. දැන් ඉතින් මේක මේ විදිහට හොඳට තේරෙනවා උපෙක්ඛාව ආවයින් පස්සේ මම කිව්ව නේ මූණේ මේ පැත්තෙන් දැනුණා කියලා. මේ පැත්තෙන් ප්‍රඥාව තාවකාලිකයි කියන කතාව එහෙම. ප්‍රඥාව කියන එක ආවහම වේදනාවට තියෙන සුඛ ස්වභාවය කියන එක නැති වෙලා යනවා. ඒක මට හොඳට තේරෙනවා. මේක නැහැ දැන් තියෙන්නෙ අර සුඛ කතාවක් නැහැයි කියන එක. දැන් ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ ද?
මතක ද බොජ්ඣඞ්ග diagram එකේ අපි ඉගෙන ගත්තා වේදනා, චේතනා, ඉදංසච්ච අපි cut කරනවා. Cut කරලා තමයි අපි ආකිඤ්චඤ්ඤායතනයට යන්නේ. දැන් උපෙක්ඛාවේ දී අපි කිව්වා මේ පහළ එක කපන්නේ නේ ද? ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන එක. හැබැයි අපි දන්නවා නේ ද උපෙක්ඛා අප්‍රමාණ වෙලා තමයි අපි ආකිඤ්චඤ්ඤායතනයට එහෙම යන්නේ. මතක නැද්ද? ජාති ජරා ව්‍යාධි මරණ අන්න එතනට ආවහම උපෙක්ඛාව. එතන ඉඳන් අනෙක් පැත්තට එකක් ආවා නම් ආකිඤ්චඤ්ඤායතනය කියලා කිව්වා.
එතකොට මේක වෙලා නේ වෙන්නේ. එතකොට මම රහතන් වහන්සේගෙන් ඇහුවා මේක ගැන කොහොම ද කියන එක. එතකොට රහතන් වහන්සේ ඇහුවේ “අර ආකිඤ්චඤ්ඤායතනයට ගිය පුද්ගලයා ආකිඤ්චඤ්ඤායතනය අල්ලාගෙන ඉන්නවා නේ ද?” උපෙක්ඛා අප්‍රමාණයෝ ඒක නැහැ. එයා අල්ලගෙන ඉඳීමක් නෑ. අරයා අල්ලා ගන්නවා. අරවා එපා කියලා මේ කෙළවර අල්ල ගත්තා. මෙයාගේ එහෙම එකක් නෑ.
එතකොට මේක හරියට ගත්තහම හරියට පාරවල් තුනක් හිතන්නකෝ. ලොකු පාරක් උපෙක්ඛා අප්‍රමාණය broad. එයා මෙහෙම. ආකිඤ්චඤ්ඤායතනය කිව්වහම කුඩා තනි පාරක් හැබැයි ඒ තනි පාර දිගේ ගොඩක් ඈතට ගිහිල්ලා, අන්න ඒකයි තමන්ට තේරෙන්නේ. පාරවල් තුන එතකොට හිතන්නකෝ ආකිඤ්චන විමුක්තියට එනකොට එහෙම නම් අපි අනෙක් පැත්තට අපි එනවා නේ. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඉඳලා එන එකකුත් තියෙනවා නේ ද? පාරවල් තුනක් වගේ නේ. අන්න එහෙම broad ගතියක් අරකෙ තියෙනවා උපෙක්ඛා අප්‍රමාණයේ. අරක කුඩා පාරක අර specialised කරනවා කියන්නේ පෙළක් අය මොනවා හරි area එකක්. PhD එකක් කරනකොට වගේ අන්න ඒ වගේ කුඩා area එකක්. ඒක හරහා ගියා කියන එක, හරි ලස්සන භාවනාවක්.
ඒක තමයි මං කරපු භාවනාව.