Date: 16/07/2016 Name: Karuna Appamana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී සිහි කළේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව පුරුදු පුහුණු කර ඇත්තේ, මෙත්තා චෙතො විමුක්ති සහගතව ජීවත් වන්නේ නම් ඉතා පහසුවෙන් කරුණා අප්‍රමාණය දක්වා ගමන් කළ හැකි වන්නේ ය. කෙසේ ද? අරි අට මඟ තුළ උපෙක්ඛා සහගතව ම සංස්කාරයන් ඉවත් කිරීම සිදු වන්නේ සම්මා වායාමයට පැමිණේ. භාවිත සීල කොටස සම්පූර්ණ වන්නේ එහි දී චිත්ත සමාධිය ඇති වේ.

09/05/2016 කරුණා භාවනාවත් එක්ක මේක සැසඳීම කරන්න පුළුවන් අපිට. එතනදි අපි පෙන්නුවා අව්‍යාපාද විචාරයේ දී සාකච්ඡා කළ අයුරින් පූර්ව සංස්කාර දුක වශයෙන් දැන දුක්ඛය මතු වන්නේ යථාභූතව දැනගත් චතුරාර්ය සත්‍ය ම නැවත නැවතත් පුනපුනා ස්ථාපිත වෙනවා කියලා. කලින් පාණාතිපාත කරපු එක්කෙනාට ඉස්සෙල්ලා ඒවා හොඳයි කියලා හිතුණා අතහැරියාට පස්සේ සුඛයි. අන්න ඒ අර්ථයෙන් දැන් මතු වෙන්නේ දුකයි කියලා තේරිලා ඒ දුක්ඛය කියන එක හොඳට අවබෝධ වෙනවා. එහෙම නම් අන්න ඒ අවස්ථාවේ දී සුඛ වන රූප හොයන සංස්කාර කිරීම අපි පහ කරනවා.

එතකොට එහෙම නම් අපි 12/07/2016 නිබ්බාන භාවනාවේ දී පැහැදිලි කළා, ඉද්ධි භාවනාවෙදි තමයි මම ඕක වටහා ගත්තේ අර පළවෙනි විරිය කොටස් දෙකක් ඒ කියන්නේ පළවෙනි විරිය අනුප්පන්නානං කියන එකේදි අර පැහැදිලි කළා කොටස් දෙකක් තියෙනවා කියලා. සංස්කාරයන් අපි ඒ දේවල් කිරීම, ඊට පස්සේ අර රූපය සුඛයි කියලා හිතනවා පාණාතිපාතා අදත්තාදාන කරලා ඊට පස්සේ ඒ මතය අයින් කිරීම කියන කෑලි දෙක එනවා කියලා.

එතකොට චතුරාර්ය සත්‍යයේ දෙවැනි සත්‍යයට මනා කොට සිත යොමු කරන්නේ අර භාවනාවේ කෑලි දෙකක් තියෙනවා නේ, පළවෙනි කෑල්ල ඔය කිව්වේ, යොමු කරනවා නම්, වේදනාව නිසා තණ්හාව වීම වටහා ගන්නවා. යම් වේදනා සහගත වූ ධ්‍යාන, සියලු ධ්‍යාන තලවල ඉපදීම දුක බව හැඟීම් ඇතත් තවමත් පහ කිරීමට නොහැකි වූ වේදනාවන් ඇත්තේ රූප ස්පර්ශ නිසා වන වේදනාවන් ඉවත් කිරීමට සමත් වී කරුණාවෙන් අප්‍රමාණයට යනවා කියලා අපි ඒකේ ඉගෙන ගත්තා.

එතකොට මේ භාවනාවේ දී වටහා ගත් කාරණය වෙන්නේ වේදනාව නිසා ලෝභ ද්වේෂ මෝහ ඇති වීම. පළවන විරියේ දෙවන කොටස. ඒ කියන්නේ සංස්කාරවලින් සොයන රූප, සුඛ යන මතය පහ කිරීමට දෙවන විරිය උදව් උපකාර වෙනවා. ඊළඟට ලෝභ ද්වේෂ මෝහ කියන ඒවා එතනදි බැහැගෙන යනවා. එමගින් සුඛ වන රූප සෙවීම බැහැගෙන යනවා.

මෙතනදි එනවා diagram එකක්. Diagram එකේ තියෙන්නෙ මොකද්ද, අරමුණ ඊළඟට වේදනාව. මනාපික අරමුණ, වේදනාව කියලා. එතකොට ඒකෙ අරමුණ නිසා ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනවා.

මේ ලෝභ ද්වේෂ මෝහ භාවනාවේ දී මං කියන පළවෙනි භාවනාව, අරමුණ නිසා ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනවා. වේදනාව නිසාත් ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනවා. එතකොට අරමුණ නිසා වේදනාව, වේදනාවෙන් ලෝභ ද්වේෂ මෝහ. ලෝභ ද්වේෂ මෝහවලින් ආපහු අරමුණ.

ඔතන triangle එකක් එනවා. Triangle එකේ අරමුණ එක මුල්ලක්, වේදනාව තව මුල්ලක්, අනිත් එක ලෝභ ද්වේෂ මෝහ. දැන් මේ පෙන්නුවේ මොකද්ද දෙවන විරියෙන් අපි මොකක් ද කරන්නේ වේදනාවේ සිට ලෝභ ද්වේෂ මෝහ දක්වා ගමන් කරන්නා වූ එක අපි අයින් කරනවා. අර සංස්කාර අයින් කළා නේ. දැන් ඊළඟට පෙන්නන්නෙ මොකක් ද, ලෝභ ද්වේෂ මෝහ නිසා අපි ආපහු අරමුණ කරා ගමන් කරනවා. ඒ කෑල්ල තමයි මේ පෙන්නන්නේ අපි අයින් කරනවා කියලා.

එතකොට අන්න ඒකෙන් කරුණාවෙන් අප්‍රමාණය කරා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේකෙදි තමයි දැන් එහෙනම් අපිට දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව හොඳට ම තේරෙන්නෙ. ඒක කෑලි දෙකට කැඩිලා වෙන හැටි. මෙසේ පළ වන විරිය දෙවන විරියත් සමඟ එකතු වීමෙන් පළවෙනි විරිය ස්ථාපිත වේ. Stable වෙනවා එමගින් කරුණා අප්‍රමාණය වීම වැටහෙනවා. එහෙම නම් දැන් තේරෙනවා බොජ්ඣඞ්ග diagram special එකේදි අපි ඉගෙන ගත්තා භය අගතියේ සිට වේදනාවට මේ රේඛාව කැපුවහම ආකාසානඤ්චායතන වෙනවා කියලා. කරුණා අප්‍රමාණය කෙළවර මොකක් ද? ආකාසානඤ්චායතන පරම කොට ඇතියි කියලා බුදුහාමුදුරුවෝ කිව්ව නේ ද. එතකොට අන්න ඒක දැන් තමන්ට තේරෙනවා. බලන්න ලෝභ ද්වේෂ මෝහ නිසා අපේ මේ සංස්කාරයන් ගත්තහම අපිට පේනවා භය අගතියට ගිහිල්ලා නේ තියෙන්නේ.

දැන් කෙනෙක් සම්මා ආජීවයට යන්න බයයි, ගියහම මට කන්න ටිකක් හම්බවෙයි ද, මේක අතහැරලා ගිහිල්ලා. එහෙම නම් මම අදත්තාදානය කරගෙන ඉන්නවා කියන එක නේ තියෙන්නේ. එතකොට ඒ සංස්කාරයන් අතහැරියාට පස්සේ තමයි අන්න අර ලෝභ ද්වේෂ මෝහ අඩු වුණා. ඒක නිසා දැන් රූපයන් අත්හරින්න පුළුවන්කම තියෙනවා. මගේ ශරීරය පවත්වන්න ඕනේ කියන එක නේ ද. එතකොට ඒක අයින් වෙලා තමයි මේ කරුණාවෙන් අප්‍රමාණයට යන්නේ. එතකොට මේ අරි අට මඟ, සතියට ඇතුළත් වෙනවා, එමගින් සමාධිගත වන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.