ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ පසුගිය දිනවල සාකච්ඡා කළ අයුරින් උපෙක්ඛා අප්‍රමාණය පෝෂිත වන්නේ නම් කුමක් වන්නේ ද යන්නයි.
එනම්, පළවෙනියට මෙත්තා ගුණය එකතු වීම මගින් කුලයේ ඇලීම නැති බැවින් සම්මා දිට්ඨිය ඇති වී දස කුසලය පැවැත්වීමට ආධාර උපකාර වීම මගින්, පෝෂිත වීම අපි ඉගෙන ගත්තා 01/07/2016 උපෙක්ඛා අප්‍රමාණ භාවනාවෙන්.
දෙවෙනියට 02/07/2016 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්ත අයුරින් උපෙක්ඛා අප්‍රමාණය මගින් ඇති වූ උපෙක්ඛා නිමිත්ත මගින් පෝෂිත වන්නේ එතන හෝ මෙතන විඤ්ඤාණය නොපිහිටන්නේ, නිවනේ ම පමණක් පිහිටයි.
තුන් වෙනුවට ඉහත කාරණා දෙක මගින් මෙත්තා චෙතො විමුක්තිය වන බව 03/07/2016, නිබ්බාන භාවනාව මගින් වැටහෙනවා. තව ද රූප කෙළවර ද සංස්කාර කෙළවර ද යන දෙකෙළවර පහ කර, රාග අනුසය කරා නොපැමිණීම මගින් ආශ්‍රව නැසීමේ ගුණය ඇති වෙනවා.
හතර වෙනුව 04/07/2016 නිබ්බාන භාවනාවෙදි ඉගෙන ගත් අයුරින් මුදිතා අප්‍රමාණයේ ඇති අත්තා යැයි නොගන්නා ගුණය, උපෙක්ඛා අප්‍රමාණය පෝෂිත කරන්නේ නම් ඉහත තුන් වෙනි කාරණයේ දී ඇති වුණු මෙත්තා චෙතො විමුක්තියට අත්තා යැයි නොගන්නා උපෙක්ඛා අප්‍රමාණ ගුණය එකතු වී අකුප්පා චෙතො වීම ඇති වේ.
පස් වෙනියට 06/07/2016 උපෙක්ඛා චෙතො විමුක්ති භාවනාවේ දී ඉගෙන ගත් අයුරින් ආහාරයේ පටික්කූලතාවයත් උපෙක්ඛා අප්‍රමාණයත් එකතු වන්නේ නම්, උපෙක්ඛා චෙතො විමුක්තිය ඇති වීමෙන් නිර්වාණය සාක්ෂාත් කළ හැකි වන්නේ ය. මෙහි දී රූප කෙළවර, රූපයට සුඛ යැයි කීම පහ වීමත් එසේ ම flavourings සොයන්නා වූ සංස්කාර කිරීම ද සම්මා ආජීව මගින් පහ කරනු ලබන බව ඉගෙන ගත්තා.
හය වෙනියට ආකිඤ්චන සමාධි ලාභියාගේ වේදනාව නිසා තමා නොවේ යන අදහස ද එමගින් ජීවිතය අර්ථ දැක්වීමක් නැති බව යන ගුණයෝ උපෙක්ඛා නිමිත්තට එකතු වන්නේ නම් එමගින් වන උපෙක්ඛා අප්‍රමාණය ප්‍රභාස්වර වන්නේ, පිරිසිදු වන්නේ එමගින් ම නිර්වාණය සාක්ෂාත් කරයි කියලා 07/06/2016 භාවනාවේ දී ඉගෙන ගත්තා.
හත් වෙනියට ඊයේ භාවනාවේ දී සඳහන් කළ අයුරින් පරාමාසය ඉදංසච්චයට නොඇදීම මගින් ඉදංසච්චය ගැලවෙනවා. එමගින් චේතනා නොවේ. ඒ නිසා උපෙක්ඛා අප්‍රමාණයේ සංස්කාර ඉවත් කිරීමේ හැකියාව ප්‍රගුණ වේ. උපෙක්ඛා අප්‍රමාණය මෙසේ ප්‍රභාස්වර වන්නේ නම් නිර්වාණය ඉතා ඉක්මනින් සාක්ෂාත් කළ හැකි වන්නේ යනුවෙන් ඉගෙන ගත්තා.
මෙම හත් ධර්මයන්ගෙන් උපෙක්ඛා අප්‍රමාණය පෝෂිත වන්නේ නම් ආශ්‍රවයන් නසා නිර්වාණය සාක්ෂාත් කරගැනීම මිනිත්තු 15 න් කළ හැකි වන්නේ ය.
එතකොට මේ භාවනාව අපි කොහෙන් හරි පටන් ගන්න එපා ය, උපෙක්ඛා අප්‍රමාණයට යන එක. විවිධ ක්‍රමයන් අපි දන්නවා. අපි සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව ලෙස ආරම්භ කරනවා නම්, සතර ආහාර දුක්ඛය හතර වන භාවනාව වඩන්නේ මරණයත් පරිදේවයත් සිහි කරන තැනට පැමිණියේ උපෙක්ඛා අප්‍රමාණය වුණා. ඉන් අනතුරුව ප්‍රතිලෝම වශයෙන් බලන්නේ මරණයට ගිය මනුෂ්‍යයා දැන් ව්‍යාධියට යනවා සිහි කරන්නේ, ආකිඤ්චඤ්ඤායතනය වීම සිදු වූ අතර, ආකිඤ්චන සමාධිය ඇති පුද්ගලයාගේ කාම තණ්හා භව තණ්හා නොවීම ද හොඳින් වැටහුණා. කෙසේ ද? ව්‍යාධිය යනු, වේදනාවත්, වේදනාව නිසා මම පවතිනවා යන දිට්ඨිය බිඳීම. ලෙඩ වී මිය ගොස් නැවතත් ව්‍යාධියට යන්නේ මෙය කළ හැකි දෙයක්, එනම් වේදනාව සමඟ ජීවත් විය හැකියි කියලා සිතන අයකු පමණි. ආකිඤ්චන සමාධිය ඇති පුද්ගලයා වේදනාවන් නොසලකන්නේ එය මගින් ඇති වන ජීවිතය ගැන කලකිරීම නිසා ය.
ඊළඟට ව්‍යාධියේ ඉඳන් ජරාව සිහි කරන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය විය. අටවන ධ්‍යාන ඵල ලාභියා සඤ්ඤාවේ ජරා ධර්මය දන්නාහු ය. ඒ නිසා ම ඔහු සඤ්ඤාවෙන් ඉවත් වේ. ඔහු සඤ්ඤාවත් සඤ්ඤාව සමඟ ජීවත් විය හැකි යැයි නොසිතයි. ආකිඤ්චන සමාධිය තුළ ඇත්තා වූ සඤ්ඤා ගුණය මගින් පැවැත්විය නොහැකි බව දන්නේ දක්නේ එහි ජරා ගුණය වටහා ගන්නේ ය. එම සංස්කාරයෝ ඉවත් කරයි. ආකිඤ්චන ධ්‍යාන ලාභියා පෙර උද්ධච්චය, පහළ අවූපසන්තචිත්තය මේ දෙක තියෙනවා. මේක මගින් ජීවත් විය නොහැකි බව අට වෙනි ධ්‍යාන ඵල ලාභියාට වැටහෙනවා. ජරාවේ සිට ජාතියට යන එක සිහි කරන්නේ ජරාවේ සිට ජාතිය නොවිය යුතු බව මෙහි දී හොඳින් වැටහෙනවා.
ඒක ඇති වෙලා නිරෝධය ඇති වුණා. එතකොට ඒක අර දුක්ඛ table එකේ තමන්ට පේනවා නන්දි නොවන්නේ නම් සුඛ වන්නේ ද දුක වන්නේ ද කියන අර්ථය තමන්ට පේනවා. මෙසේ ඉහත සඳහන් වන, එක දෙක තුන කාරණා, ඒ කියන්නේ අද භාවනාවේ දී කියපු කාරණා හතක් කිව්ව නේ. ඒකෙන්, එක දෙක තුන කාරණා මගින් අකුප්පා චෙතො විමුක්තියට පැමිණීම ද, හත හය පහ කාරණා මගින් නැවතත් හතර වෙනියට සඳහන් කළ එම අකුප්පා චෙතො විමුක්තියට ම පැමිණීම මනා කොට අනුලෝම ප්‍රතිලෝම භාවනාව මගින් ම වැටහේ.
තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන විට කළ පළවෙනි ධ්‍යානයේ සිට අට වෙනි ධ්‍යානයට ගිහින් ආපහු ඒකෙන් reverse එකට පළවෙනි ධ්‍යානය දක්වා පැමිණිලා, නැවතත් හතරට යාම හොඳින් වැටහේ.
ඒක තමයි මං කරපු භාවනාව.