Date: 05/07/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ ප්‍රඥා විමුක්තිය. යම් ප්‍රඥා විමුක්තියක් වේ ද එය මගින් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කෙසේ ඇති වන්නේ දැ යි විමසා බලමු. අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය යනු ආශ්‍රවයන් ක්ෂය කිරීම වශයෙන් ද එය හතර ආකාරයකින් සම්පූර්ණ විය යුතු බව ද අපි ඉගෙන ගත්තා. කාරණා හතර මොකක් ද?

යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතු ය. ඒක තමයි උපෙක්ඛා නිමිත්තෙන් වෙන්නේ. දෙවෙනියට පෙන්නනවා යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද එම ආශ්‍රවයෝ පහ කළ යුතු ය. ඒක අව්‍යාපාද විතක්කයෙන් වෙන්නේ. තුන් වෙනියට පෙන්නනවා යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද එම කුසලයෝ වඩා තිබිය යුතු ය. එතකොට ඒක අධිචිත්ත ශික්ෂාව. හතර වෙනියට පෙන්නනවා යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතු ය. පග්ගහ නිමිත්ත.

එතකොට ප්‍රඥා විමුක්තිය තුළ ඉහත සඳහන් කාරණාවලින් එකයි, තුනයි, හතරයි යන ධර්මයෝ පහසුවෙන් සිදු කළ හැකි ය. කෙසේ ද? පළවෙනියට පෙන්නනවා ප්‍රඥා විමුක්තිය තුළ උපෙක්ඛා නිමිත්ත මනා කොට එළඹී තිබේ. ඒ නිසා නොඉපදී ඇති ආශ්‍රවයෝ ඉතා පහසුවෙන් පහ කරයි. තුන් වෙනියට ප්‍රඥා විමුක්තියට එළඹෙන්නේ හත් වෙනි ධ්‍යානයට එළඹ එම සඤ්ඤාවේ අනිත්‍යභාවය මනා කොට අවබෝධ වීමෙන් අනතුරුවයි.

එසේ නම් අධිචිත්ත ශික්ෂාවේ ගුණයෝ එහි ඇත. විශේෂයෙන් සමුදය අස්තංගමය දන්නා බැවින් අරහත්ත ඵල චිත්තයක ඇති ගුණයන් එහි ඇත. ඊළඟට අපි හතර වෙනි කාරණය බැලුවම පග්ගහ නිමිත්ත තුළ දුක්ඛ නිරෝධ සත්‍යය ඇත. ප්‍රඥා විමුක්තිය තුළ අස්තංගමය හෙවත් නිරෝධය ඇත. ඉතිරිව ඇත්තේ යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද එම ආශ්‍රවයන් පහ කළ යුතුයි යන්න පමණි. එනම් ප්‍රඥා විමුක්තිය නිසා සියුම්ව හටගන්නා වූ ඇලුම් කටයුතු ස්වභාවය මගින් අනිත්‍ය ස්වභාවය දන්නා වුවත් එම ප්‍රඥා විමුක්තියෙන් හෝ ජීවත් වෙමියි යන අදහස ආශ්‍රව වශයෙන් පවතී.

මෙම පසු සඤ්ඤාව පහ වන්නේ අමෝහය ඇති වීමෙනි. මෙය කෙසේ සිදු වන්නේ ද? ප්‍රඥා විමුක්තියත් සකස් කළා කියන එක මනා කොට අවබෝධ වීමෙනි. මෙසේ වීමට නම් රාග අනුසය හරහා වන චේතනාවෝ ඉවත් විය යුතු ය. මෙය වීමට නම් නන්දි නොවන්නේ නම් සුඛ වන බව අවබෝධ විය යුතු ය. දුක්ඛ table එකේ කතාව.

ඉතින් මේක තමයි භාවනාව. ඕකේ පේනවා ඔය නන්දියයි පටිච්ච සමුප්පාදයයි, මතක ද අපි චූළසුඤ්ඤත එකේදි එහෙම පෙන්නුවේ. මේක කරන්න තියෙන්නෙ ඔය අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කියන තැනට අපි එන්න ඕන. එතෙන්ට එනකන් අර උපෙක්ඛා නිමිත්ත එහෙම භාවිතා කරලා එතනට ඇවිල්ලා ඊට පස්සේ ප්‍රඥා විමුක්තිය නංවන්න ඕන.

ප්‍රඥා විමුක්තිය නංවන්න, මම භාවිතා කළේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රය තිබෙන්නා වූ අර කාරණා තුන. අපි දන්නවා අභිනිවේසය, අවිද්‍යාව, මෝහය, ඔය තුන මගින් සුභයි කියලා ඇදෙනවා කියන එක තියෙනවා නේ. ඔන්න ඕක භාවිතා කළා. ඒක භාවිතා කළාට පස්සේ තමන්ට හොඳට ම පේනවා අර පළවෙනි කාරණාව කියන එක.

ඒ කියන්නේ පළවෙනි කාරණාවේ දී ආශ්‍රවයක් ඉපදිලා නැත්නම්, ආශ්‍රවයන් කොහොම ද අපිට ඉපදෙන්නේ? අපි දන්නවා අර පෙති තුන කැරකෙන්න ඕන. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක පිටිපස්සෙන් ඉන්නවා. ඉස්සරහට එනවා භය අගති, සෝක, කාම ආශ්‍රව.

ඊළඟට එතනින් එනවා තණ්හා, දිට්ඨි ආශ්‍රව දක්වා අපි එනවා. ඔන්න ඔය කාරණා ටික බැලුවම අපිට පේනවා ඒක තමයි සමුදය හැටියට තියෙන්නෙ. එතකොට එහෙම නම් මම ආශ්‍රවයක් අනුප්පන්නානං කියන එක නේ. ඉපදිලා නැති එක උපදවන්නේ නෑ. මේ විදිහටයි ඉපදෙන්නේ. එතකොට අරකෙන් ඒක කැපිල යනවා කියන එක එනවා.

ඊළඟට තුන් වැනි කාරණය පැහැදිලියි නේ. ඵල චිත්ත කියන එක තියෙනවා නම් අරහත් ඵල චිත්තය හරි ඵල චිත්තය කියන එක තියෙනවා නම් තමන්ට ඒක නැති වෙනවා කියන එක තියෙනවා.

හතර වෙනි කාරණයට ගත්තහම අර පග්ගහ නිමිත්තෙන් කරන්නා වූ දේ. අන්න එතනදි තමන් කල්පනා කරන්න ඕන මේ තුන ඇයි ඇදෙන්නේ? මෝහයයි, අභිනිවේසයයි, අවිද්‍යාවයි. එතකොට එහෙම නම් දැන් කියන්නේ මොකක් ද? මේ මෝහය, අන්තිම එක. දෙවැනි කාරණාව නැති කරන්නෙත් මේ මෝහය නැති කිරීමෙන් නේ.

එතකොට මෝහය පෙන්නනවා මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. මේකෙන් ඉන්නවා කියන එකත් පුළුවන් දෙයක් නොවෙයි. එතකොට එහෙනම් ඒ ආස්වාදයත් එනවා. ලොකු belt එක කරකැවුණොත් තමයි සුභයි කියලා අරක මෙහාට ඇදෙන්නේ. ඒක හොඳට එනවා. ඕක නේ අපි සුඛ වන්නේ ද කියන කතාව ඔතනින් ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙම නම් මම ඒක කරන්න යන්නේ නැහැ. අර කාරණා තුනෙන් මෝහය ඉලිප්පිලා එනවා එතනදි.

ඒක තමයි මං කරපු භාවනාව.

මේක කළහම අපි හිතමු රහතන් වහන්සේලාට ආපහු කෘතඥතාවය කරනවා නේ ද, මම අද තේරුම් ගත්තේ මොකක් ද දන්නවද මම කිව්වේ උපෙක්ඛාව කියලා. ඒ වචනය කිව්වට මනස නැංවූවාට මණ්ඩලාධිපති බුදුපියා කියලා, ශුන්‍යයි. ඒ කියන්නේ නැහැ. තමන්ගේ මනසේ තියෙන space එක තුළ අර object එක නැහැ. මණ්ඩලාධිපති බුදුපියා කියන එක නැහැ. Empty. තමන් වචනය දැම්මට empty. ඒ කියන්නේ අරකට අල්ලන්නේ නැහැ. සිත ගිහිල්ලා ඉවරයි. ඒ වචනය විතරයි එතන එන්නෙ. අන්න ඒකයි අර ඉහළට ම එනවා කියන්නේ. එතකොට ඒ කියන්නේ object එකට ඇල්ලුවා නම් මොකද වෙන්නේ දැන් අපි ඊයේ ඉගෙන ගත්තා නේ ද ආකිඤ්චඤ්ඤායතනය කියන එක. උපෙක්ඛාවෙයි, ආකිඤ්චඤ්ඤායතනයෙයි කතාවෙදි අතනට ඇල්ලුවා නම් වැඩේ ඉවරයි නේ. ඇල්ලුවෙ නැත්නම් නැහැ. ඒකයි තියෙන්නෙ. ඒක ලස්සනට මට වැටහුණා.