ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මෙනෙහි කළේ උපෙක්ඛා අප්‍රමාණය. උපෙක්ඛා අප්‍රමාණය, ආහාරයේ පටික්කූලතා සඤ්ඤාව සමඟ වඩන්නේ නම් කුමක් වන්නේ ද යන්නයි. ආහාරයේ පටික්කූලතා සඤ්ඤාව මගින් ආහාරයේ රස තෘෂ්ණාව පහ කරන බව අපි දන්නවා. එතකොට ඔය පුරාභෙද සූත්‍ර 2 slide 8 වල දී අපි ඉගෙන ගත්තා මේ පරාමාසය සහ චේතනා අතර පාර කැපීම මගින් උපෙක්ඛා අප්‍රමාණය වෙනවා කියලා. Path F කියලා තමයි ඒකෙ ලකුණු කරලා තිබුණේ.
ඒකෙදි රස තෘෂ්ණාව area N වලින් දක්වනු ලැබූ අතර එය කුලයක් වශයෙන් සලකන ලදී. Area N කියන්නේ Geometrically ගත්තහම 90° to 180° අර වේදනාවයි පරාමාසය මේ පැත්තෙන් භය ගතිය එහෙම තියෙන්නෙ. එතකොට ඒ පැත්තට තියෙන area එක තමයි ඒක තියෙන්නෙ. අර quadrant හතරකට කැපුව නේ K, L, M, N කියලා. ඉතින් ඕක ඔය ගාථාවත් එක්ක නේ තියෙන්නෙ.
“ලාභකම්‍යා න සික්ඛති, අලාභෙ ච න කුප්පති, අවිරුද්ධො ච තණ්හාය, රසෙසු නානු ගිජ්ජති”
දැන් ඔය රස කතාව ඔතන තියෙන්නෙ. එතකොට රස තෘෂ්ණාව පහ කිරීම පිණිස උපෙක්ඛා අප්‍රමාණය භාවිතා කළ යුතු බව අපි ඒකෙ ඉගෙන ගත්තා. එතකොට යමෙක් රසයේ ඇලෙන්නේ නම් උපෙක්ඛාවක් නැත. අනෙක් අතට උපෙක්ඛාවක් ඇති නම් රසයේ ඇලීමක් ද නැත.
ඕකේ දැන් අපිට පේනවා diagram එක වශයෙන් ගත්තොතින් අර රූප වේදනා භය අගති රේඛාව එතකොට ඔය වේදනාව ඉඳන් පරාමාසයට පරාමාසය ඉඳන් උඩ චේතනාවට. දැන් කපන්නේ පරාමාසයේ ඉඳන් චේතනාවට යන line එක කැපෙනවා. ඊළඟට ගත්තහම වේදනාවේ ඉඳන් භය අගතිය, එතන දිට්ඨි අනුසය පාර, ඉතින් ඔතන නේ අර area N එක වෙන්නේ. Flavours තියෙන්නෙ ඔතන. ඕක තමයි කුසලය. අර කුලෙසු අනනුගිද්ධො කියලා එහෙම අපි ඉගෙන ගත්තේ. එතකොට කුල කතාව ඔතනටයි වැටෙන්නේ.
ඉතින් දැන් එතැනදි කෙනෙකුට තේරෙනවා, භාවනාව කියලම ඉන්නම්, එසේ නම් පරාමාසයේ සිට චේතනාව දක්වා යන රේඛාව කැපීම මගින් කුමක් සිදු වන්නේ ද? එයින් ඇති වන්නා වූ උපෙක්ඛා අප්‍රමාණය මගින් කිසිදු රූපයක් පරාමාසයේ සිට චේතනාව දක්වා පැමිණීමට ඉඩ නොදේ. Flavours නැති වන්නේ නම් උපෙක්ඛා අප්‍රමාණය නොසැල් වී පවතී. කුමක් නිසා ද? චේතනාවෝ ගලවා දමා ඇති නිසා ය.
එසේ නම් ආහාරයේ පටික්කූලතාවයත් උපෙක්ඛා අප්‍රමාණයත් එකතු වන්නේ නම් උපෙක්ඛා චෙතො විමුක්තිය ඇති වීමෙන් නිර්වාණය සාක්ෂාත් කළ හැකි වන්නේ ය. මෙහි දී රූප කෙළවර, රූපයට සුඛ යැයි කීම පහ වීම හොඳින් වැටහේ. එසේ ම flavours සොයන්නා වූ සංස්කාර කිරීම ද සම්මා ආජීවය මගින් ම පහ කරනු ලබයි. ඕක තමයි භාවනාව.
එතකොට ඒ භාවනාව කෙනෙකුට පුළුවන් කැමති පැත්තකින් කරන්න. ආහාරයේ පටික්කූලතා සඤ්ඤාව භාවිතා කරලා මට නම් කෙළින් ම උපෙක්ඛා අප්‍රමාණය පැත්තට යන්න පුළුවන්. උපෙක්ඛා අප්‍රමාණයට යන එක කෙනකුට පුළුවන් සප්ත බොජ්ඣඞ්ග භාවිතා කරලා කරන්න. එහෙම නැත්නම් අර එකයි, දෙකයි, තුනයි භාවිතා කරලා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඉගෙන ගත්තා උපෙක්ඛා නිමිත්තෙන් උපෙක්ඛා අප්‍රමාණයට, ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් ඕන එකකින් යන්න පුළුවන්. ඒ ගිහිල්ලා මේක හිතුවයින් පස්සෙ දැන් තමන්ට එනවා, දැන් බලන්න භය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන්නා වූ කුල කතාව, ඒක යනවා නම් ඔය රසය කතාවත් එක්ක නේ ඇවිත් තියෙන්නේ. මේක පොඩි ධර්මයක් නෙමෙයි ඒක එනවා නම් එහෙම නම් වේදනාවට එන්නා වූ ධර්මයෝ අපි කැපුවා. 40% පාර. පරාමාසයේ ඉඳන් චේතනාවට යන්නෙත් නෑ.
එතකොට ඊළඟට දැන් තමන්ට පේනවා වේදනාවේ ඉඳන් චේතනාවට එන පාර නේ. ඒක නැති වෙන්න තියෙන්නෙ, දැන් ඉතින් 50% පාර. දැන් උපෙක්ඛා අප්‍රමාණයෙන් උපෙක්ඛා චෙතො විමුක්තිය ඇති වුණා කියලා කියන්නේ කාම ආශ්‍රවයේ පිහිට හොයන්න යන්නේ නැහැ. අරක සැපයි කියලා ගන්න යන්නේ නැහැ නේ. එයා නතර වෙලා ඉන්නේ අර එහා කෙළවරේ. එතකොට එහෙම නම් අර චේතනාව ගැලවෙනවා. දැන් ඔතන ඔයගොල්ලෝ නොදන්නා වූ ධර්මයක් තියෙනවා නේ. රසය කතාව මේ මනුස්ස ලෝකයට හරි නේ ද? එතකොට අනිත් ලෝකවලට මොකක් ද තියෙන්නෙ ඔන්න ඔතන තමයි ධර්මය ඔන්න ඔය කෑල්ල තමන් දැන ගත්තහම තමයි උපෙක්ඛා චෙතො විමුක්තිය ඇත්තට ම ඇති වෙන්නේ.
ඒ කියන්නේ නිම්මාණරතී දෙවිවරු ඉඳන් අකනිට්ඨ බ්‍රහ්ම තලය දක්වා, දේව, බ්‍රහ්ම යන දෙගොල්ලන්ට ම තමා විසින් මවන්නා වූ රූපයන් ආහාර වශයෙන් පවතී. එසේ මැවීමේ දී තම රස flavour එක අනුව මවනු ලබයි. එය ම ආහාර වේ. සම්මා ආජීවය ඇත්තේ මවා දෙන දේ පමණක් අනුභව කරයි. පේනවද අර වාක්‍යයේ වටිනාකම.
අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ රහතන් වහන්සේලාටත් ආහාර කවුරු හරි දෙනවා. මවලා දෙනවා. ඒ කතාව ආවා ම අර මට නම් දිව්‍ය ලෝක ගැන ඉස්සර හිතා හිටියෙ හරි සැපයි කියලා. එකේ රස්සාවලුයි අරවායි මේවායි ඒවා බැලුවට පස්සේ මහා විශාල කලකිරීමක්. ඒ වගේ ම තමයි මේකත් දැක්කම. කොතැන ගියත් ඕක තියෙනවා. පේනවද බුදුහාමුදුරුවෝ කිව්ව නේ ද ඕනෑ ම ලෝකෙක ඉපදුණා වූ සත්වයකුට හැමෝම ආහාර මගින් ජීවත් වෙන්නේ. එතකොට දන් දීපු පුද්ගලයාට ඔතනත් වෙනස තියෙනවා කිව්ව නේ. පේනවද ඒ අනුව තමයි ලැබීම කියන එක.
ඉතින් මේක නිකන් ම බලන්න එපා. මේකේ බලන්න ඕන අර පුරාභෙද 2 පෙන්නුව නේ. සාතියෙසු අනස්සාවී ඔය ගාථාවට ඉස්සෙල්ලා තියෙන්නේ ඒක, අතිමානෙ ච නොයුතො කියලා එහෙම පෙන්නුවා නේ. එතකොට සාතියෙසු අනස්සාවී කිව්වම එතන පෙන්නනවා ආහාර, මේ sense pleasures කියන එක තියෙනවා නේ. ඒවා නිසා අර area K වල ඉඳන් L වලට එනවා තණ්හාව කියන එකට.
අතිමානෙ ච නොයුතො, ඔය ආපු එකට නේ අතිමානය ඇති වෙන්නේ. එතකොට K වලින් N වලට එනවා N කියන area එකට එනවා. දැන් අපි කතා කළේ N වල ඉඳන් තිබෙන්නා වූ කතාව තමයි අපි දැන් කළේ. ඒක නිසා 40% පාර කැපිල එන්නා වූ කියන එක. එතකොට ඒ විදිහට බැලුවහම තමන්ට හොඳට වැටහෙනවා, මුළු ලෝකයේ සෑම සත්වයින්ට ම මේක සාධාරණයි. හැමෝම ආහාර මත ජීවත් වෙන්නේ කියන එක. ඒ අනුව තමයි උපෙක්ඛා චෙතො විමුක්තිය ඒ විදිහට ඇති වෙන්නේ. එතකොට ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නෙවෙයි අපි කලින් සාකච්ඡා කරලා තියනව නේ ඔය හය වෙනි ධ්‍යාන හත් වෙනි ධ්‍යාන ලාභියත් රූපයක් තිබුණම එයා දන්නෙම නැතිව එයා ඇවිල්ලා එතන ඒ shape එක අරගෙන ඉන්නවා කියලා ඒ විදිහට.
ඒක තමයි මං කරපු භාවනාව.