ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාව පටන් ගත්තේ, ධාතු මනසිකාරයෙන්. යම් ආපෝ ධාතුවක් ඇති ද, එහි ඇත්තා වූ වැගිරෙන ස්වභාවය නිසා අනිත් ධාතු එකට එකතු වීමක් ඇති බව අපි දනිමු. මෙසේ ධාතු හතර එකට එකතු වී සිටීම සිදු වන අතර, වායෝ ධාතුව මගින් එම ධාතුන්ගේ විසිරීමක් චලනයක් සිදු වේ. මෙයට තේජෝ ධාතුව එකතු වන්නේ, එම ධාතුන්ගේ සැහැල්ලු බව ඇති වේ. එසේ නම් චලනය මගින් ඇති වූ විසිරීම පාලනය කළ හැක්කේ නම්, තේජෝ ධාතු ගුණය භාවිතා කර බ්‍රහ්ම ලෝකය වැනි ලෝකයට ගමන් කිරීම මනෝමය කායට ද, ඝන ශරීරයට ද සාධාරණය.
ඉතින් මේ භාවනාව ආරම්භයේ දී බුදුපියවරු සිහි කරනවිට ම මණ්ඩලාධිපති බුදුපියා සිහි කරන්නේ විඤ්ඤාණයේ පැවතීම නැති බව සිහි වීම සමඟ හතර ඉද්ධිපාදයෝ ඇති වුණා. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා සිහි කරන්නේ අත්තා යැයි ගත් පමණින් විඤ්ඤාණය නිත්‍ය නොවන බව සාධාරණ කාරණයක් මෙන් වැටහෙන්නේ, සිත ප්‍රභාස්වර විය. ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කරන්නේ පුහු අහංකාරය මගින් වේදනා, සඤ්ඤා යන යුගලය තුළ ඇති අහංකාර ස්වභාවය හොඳින් වැටහෙන්නේ, එනම් මව පුතා කෙරෙහි තමා විසින් බිහි කළා, මොහු දැන් හපනෙක් යැයි අහංකාර වීම හොඳින් වැටහීම සමඟ, skate park වල halfpipe සමඟ සම්බන්ධ වුණා. මෙසේ ප්‍රභාස්වර වූ චිත්තය සමඟ විනයාධිපති බුදුපියා සිහි කරන්නේ, පරාමාසය තුළ බැස ඇත්තා වූ සුඛ යන මුසාවත්, පදුට්ඨමනසඞ්කප්පය නිසා වූ නිත්‍යභාවයත් යන දෙකෙන් ඕනෑ ම එකක් හෝ, දෙක ම මගින් හෝ පැවතීමක් නැති බව දන්නේ, දක්නේ, ධාතු භාවනා කොටසට එළඹිය.
අනිත් බුදුවරු සිහි කළා. හැබැයි විස්තර වශයෙන් නෙමේ. ධම්මරතන බුදුපියා අසල නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ halfpipe එකත් සිහි වුණා. ඊයේ භාවනාවේ සඳහන් කළ කාරණා හත, විටින්විට භාවිතා කළා. උදාහරණ වශයෙන් කොස් ගහක් දැක්කහම, එම ස්ථානයත්, පෙර භවවල කොස් ගසක් අසල සිදු වූ ක්‍රියාවලියන් සිහි වුණත්, එතනත් නැත, මෙතනත් නැත, යන ඊයේ භාවනාවේ දෙවෙනි කාරණය භාවිතා කළා. ප්‍රභාස්වර වූ ආලෝක සහිත වූ හය වෙනි ධ්‍යානය ස්වභාවය ඇති වූවත්, හතර වෙනි කාරණය භාවිතා කරන්නේ, අකුප්පා චෙතො විමුක්තිය වෙලා අනාශ්‍රව වුණා. මෙසේ යම් ධාතු ගුණයක් නිසා, විඤ්ඤාණය යම් තැනකට මෙහෙයවීමක් වූවා ද, ඊයේ කාරණා හත භාවිතා කිරීම මගින් කිසිදු තැනක විඤ්ඤාණය බැස ගැනීමට ඉඩ නොදීම මගින් ම නිර්වාණය සාක්ෂාත් කළ හැකි බව වැටහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.