ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ උපෙක්ඛා අප්‍රමාණය සියුම් වූ ආකිඤ්චඤ්ඤායතන සමාධිය මගින් අවබෝධ කරගන්නා වූ මනා කොට පිහිටවන්නා වූ කිසිවක් මගේ නොවන යන, ශුන්‍යමිදං අත්තෙන වා අත්තනියෙන වා, යන සඤ්ඤාව සමඟ මුසු වන්නේ නම් කුමක් වන්නේ ද යන්නයි මෙනෙහි කළේ.
උපෙක්ඛා අප්‍රමාණය තුළ ඇති තුන් ගුණයක් සිහි කර බලමු. අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ දී සඳහන් කළ ගුණ හතරින්, එකයි හතරයි තුනයි ගුණයන්. පළවෙනි එකට කිව්වා යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතු ය. උපෙක්ඛා නිමිත්ත. ඊළඟට හතර වෙනි එකට එනවා යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතු ය. පග්ගහ නිමිත්ත මගින් සිදු වන දේ. ඊළඟට තුන් වෙනියට කිව්වා යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතු ය. අධිචිත්ත ශික්ෂාවෙන් සිදුවන්නා වූ දේ.
මෙහි පළවන ගුණය, එනම් උපෙක්ඛා නිමිත්ත මගින් ඇති වන්නා වූ නොඉපදුන ආශ්‍රවයන් පහ කිරීමේ විරිය ආකිඤ්චන සමාධිය තුළ ද ඇත. කෙසේ ද? කිසිවක් මගේ යැයි නොගන්නා නිසා ය.
මෙහි හතර වන ගුණය එනම් පග්ගහ නිමිත්ත මගින් ඇති කරන්නා වූ කුසලයෝ මුළා නොවී පවත්වන විරිය, ආකිඤ්චන සමාධිය මගේ යැයි නොගන්නා කෙනෙකුට ඇත. ගන්නා අයෙකුට නැත.
මෙහි තුන් වෙනියට සඳහන් වන ගුණය, එනම් අධිචිත්ත ශික්ෂාව මගින් ඇති කරන්නා වූ ආශ්‍රව ක්ෂය කිරීමට වඩා තිබිය යුතු කුසලයන් අතුරින් තුන් වෙනියට සඳහන් කරන අරිය විහාරයට ඇතුළත් වන ධර්මයෝ මගඵල ලාභියෙකුට පමණක් සාධාරණ වේ. එමනිසා ආකිඤ්චන සමාධිය ලැබුවත් මගඵල නොලැබූ අයෙකුට සාධාරණ නොවේ. ලැබූ අයෙකුට ම සාධාරණ වේ.
එනමුදු ආකිඤ්චන සමාධිය නිසා ඇති වූ ප්‍රභාස්වර ස්වභාවය මගින් සියලු වේදනා කුලයෝ ඉක්මවයි. ඒවා මගේ යැයි නොගනී. යම් වේදනාවක් පෙර වින්දා ද, එම වේදනාවන් නිසා තමා වෙමි යන අදහසක් ඇති වූවා ද, මගේ යන අදහස, එමගින් ජීවිතය අර්ථ දැක්වීමක් කළා ද, එය ආකිඤ්චන සමාධිය ඇති අයකුට නැත. එනමුදු එම වේදනා නිසා ම හටගන්නා වූ සියුම් වූ subtle සඤ්ඤාවෝ පවතී. මෙවැනි සඤ්ඤාවෝ භාවිතා කරන්නේ හත් වන ධ්‍යාන ඵල ලාභියා ආකිඤ්චඤ්ඤායතන තලයේ බැස ගැනීම හෝ නොවීම සිදු විය හැකි ය.
16/04/2016 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින් අහංකාරය සඤ්ඤාවක් ලෙස පවතී. I making as a perception අර දුක්ඛ table එකේ ආවේ. මෙම අහංකාර අගයෝ බැස යන්නාහු නම් ඔහු උපෙක්ඛා අප්‍රමාණ ඇති අයකු හා සමාන වන්නේ ය. ආකිඤ්චන සමාධි ලාභියාගේ වේදනාව නිසා තමා නොවේ යන අදහස ද, එමගින් ජීවිතය අර්ථ දැක්වීමක් නැති බව යන ගුණයෝ, උපෙක්ඛා නිමිත්තට එකතු වන්නේ නම් එමගින් වන උපෙක්ඛා අප්‍රමාණය ප්‍රභාස්වර වන්නේ ය. Bright වෙනවා, පිරිසිදු වෙනවා, pure වන්නේ ය. එමගින් ම නිර්වාණය සාක්ෂාත් කරයි.
එතකොට මේ භාවනාව කරගෙන ගියහම, මේ භාවනාවේ දී අහංකාරය සඤ්ඤාවක් වශයෙන් පැවතීම මනා කොට අවබෝධ වෙනවා.
ඒ කියන්නේ ඔය skate park වල තියනව නේ halfpipe එකක් අර ළමයි පල්ලෙහාට ගියා එකපාරට ම උඩට එනවා කියන එක තියෙන්නෙ. අන්න ඒ වගේ. ඒ වගේ අවබෝධයක් ඇති වෙනවා. අපි ඕක කරලා තියෙනවා කලින් අර නටන්න තමන් සිංදුවක් හොයනවා වගේ අහංකාරය නිසා වේදනාව සඤ්ඤාව අතර ඇති වන්නා වූ ස්වභාවය.
එතකොට ඔතන බලන්න අර halfpipe එක වගේ එනවා ස්පර්ශයේ ඉඳන් වේදනාවට, වේදනාවෙන් නාමරූපයට. මෙයා හිතන්නේ මේ ස්පර්ශ කෙළවරෙන් මේක දැම්මා පහළට මෙහෙම ගියා උඩට ඒවි. නාමරූප තියෙන තැනට ඒවි. ඒක නේ ඒ ළමයෙක්ගේ අදහස තියෙන්නෙ ඒකේ යනකොට skate park එකක. එතකොට ඒක තමන්ට diagram එක වශයෙන් වේදනාවෙන් පරාමාසයට, පරාමාසයෙන් භය අගතියට, භය අගතියෙන් වේදනාව රේඛාව ලියලා අර අහංකාරය කියන එක පරාමාසයයි භය අගතිය අතර ලකුණු කරගන්න පුළුවන්.
එතකොට මෙතන පෙන්වන්නේ ස්පර්ශය ඇති කෙළවරෙන් පටන්ගෙන වේදනාව යන පහළ තැනට පැමිණ නාමරූප ලකුණු කරන තැනට පැමිණීම ගැන, මට මෙය පුළුවන් යැයි යමෙක් උදම් අනන්නාක් මෙනි. නමුත් හත් වන ධ්‍යාන ඵල ලාභියා ඒ risk එක ගන්නේ නැහැ. අත පය කඩා නොගනී. පහළට වැටීමෙන් වන වේදනා නොවිඳී. නමුත් මටත් පුළුවන් යැයි කියයි. එසේ අහංකාර වේ.
එතකොට අර නටන්න සිංදුව හොයනවා වගේ අදහස ම තමයි ඔතන තියෙන්නෙ. ඉතින් යමෙක් ඊයේ භාවනාව හා සසඳන්නේ flavours නොසොයන්නේ කුලයේ නොඇලෙන්නේ කුලය මගින් මගේ යන දිට්ඨිය පහ වන්නේ, එය උපෙක්ඛා නිමිත්තට ඇතුළත් වීම ආකිඤ්චන සමාධිය මගින් සිදු කරන්නේ මනස ප්‍රභාස්වර විය. සියලු ලොව දත හැකි ය. Can know, කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.