Date: 14/07/2016 Name: Vijjāvimuttiphala

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාවෙදි සඳහන් කළ ධර්ම කාරණා, කුණ්ඩලිය සූත්‍රයේ, ඒ කියන්නේ බොජ්ඣඞ්ග සංයුත්තයේ කුණ්ඩලිය කියලා සූත්‍රයක් තියෙනවා. “ඒකේ සඳහන් වන කාරණා” බව බුදුපියා පැවසුවා. කෙසේ ද? එම සූත්‍රයේ “තථාගතයන් වහන්සේ විජ්ජාවිමුක්ති අනුසස් කොට ජීවත් වන බව” පැවසුවා. තථාගතයන් වහන්සේ නමක් ජීවත් වන්නේ ඒ විදිහටයි කියලා. විජ්ජාවිමුක්ති අනුසස් කොට කිව්වා ම විජ්ජාවිමුක්තිඵල ආනිසංසො කියන එකයි මෙතන පෙන්නන්නේ, benefit and fruit.

ඉතින් ඒකේ පෙන්නනවා විජ්ජාවිමුක්තිය කියන එක ඇති වෙන්නේ, true knowledge and liberation කියන එක, සප්ත බොජ්ඣඞ්ගයෙන්. සප්ත බොජ්ඣඞ්ගය ඇති වන්නේ සතර සතිපට්ඨානයෙන්. සතර සතිපට්ඨානය ඇති වන්නේ ත්‍රිවිධ සුචරිතයෙන්. ත්‍රිවිධ සුචරිතයෝ ඇති වන්නේ ඉන්ද්‍රිය සංවරයෙන්.

එතකොට බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රයේ පෙන්නනවා “කුණ්ඩලිය, ඉන්ද්‍රිය සංවරය කෙසේ වඩන ලද්දේ, කෙසේ බහුල කරන ලද්දේ, තුන් සුසිරිත් පිරිපුන් කෙරේ ද යත්. කුණ්ඩලිය, මේ මහණ තෙමේ ඇසින් දැක ඉටු අරමුණු නොපතයි. සාමිස සතුටින් නොපෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ නාමකායත් අරමුණෙහි සිටියේ, සිතත් සිටියේ, මැනවින් සිටියේ, මැනවින් මිදුණේ වෙයි. ඇසින් ම අනිටු රූප දැක මකු නොවෙයි. නොසන්සුන් සිත් නැත්තේ, බැගෑපත් සිත් නැත්තේ, දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ නාමකායත් අරමුණෙහි සිටියේ, සිතත් සිටියේ, මැනවින් සිටියේ, මැනවින් මිදුණේ වෙයි.” කියලා.

ඉතින් ඒකේ පෙන්නන්නේ මේ මනාප අරමුණක් දැකලා “නාභිජ්ඣති” කියලා කියනවා. ඒක පස්සේ යන්නේ නෑ. Does not long for it කියන එක. ඊළඟට “නාභිහංසති” කියලා කියනවා. ඒක ගැන excite වෙන්නේ නෑ. සතුටින් පෙළෙන්නේ නෑ. ඊළඟට රාගය කියන එක ඇති කරන්නේ නෑ. ඔන්න ඔය කාරණා තුන, මනාප අරමුණට කියනවා. ඊළඟට අමනාප අරමුණක් කියන එක ගත්තහම ඒ පුද්ගලයා ඒකේ not dismayed කියන එකයි ඕකේ කියන්නේ. ඒක සිංහලෙන් මකු නොවෙයි කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක බැසගෙන යන්නා වූ එක not daunted ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඊළඟට ව්‍යාපාදය ඇති කරගන්නේ නෑ, අමනාපික වූ එකට. එයාගේ මනස, බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා “තස්ස ඨිතොච කායො හොති ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්‌ඨිතං සුවිමුත්තං” කියලා. ඕක තමයි මේ පෙන්නන්නේ සිතත් සිටියේ මැනවින් පිහිටියේ මැනවින් මිදුණේ වෙනවා කියලා. ඉංග්‍රීසියෙන් කියනවා his body is steady, his mind is steady, inwardly well composed and well liberated කියලා.

එතකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා “කුණ්ඩලිය, තුන් සුචරිතය මෙසේ වඩන ලද්දේ කොයි විදිහට සතර සතිපට්ඨානය පරිපූර්ණ කෙරෙයි ද? කුණ්ඩලිය, මහණ තෙමේ කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩනවා. වචී දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩනවා. මනෝ දුශ්චරිතය හැර මනෝ සුචරිතය වඩනවා. කුණ්ඩලිය, මේ තුන් සුචරිත මෙසේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ මේ සතර සතිපට්ඨානය පරිපූර්ණ කෙරෙනවා” කියලා.

එතකොට ඔය අවිද්‍යා සූත්‍රයේ පෙන්නනවා, ඔය ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙන්න නම්, ඒ කුණ්ඩලිය සූත්‍රයේ අවසානයට ගිහිල්ලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය සංවරය දක්වා, ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න නම් සති සම්පජානය තියෙන්න ඕන කියලා. සිහිය සහ මනා දැනීම කියන එක. එතකොට මේකෙ සතිය වශයෙන් වේදනානුපස්සනාවේ සතිය භාවිතා කරන්නේ, ඒ සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ අනුලෝම වශයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ උඩ ඉඳන් පහළ දක්වා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. මොකද එතන ඒ වේදනාව නිසා චිත්ත සංස්කාර හදනවා කියලා තමයි ඒ චිත්තානුපස්සනාව ඒ විදිහට අපි ඇවිල්ලා ඕක එන්නේ. එතකොට ඒ පෙර භාවනාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ connection එක දකින්න ඕනෑ. එතකොට බොජ්ඣඞ්ගය දක්වා එනකොට, ආවාට පස්සේ ඊයේ භාවනාව මෙන් කරන්නේ, වටහා ගන්නේ, දුක්ඛ නිරෝධ සත්‍යය වටහා ගන්නේ විජ්ජාවිමුක්ති අනුසස් කොට ජීවත් වීමට පුළුවන්කම කියන එක තියෙනවා.

ඒ කියන්නේ මෙතන ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කරනවා නම්, එහෙනම් අර ත්‍රිවිධ සුචරිතයෝ කියන තැනින් අපි දකුණු පැත්තෙන් ලියා ගත්තොතින් සංස්කාරයන් කියන ඒවා ඉවතලීම. එතකොට සතර සතිපට්ඨානය තියන line එකට එනවා ධාතු මනසිකාරය. ඊළඟට සප්ත බොජ්ඣඞ්ගය කියන තැනට තමන්ට වැටෙනවා සංස්කාර නිසා වන අත්තා ඉවත් වීම නිසා සුඛය මගින් වන අත්තා ඉවත් වීම. එතකොට ඊළඟට දුක්ඛ නිරෝධ සත්‍යය. ඒකෙන් ඇති වෙන්නේ දුක්ඛ නිරෝධ සත්‍යය. ඒක අපි බැලුවා නේ දෙපැත්තකින් ඇවිල්ලා සම්බන්ධ වෙනවා කියලා. එතකොට ඒකේ තමයි මේ විජ්ජාවිමුක්ති කියන එකට යන්නේ.

එතකොට මේ භාවනාව කිරීමේදි මුලින් ඉද්ධි භාවනාව මගින් පටන්ගෙන මම කළේ. එහි දී අර ඉද්ධිපාද නිසා ඇති වෙන සති සම්පජානය භාවිතා කිරීමෙන් ඉහත ධර්මයෝ පවතින බව වැටහුණා. ඒ කියන්නේ ඉද්ධිපාද නිසායි සති සම්පජානය. අන්න ඒ තත්වයට මනස ගිහින් තියෙන්න ඕනෑ. නැත්නම් අර මනුස්සයා වැටෙනවා. ඒ වගේ ම තේරුණා මේ විජ්ජාවිමුක්තිය කියලා කියන්නේ මේ දුක්ඛ නිරෝධ සත්‍යයේ අවබෝධයත් එමගින් වන විමුක්තියත් බව වැටහුණා. කෙසේ ද? අත්තා යන්න ඉවත් වන්නේ “රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං.” මේ භාවනාව කරලා අපි අර අත්තා කතාව අයින් කළාට පස්සේ සංස්කාර අත්තායි නිකන් අත්තායි අයින් කළාට පස්සේ ඔන්න ඔය කතාව එනවා.

අත්තා කියන එක ඉවත් වීම කියන එක. අපි භාවනාව කළේ ඕක. එතකොට ඒවයින් ඇති වන්නා වූ දිට්ඨි පපඤ්චයෝ ඉවත් වෙනවා. එතකොට තණ්හා පපඤ්චයෝ නිරෝධ වෙනවා. අන්න ඒක වැටහීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ හරි ලස්සනට පෙන්නනවා මේ දුක්ඛ නිරෝධ සත්‍යයෙන් තමයි මෙතන මේ විමුක්ති කතාව. ඒක ම තමයි විමුක්තිය. ඕක නේ අපි බැලුවා නේ චූළසුඤ්ඤත එකෙත් පෙන්නන්නේ අන්තිමට.

ඒක තමයි මං කරපු භාවනාව.