Date: 12/07/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ චිත්ත සහ චෛතසික. පළමුව වේදනාව යන චෛතසිකය මෙනෙහි කළා. කෙසේ ද? ඊයේ මෙන් ඉද්ධිපාද භාවනාව කර සිත ප්‍රභාස්වර ස්වභාවයට පත් වූ පසු, සමාධිභාවනා සූත්‍රයට අනුව වේදනාවේ සමුදයත් අස්තංගමයත් මනා කොට මෙනෙහි කළා. එහි දී සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවට අනුව භාවනාව සිදු වුණා. කෙසේ ද?

සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ තෙවෙනි සතිපට්ඨානය, තෙවෙනි විහාරය, තෙවෙනි සම්‍යක්ප්‍රධාන විරිය, දුක්ඛ නිරෝධ සත්‍යය, පඤ්ඤාධිට්ඨානය, විරිය සමාධිය, බොජ්ඣඞ්ගය, මුදිතා අප්‍රමාණය. මෙම භාවනාව කරනවිට ඡන්ද ඉද්ධිපාද භාවනාව කොටසේදි ඊයේ සාකච්ඡා කළ විරිය කොටස් දෙකකින් යුක්ත වන බව වැටහුණා. මෙය ජාති, වේදනා රේඛාව මත ඡන්ද චිත්ත පරිචිතා diagram එකේ ලකුණු කර ඇත.

කොටස් දෙක තමයි. එක, සුඛ වන රූප සෙවීම කරන සංස්කාර පහ කිරීම. උදාහරණයක් වශයෙන් කාමයෙහි වරදවා හැසිරෙන සංස්කාර මගින් සුඛ වන රූප ඇති යැයි සිතනවා. අදත්තාදානයත් ඒ වගේයි. ඊළඟට දෙවෙනි කාරණය තමයි ඒවායින් ඇති වන්නේ සුඛ යන මතය, view එක කියන ඒක පහ කෙරෙන්න ඕන.

මෙසේ කාම විතක්ක එපා, ව්‍යාපාද විතක්ක එපා, විහිංසා විතක්ක එපා යැයි, “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය, ඡන්දං.” අන්න ඡන්දං කියලා කිව්වා ම අතන නිවනට තිබුණු ඡන්දය. මෙසේ නිවනට ඇති ඡන්දය මගින් විරියට උදව් උපකාර කිරීමත්, විරිය මගින් සංස්කාර නොකිරීමෙන් ඡන්දයට උදව් උපකාර කිරීමත් වැටහෙනවා. මෙය චිත්තයට කාවැදීම මගින් චිත්තානුපස්සනාව ඇති වෙනවා. වේදනාව සඳහා චිත්ත සංස්කාර නොකළ යුතු බව වැටහෙනවා.

විරිය ඉද්ධිපාද මගින් සමාපත්ති ධර්මයන් පහ කරන්නේ සුඛ සහිත වූ සමාධීන් නිසාත්, දුක නිවීම නොවන බව දන්නේ දක්නේ, දුක්ඛ නිරෝධ සත්‍යයට දෙකෙළවරකින් එළඹෙනවා. කෙසේ ද? එක කෙළවරක් පඤ්ඤාධිට්ඨානය, අනෙක් කෙළවර විරිය ඉද්ධිපාදය. පඤ්ඤාධිට්ඨානයට විමංසා ඉද්ධිපාද මගින් සමාධි සහගත ස්වභාවයට මාන නොවිය යුතු බව ද, එය නොපවතින බව ද පෙන්වා දෙන්නේ පඤ්ඤාධිට්ඨානය මගින් එය දන්නේ දක්නේ පළවෙනි ධ්‍යානයේ සිට හය වෙනි ධ්‍යානය දක්වා, එම ධ්‍යානයන්ගෙන් ඇති වෙන වේදනාවන් ද එම වේදනාව සඳහා හදන සියලු සංස්කාරයන් අත්හැරිය යුතු බව පෙන්වා දෙනවා. ඔය පඤ්ඤාධිට්ඨානයෙන් ධාතු හය නේ බලන්නේ. විරිය ඉද්ධිපාදය මගින් සමාපත්ති ධර්මයන් පහ කරනවා. මෙසේ මුදිතා අප්‍රමාණය උදව් උපකාර කරන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේකේ මටත් තේරුණා ඔය පළමුවෙන් ම ඔය ඡන්ද ඉද්ධිපාදය, ඒකේ කොටස ඡන්දයයි චිත්තයයි අතර තියෙනකොට මගේ දකුණු කණින් වාතය පිටවෙනවා කියලා. ඉතින් ඒක රහතන් වහන්සේ පෙන්නුවේ ඡන්දයයි චිත්තයයි balance නැත්නම්, ඡන්දය වැඩි නම් චිත්තයට වඩා, දකුණු කණින් හුළං පිටවෙනවා. ඔය මිනිස්සු අහනවා මගෙන් ඔය ප්‍රශ්නය.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Chanda_Citta_paricita.jpg