Date: 08/07/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ සඤ්ඤා ඉක්ම වීමේ ගුණය උපෙක්ඛා අප්‍රමාණයට එකතු වන්නේ නම් කුමක් වන්නේ ද යන්නයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාට අහංකාර සඤ්ඤාව නැති බව 16/04/2016 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්තා. එනම් එම සඤ්ඤාවෙන් ජීවත් වෙමි යන හැඟීම ඔහුට නැත. එනමුදු එම සියුම් සඤ්ඤාවන් නිසා ම ඇති වූ සංස්කාරයන් ඇත. අට වන ධ්‍යාන සංස්කාරය නිසා හටගන්නා වූ සූක්ෂම වූ නිත්‍යභාවය ඔහුට බලපායි. එම සංස්කාරය තුළ ඇති සඤ්ඤාවන්ට තැන දීමක් නැති ගුණය, අගයක් දීමක් නැති ගුණය උපෙක්ඛා අප්‍රමාණයට එකතු වන්නේ නම්, එම සඤ්ඤා අගයෝ මගේ යැයි ගන්නා ලද පුද්ගලයකුට ඇති වෙන්නා වූ කුක්කුච්ච ස්වභාවය පහ වන්නේ ඉදංසච්ච අගයෝ බැස යයි.

මේකට උදාහරණ වශයෙන් යමෙක් යම් ධර්මයක් ලියන ලද පිටුවක් ඉල්ලුවා ද internet එක නැති වීම නිසා එය දීමට නොහැකි වුණා ද එමගින් ඇති වන කුක්කුච්ච ස්වභාවය ගත හැකි ය. කුක්කුච්චය, පරාමාසයේ පසු සඤ්ඤාව ලෙස සලකන්නේ පරාමාසය ඉදංසච්චයට නොඇදීම මගින් ඉදංසච්චය ගැලවේ. එමගින් චේතනා නොවේ. එමනිසා උපෙක්ඛා අප්‍රමාණයේ සංස්කාර ඉවත් කිරීමේ හැකියාව ප්‍රගුණ වේ. උපෙක්ඛා අප්‍රමාණය මෙසේ ප්‍රභාස්වර වන්නේ නම් නිර්වාණය ඉතා ඉක්මනින් සාක්ෂාත් කළ හැකි ය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා එයාගෙ පථයක් තියෙනවා. අපි ඒක ලකුණු කර ගත්තොතින් අපි ඒක කලින් බලලා තියෙනවා, ඔයගොල්ලෝ දන්නවා චේතනා, විඤ්ඤාණ පරාමාස, ඉදංසච්ච. එතකොට ඕක cross එක වශයෙන් චේතනාවේ සිට ඉදංසච්චයට විඤ්ඤාණය සිට පරාමාසයට cross වෙනවා, උඩ ඒ සංස්කාර කොටුවට අපි භයභෙරව සූත්‍රයේ pre උද්ධච්ච කියලා ලකුණු කළා, රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීම මගින් වුණා කියලා.

ඊට පස්සේ පල්ලෙහා පරාමාස, මෝහ අගති, ඉදංසච්ච, භය අගති එතන cross වන තැන අපි ලියාගත්තා අවූපසන්තචිත්තය කියලා, පෙර සංස්කාර හා සමානව නොපවතී කියලා. එතකොට දැන් අපි කොළ පාටින් ලකුණු කර ගත්තොතින් ඔය pre උද්ධච්චයේ ඉඳන් පරාමාසයට තියෙන රේඛාවත් පරාමාසයේ ඉඳන් අවූපසන්තචිත්තයට තිබෙන්නා වූ රේඛාවත් අපි කොළ පාටින් ලකුණු කරගත්තොත්, අපි අනිත් පාට කළු පාටින් හරි ලකුණු කරගන්නවා, මේ කෑලි දෙක කොළ පාටයි. එතකොට ඒ කොළ පාට පථය, විඤ්ඤාණ, පරාමාස, අවූපසන්තචිත්ත පථය සහ චේතනා, ඉදංසච්ච, අවූපසන්තචිත්ත පථ දෙක භාවිතා කරන බව අපි කලින් ඉගෙන ගත්තා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා.

සඤ්ඤාවට තැනක් නොදීම නිසා අර පෙර සංස්කාර pre උද්ධච්ච සහ පසු අවූපසන්තචිත්ත අතර වෙනස සොයා ගත නොහැකි වී පෙර කරන ලද සංස්කාර ඒ කියන්නේ remainder of volitional formations ඒක මගින් පමණක් එයා ඉන්නවා. එනම් එකවරක් පමණක් බෙහෙතක් ගැල්වූවා මෙනි.

එතකොට මේ භාවනාවේ දී කෙනෙක් හත් වෙනි ධ්‍යානය දක්වා තමන් අඩු ම තරමින් යන්න ඕනේ. ඉතින් ඒකට මම නම් භාවිතා කළේ මේ රූපය නිසා තමයි අපිට අද ධර්මය දෙන්න පුළුවන්කම කියන එක තියෙන්නෙ. රූපය නැත්නම් ඉතින් කටක් නැතිව කියන්න බැහැ නේ. එතකොට රූපයට යම්කිසි හානියක් වෙනවා නම් අන්න අර සංස්කාරයට හානියක් වෙනවා. එතකොට ඒ ධර්මය දෙන සංස්කාරය අල්ලගෙන සිටියහොත් ඒක නිසා අපි රූපයට අගයක් දෙනවා. ඔන්න ඔය දෙක ගත්තහම දෙකෙළවර හොඳට ම ප්‍රමාණවත් අර දදතො පුණ්‍ය පවඩ්ඪති ගාථාවෙන් ගිහිල්ලා යන අර්ථයෙන් ම වගේ තමන්ට පුළුවන්කම තියෙනවා එතැනට යන්න.

එතකොට ඔහොම ගියාට පස්සේ තමන්ට පේනවා මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ halfpipe එක. අර green වලින් පෙන්නුවේ අන්න ඒක. අර ඊයේ සාකච්ඡා කළා වගේ මෙතනත් තියෙනවා halfpipe එකක්. එතකොට එයා කියනවා pre උද්ධච්ච කෙළවර ඉඳන් අවූපසන්තචිත්ත කෙළවරට පැමිණීම වැඩක් නැහැයි කියලා එයා කියනවා. එයා කියනවා මට යන්න පුළුවන් කියලා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා කියනවා. මෙයා කියනවා ඔතනට ගියත් එච්චරයි. මම මෙතැන හිටපු වූ උසේ ම තමයි අතනත් ඉන්නේ. වෙනසක් නෑ මේකෙ. Halfpipe එකේ නම්.

එතකොට ඊයේ භාවනාවත් එක්ක සසඳලා මට පුළුවන් යැයි කිව්වත් එහෙනම් කරලා පෙන්වන්න කියලා කවුරු හරි පැවසුවොත් හත් වන ධ්‍යාන ඵල ලාභියා ඒක කරනවා. කරලා පෙන්නනවා. අටවන ධ්‍යාන ඵල ලාභියා ඒක කරන්නේ නෑ. එයා කියනවා මට අන් අයගෙන් approval එකක් වැඩක් නැහැ. දැන් ඉදංසච්චය තමයි approval එක. දැන් ඊයේ මතක ද වේදනාවයි, උඩ තිබුණේ සඤ්ඤාව. දැන් එතන පහළ bottom කෙළවර pipe එකේ වේදනාව, උඩ සඤ්ඤාව.

දැන් ඒක ම නේ මෙතන තියෙන්නෙත්. මෙතන bottom එකට පරාමාසය, කුක්කුච්ච ඒ හරිය. එතකොට මේකේ උඩ තියෙන්නෙ ඉදංසච්චය. අන්න වේදනාවට සඤ්ඤාව යම්කිසි ආකාරයක ද මෙතන පරාමාසයට ඉදංසච්චය.

අන්න ඒ විදිහට තියෙන්නෙ. එතකොට මේ approval එක මට ඕනේ නැහැ කාගෙන්වත්. කවුරුවත් කියන්න ඕනෙ නැහැ මට පුළුවන් කියන එක. මම කාටවත් කරලා පෙන්නන්න යන්නෙත් නැහැ. මොකද ඒකත් මට ඇති වැඩක් නෑ කියන එක ඒකෙ තියෙනවා. එතකොට ඒක හොඳ ලස්සනට පේනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-07.jpg