ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එහි දී ඊයේ අවබෝධ කරගත් කාරණයක් නැවතත් මෙනෙහි කළා. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාව ක්‍රියාත්මක වන ආකාරය අනික් පටිපදාවලට වඩා වෙනස් බව ඊයේ භාවනාවෙන් වටහා ගත්තා. එය පැහැදිලි කිරීමේදි දුක්ඛ නිරෝධ සත්‍යයට දෙකෙළවරකින් එළඹෙන බවත්, එක කෙළවරක් පඤ්ඤාධිට්ඨානයයි, අනෙක් කෙළවර විරිය ඉද්ධිපාදයයි සඳහන් කළා. මේ සිදු වන ආකාරය ඉතා ම දක්ෂ ආකාරයකින් සිද්ධ වීමක්.
අපි දන්නවා අරිය විහාරයෙන්, තෙවෙනි සම්‍යක්ප්‍රධාන විරිය, එතනින් පහළට දුක්ඛ නිරෝධ සත්‍යය, පඤ්ඤාධිට්ඨානය, එතනින් විරිය සමාධිය, බොජ්ඣඞ්ගය. එතකොට ඔය බොජ්ඣඞ්ගය, දැන් අපි අනික් පැත්තටයි යන්නේ. බොජ්ඣඞ්ගයෙන් උපෙක්ඛා අප්‍රමාණය උඩ අතට. උපෙක්ඛා අප්‍රමාණයෙන් අපි යනවා සංස්කාර ඉවතලීම කියන එක. සංස්කාර ඉවතලීම අර විරිය සමාධිය කියන තැනට තමයි ඒක වැටෙන්නේ. ඊට පස්සේ එතන අපි දන්නවා නේ විරිය ඉද්ධිපාදයෙන් කරන්නා වූ දේ. ඊළඟට අපි එනවා අර පඤ්ඤාධිට්ඨානයත් එක්ක සම්බන්ධ වෙන ධාතු මනසිකාරය මගින් මගේ නොවෙයි. දැන් සංස්කාර ඉවතලීම කියන එක කළා.
එහෙම නම් ඔය හය වෙනි ධ්‍යාන සංස්කාර පවා ඒ ධාතු මනසිකාරයෙන් ඉවත් කිරීම, මගේ නොවෙයි කියන එක තියෙනවා. අන්න එහෙම නම් ආපහු උඩ පැත්තට arrow එකකින් යනවා තෙවෙනි සම්‍යක්ප්‍රධාන විරිය කියන තැනට. ඒ කියන්නේ සංස්කාර නිසා වන අත්තා ඉවත් වීම නිසා සුඛය මගින් වන අත්තා ඉවත් වීම කියන එක. එතකොට මේ පල්ලෙහා පැත්තේ ඉඳන් බොජ්ඣඞ්ගයේ ඉඳන් උඩ පැත්තට arrow එකක් දාගෙන ඔය විදිහට ලියාගෙන යන්න ඕනෑ. උපෙක්ඛා අප්‍රමාණය, ඒකෙන් විරිය සමාධිය කියනකොට, අර විරිය ඉද්ධිපාද කොටස තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ සංස්කාර ඉවතලීම කියන එක. ඒ විදිහට ධාතු මනසිකාරය මගින් ඉවත් වීම උඩ පැත්තට යනවා, සංස්කාර නිසා වන අත්තා ඉවත් වුණා ම සුඛය මගින් වන අත්තා ඉවත් වෙනවා කියලා.
එතකොට එහෙම නම් දැන් උඩ තෙවෙනි සම්‍යක්ප්‍රධාන විරිය කියන එක විරිය ඉද්ධිපාදයෙන් කරන්නා වූ කොටසින් වෙන දේ දක්වා පෝෂිත වෙලා තමයි දුක්ඛ නිරෝධයට එන්නේ. දැන් තෙවෙනි සම්‍යක්ප්‍රධාන විරියට උඩින් තියෙන්නේ මොකක් ද? අරිය විහාරය. අරිය විහාරයේ තියෙන්නේ වේදනාව නිසා තණ්හාව ඇති වෙන බව දැනගන්නවා. එතකොට දැනගෙන මේක අතහරිනවා. ඒක මේ විදිහට කළහම, ඒ භාවනාව මතකයි අපි ඊයේ එකත් කළේ ඉද්ධිපාද හතර නංවන 11/07/2016 භාවනාවට අනතුරුව තමයි ඊයේ භාවනාවත් කළේ. ඒ විදිහට කළහම, මේ ඉහත ධර්ම කාරණා වැඩියෙන් මෙනෙහි කරනකොට නිරෝධය කියන එක ඇති වෙනවා. දුක්ඛ නිරෝධ සත්‍යයේ නිරෝධය කියන එක ම ඇති වීම කියන එක සිද්ධ වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.