ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, මෙත්තා චෙතො විමුක්තිය ඇති අයකු කෙසේ සතර ඉද්ධිපාදයන් පවත්වන්නේ ද යන්නයි.
පළවෙනියට දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා භාවිතා කරන්නේ, එහි ඡන්ද සමාධිය ඇත. එම ඡන්ද සමාධියට උපෙක්ඛා අප්‍රමාණය එකතු වන්නේ නම් උපෙක්ඛා අප්‍රමාණයේ ඇති, සංස්කාර ඉවතලීමේ ගුණය මගින් ද, රූපයට සුඛ යැයි පැවරීම නැති ගුණය මගින් ද, ඡන්ද සමාධිය පෝෂිත වන්නේ, නිත්‍ය නොවන්නා වූ සංස්කාරයන් පහ කර ඡන්ද ඉද්ධිපාදය මනා කොට පවත්වනු ලබයි. එතකොට මෙතෙන්දි මතක් වෙන්න ඕන, අර special එකේ කරන ඉද්ධි diagram එක. ඒක අපි හිතමු figure 1 කියලා. එතකොට ඒකේ තියෙනවා, දෙවෙනියට ලකුණු කරන විරිය. ඡන්ද සමාධියට එන්නා වූ ඒ විරිය ගැන පොඩ්ඩක් සිහි වෙන්න ඕන. එතකොට, ඒ වගේ ම අර paths of iddhi diagram එකේ bottom figure එක. ඒක අපි කියමු figure 2 කියලා. එතකොට, ඒකේ අපි දන්නවා, අර ඡන්ද සමාධිය මගින්, අර ඉදංසච්චයයි මෝහයයි අතර curve වෙලා තියෙන එක අයින් කරනවා සංස්කාර පවතින්නේ නෑ කියලා. ඊට පස්සේ, අපි හිතමු චිත්ත සමාධිය කියන එක, අපි දන්නවා නේ අර, භය අගති, පරාමාස curve එක. එතනින් වේදනාව, වේදනාවෙන් ස්පර්ශය දක්වා ම එනවා.
එතකොට ඔතෙන්ට මේ ජාතිය සිට වේදනාවට එන්නා වූ ඒ රේඛාව, ඒ රේඛාවෙන් අයින් වෙන්නේ අර, අපි figure 1 කිව්වේ. විමංසාවේ ඉඳලා ඡන්ද සමාධියට එන එක. අන්න ඒකේ විරිය තියෙනවා නේ, දෙවෙනියට සඳහන් වන විරිය, ඒක මගින් සංස්කාර නිසා වන රූප ඉවත් කිරීම කියන එක එයා කරනවා. එතකොට එහෙම සිදු වෙලා තමයි මෙතන ඡන්ද ඉද්ධිපාදය කියන එක අපිට පවතින්නේ.
එතකොට ඊළඟට දෙවෙනියට පෙන්වන්න පුළුවන්, වේදනාව දක්වා එන්නා වූ පාරවල් තුන ම උපෙක්ඛා අප්‍රමාණය සහ සමථ නිමිත්තේ ඇති රූපය නිසා මම වෙමි, යන්න පහ කරන්නේ, චිත්ත ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා. ඒ සමථ නිමිත්තට අපි පැමිණෙන්නේ අධිචිත්ත ශික්ෂාව භාවිතා කිරීමෙන් පසුවයි. එහි රූපයට නිත්‍යභාවය එකතු කිරීම පහ කරන බැවින්, රූපය නිසා මම වෙමි, යන්න පහ වෙන බව වටහා ගත යුතුයි. එහෙම නම්, ඉස්සෙල්ලා අර figure 2 වල අපි පෙන්නුවා චිත්ත සමාධිය ඇති වුණා. ඒකට ඉහත සඳහන් කළ අර රූපය නිසා මම වෙමි, යන්න ඉවත් වන්නේ, චිත්ත ඉද්ධිපාදය ඇති වෙනවා.
ඊළඟට තුන් වෙනුව විරිය ඉද්ධිපාදයට පාදක, ඒ කියන්නේ base වන අත්තා යන සඤ්ඤා ඉවත් වීමත්, සංස්කාර මගේ යැයි නොගැනීමත්, ඉහත සඳහන් කරපු පළවෙනි එකයි දෙවෙනි එකයි කාරණාවල දී ම ඇති වී ඇති අතර අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය තුළ ඇත්තා වූ කාරණා තුනේ අවසානයට සඳහන් කළා වූ ධර්මයෝ උපකාරයෙන් විරිය ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා. ඒ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියේ අපි පෙන්නුවා තුන් වෙනුවට නූපන් කුසල් ඉපදවීම සඳහා විරිය උපද්දනවා කියලා. නූපන් කුසලය කිම? නිවනට යොමු නොවූ යම් දහමක් තමා කර පවත්වන්නේ ද, එය ඉවත් කිරීමයි. මෙම ධර්මයෝ සමාපත්ති ධර්මයෝ වන්නාහ කියලා අපි හතර වෙනි ධ්‍යානයේ සිට අට වෙනි ධ්‍යානය දක්වා වූ සමාපත්ති නිසා ඇති වන ස්වභාවය කියලා අපි ඉගෙන ගත්තා.
ඊළඟට දැන් හතර වෙනි එකට උපෙක්ඛා අප්‍රමාණයට පැමිණෙන්නේ, විමංසා සමාධිය භාවිතා කිරීමෙන් අනතුරුවයි. එම විමංසා සමාධියට ඉහත සඳහන් කළ සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය හරහා එකතු වන්නේ විමංසා ඉද්ධිපාදය නොසැල් වී පවතිනවා.
මේක වටහා ගැනීමට paths of iddhi diagram එකේ උඩ තියන top diagram එක තියෙන්නෙ ඒක භාවිතා කරන්න පුළුවන්. ඒකෙ තිබුණේ විරිය, එතනින් ඡන්දය, ඡන්දයෙන් චිත්තය, චිත්තයෙන් විමංසාව කියන එක. එතකොට විරිය ඉද්ධිපාදය ඉහත තුන් වෙනිව ඇති වන්නේ එය චිත්ත ඉද්ධිපාදගත වන්නේ ඇතුළත් වන්නේ සෑම සංස්කාරයක් ම පරිදේව වන බව දන්නේ දක්නේ, විමංසා ඉද්ධිපාදය නොසැල් වී පවතී. එතකොට ඒක තමයි භාවනාව.
මේ භාවනාව කළහම ඔය පළවෙනියට ඡන්ද ඉද්ධිපාද වෙලාවෙදි, ඔන්න හොඳට තමන්ට තේරෙනවා. අපි හිතමු ඔළුවේ සතිය තියෙන තැන, ඊළඟට මේ පහළ නිකට තියෙන හරිය, ඊළඟට ප්‍රඥාව, ඔය විදිහට අපි බෙදුවොත් නහය හරහා බෙදෙනවා නේ. ඒ කෑල්ල සුඛයි. එතකොට ඒක ඡන්ද ඉද්ධිපාදය. ඔය මම බෙදපු රේඛාවේ අර නිකට දක්වා එන එකේ ම ඡන්ද සමාධිය කියන එක ලකුණු වෙනවා වගේ ගන්න පුළුවන්, එහෙම නැත්නම් triangle එකක අර උඩ ඔළුව බෙදුවහම ම නහය හරහා ඒ triangle එක උඩ කෑල්ල සතිය පැත්ත triangle එක.
ඊළඟට ඔය triangle එකේ අනිත් පැත්ත තියෙනවා නේ. දැන් එහෙම නම් තියෙන්නේ ප්‍රඥාවේ ඉඳන් අර දැන් දකුණු පැත්තේ නිකට පැත්ත ගන්න, එතනත් ඇති වෙනවා triangle එකක්. එතනදි අපි හිතමු දකුණු පැත්තෙ නිකට නැත්නම් මැද හරිය නිකට එතන ඉඳන් අපි ප්‍රඥාව තියන තැනට එනවා ඒ වගේ ම පහළට එනවා. ඒ පැත්ත සුඛ වෙනවා. ඒක තමයි චිත්ත ඉද්ධිපාදය. එතකොට චිත්ත සමාධිය ලකුණු වෙන්නේ අර ප්‍රඥාව දක්වා යන නිකට සිට ප්‍රඥාව දක්වා යන ඒ triangle එකේ ම තමයි චිත්ත සමාධිය කියන එක. චිත්ත ඉද්ධිපාදය මේකෙ මැද්දට. Diagonal එකට තමයි චිත්ත සමාධිය. එතකොට දැන් ඔය වෙනකොට ඔළුව දෙකට බෙදිලා තියෙන්නේ. කෑලි දෙක පලු දෙක අර apple ගෙඩිය කපන කතාව හොඳ ලස්සනට පේනවා.
ඊළඟට තුන් වෙනියට ගත්තහම විරිය ඉද්ධිපාද වෙනකොට ඕක බෙදන්න ඕන අනෙක් පැත්තට. ඒ කියන්නේ සතිය විරිය තියෙන තැන අපි දන්නව නේ එතකොට නිකටේ පල්ලෙහා හරිය වගේ. ඒ දකුණු අත පැත්තෙන්. එතකොට එතන ඉඳන් පටන් අරගෙන මූණේ අනෙක් පැත්තට එන්න ඕන. ඒ කියන්නේ සතිය විරිය රේඛාවකින් වෙන් කරලා එතන triangle එක හදාගන්න පල්ලෙහාට එන විදිහට. එතකොට ඒ වෙලාවෙදි විරිය සමාධිය කියන එක අපිට ලකුණු කරගන්න පුළුවන්. ඔළුවේ තියෙන ස්වභාවය තමයි හැබැයි මේක 3D හින්දා කෙනෙකුට හිතා ගන්න අමාරුයි, විරිය ඉද්ධිපාද වැටෙන්නේ අපේ සමාධිය තියෙන පැත්ත තියෙනවා නේ, එතකොට ඒ රේඛාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ කියන්නේ ප්‍රඥාවේ ඉඳන් සමාධිය පැත්තට එන්නා වූ රේඛාවේ triangle එක අපි පහළට ඇඳ ගත්තොතින් සතියයි විරියයි ඊළඟට වම් පැත්තේ නිකට වාගේ. එතකොට එතැන ඒ හරිය විරිය ඉද්ධිපාදය, මැද්දේ විරිය. මේ වෙලාව වන විට අර සුඛ වේදනාව උපෙක්ඛා ස්වභාවයට පත් වීමට පටන් ගන්නවා. අර ඉස්සෙල්ලා දෙකේදි සුඛය කියන එක තියෙනවා නේ ඒක දැන් උපෙක්ඛාව බවට පත් වෙනවා.
හතර වෙනි එක වෙනකොට ඒ කියන්නේ විමංසාවෙදි එහෙම නම් අපි සතියේ ඉඳන් ප්‍රඥාවට, ඊළඟට ඔළුවේ පහළ නිකට හරිය ගත්තොත් එහෙම triangle එකකුත් හැදෙනවා නේ. Triangle එකක් කිව්වට අර 3D slice එකක්. ඒකේ cut එක තමා මේ පෙන්නන්නේ. එතකොට අපි දන්නවා ප්‍රඥාව ලකුණු කරන තැන මේ diagram එකේ. ඒ රේඛාව ම තව ටිකක් දික් කළා ම, ඒ ලකුණු කරන තැන ප්‍රඥාව, එතන විමංසා සමාධිය කිව්වොතින් ඒ රේඛාව ම තව ටිකක් දික් කළහම විමංසා ඉද්ධිපාද කියන එක තියෙනවා.
මේ වෙලාවේ දී උපෙක්ඛාව හරි strong. හරි ලස්සනට ඒක පේනවා හොඳට ඉන්න පුළුවන් භාවනාවක්. ඒක තමයි මං කරපු භාවනාව.