උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ අරි අට මඟ භාවනාව, කරුණා අප්‍රමාණය සමඟ දියුණු කරන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ දැ යි යන්නයි. යම් කරුණා අප්‍රමාණයක් වේ ද එය තුළ පවතින්නා වූ ගුණයන් තුනක් අරි අට මඟින් පෝෂිත වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.
පළවෙනි කාරණය තමයි සියලු සත්වයන් කෙරෙහි කරුණාව පළවෙනි කාරණය හැටියට එනවා.
ඊළඟට දෙවෙනි කාරණය හැටියට එන්නේ ලෝකයට අසාධාරණ වූ අරි අට මඟට පමණක් සාධාරණ වූ ධර්මයෝ දෙදෙනෙක් කරුණා අප්‍රමාණය තුළ ඇත. එය කුමක් ද? පළවෙනි කාරණයට පෙන්නනවා, මුදිතා අප්‍රමාණය මගින් ඇති කරන්නා වූ මගේ යැයි නොගන්නා ගුණයට තුඩු දෙන්නා වූ සියලු වේදනා විෂයයෙහි යම් අත්හැරීමක් වේ ද රූප විෂයයෙහි වේදනා අත්හැරීම කරුණා අප්‍රමාණයට ද, ඇති වන්නේ දුක බව දැන සියලු වේදනා අත්හැරීම අරි අට මඟට ද සාධාරණය.
දෙවැනි කාරණයට පෙන්නනවා, උපෙක්ඛා අප්‍රමාණය මගින් ඇති කරන්නා වූ සංස්කාර මගේ යැයි නොගන්නා ගුණයට තුඩු දෙන්නා වූ සියලු සංස්කාර විෂයයෙහි යම් අත්හැරීමක් වේ ද, වේදනා විෂයයේ වන සංස්කාර අත්හැරීම, කරුණා අප්‍රමාණයට ද, ඇති වන්නේ දුක බව දැන සියලු වේදනා අත්හැරීම අරි අට මඟට ද සාධාරණ වේ.
මේකෙ දෙවනියට සඳහන් කරපු දැන් අවසානයට සඳහන් කළ කාරණාව, ඒකෙ සංස්කාර විෂයයෝ කවරහු ද කියලා ආපහු පෙන්නනවා. ඒ රූප විෂයයේ විමුක්තිය වළකන්නා වූ නිරෝගී බව වනසන්නා වූ රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීම මගින් ඇති වන සංස්කාරයෝ ය. එතකොට කෙනෙකුට එන්න ඕන අර diagram එක, රූප වේදනා කියන තැන අපි හිතමු 1 කියලා. වේදනාවේ ඉඳන් චේතනාවට යන එක 2 කිව්වොත් චේතනාවේ ඉඳන් රෝගී සඤ්ඤාව මගේ කියලා ගන්න උද්ධච්චය, pre උද්ධච්ච කියලා කිව්වෙ එතන 3. එතකොට ආපහු 4 කියලා ලකුණු කරගන්න පුළුවන් භය අගතියේ ඉඳන් වේදනාවට.
දැන් එතකොට මෙතන පෙන්නන්නෙ මේ එකයි, දෙකයි, තුනයි, ඒ කියන්නේ රූපයේ ඉඳන් වේදනාවට, වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවේ ඉඳන් උද්ධච්චයට යන කාරණා ඉවත් වන්නේ නම්, දැන් ඔතන ඔය දෙවන කාරණාවේ දී පෙන්නුවා නේ ඒක. හතර වන කාරණාව, ඒ කියන්නේ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන එක. අලෝභ අද්වේෂ අමෝහ මගින් සිදු වන්නේ නම් පමණක් නිර්වාණය සාක්ෂාත් කළ හැකි වන්නේ ය.
අලෝභ අද්වේෂ අමෝහ වීම දස කුසලය හරහා අරි අට මඟට පැමිණීම සමඟ වන අතර එය ස්ථාවර බවට පත් වීම විමංසා ඉද්ධිපාදය පෙරදැරි කර සිදු වන්නකි. එය සම්පූර්ණත්වයට පත් වීම සබ්බනිස්සග්ගය මගින් ඇති වේ. එසේ නම් කරුණා අප්‍රමාණය මෙම තුන් ධර්මයන්ගෙන් පෝෂිත වන්නේ නිවනට යොමුව පවතිනවා. එතකොට දැන් අපි මේ කාරණාවන් තුනක් කිව්වේ.
එතකොට පළවෙනියට කිව්ව නේ, සියලු සත්වයන් කෙරෙහි කරුණාව කෙසේ අරි අට මගින් ඇති ඇති වෙනවා ද කියන එක අපි ප්‍රශ්න කරලා බලන්න ඕන. එතකොට ඒක නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා යන විතක්කය මගින් ඇති කරනවා. නෙක්ඛම්මය නිසා අතහරිනවා. අව්‍යාපාද වන්නේ අතහරින ලද දේ නැවත නොගනී. අවිහිංසා වන්නේ දැන් අත්හරින ලද පෙර අත්නොහරින ලද ධර්මයන් නිසා ශරීරය හටගැනීම නිසා යම් මෝහයක් වී ද එමගින් වන්නා වූ හිංසාවෝ පහ කරයි. කුමන හිංසාවෝ ද? කාමයෙහි වරදවා හැසිරීම, අදත්තාදානය වැනි හිංසාවන් කියන ඒවා.
එතකොට මේ භාවනාව අපි කරන්න ඕන දැන් කරුණා අප්‍රමාණයට අපි යන්න එපායැ. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවිතා කරනවා. භාවිතා කරලා ඒ විදිහට ම කරුණාවෙන් අප්‍රමාණයට යනවා. ගිහිල්ලා අරි අට මඟේ භාවනාවට එනවා. අරි අට මඟේ භාවනාවට ඇවිල්ලා, තමන් ඔය පළවෙනි කාරණාව හැටියට කිව්වේ, නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. සියලු සත්වයන් කෙරෙහි කරුණාව කිව්වා. ආන්න ඒක කරලා බලන්න, කරලා බැලුවායින් පස්සෙ අර දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ තියෙනවා නේ චාගාධිට්ඨානය. අන්න ඒ චාගාධිට්ඨානයත් එක්ක මේක සම්බන්ධ වෙනවා, ඒක strengthen කරනවා. කරපු ගමන් සිත නතර වෙනවා. අනාශ්‍රව ස්වභාවයට එනවා.
ඊළඟට දැන් ආපහු මෙතන දෙවැනි කාරණය හැටියට පෙන්නුව නේ, වේදනා විෂයයේ අතහැරීමක් කියන එක මුදිතා අප්‍රමාණයට සාධාරණ වන කාරණා හැටියට පෙන්නුවේ. එතකොට ඒ දෙවන කාරණාවට කිව්ව එකේ පළවෙනි කාරණාව. එතකොට කාරණා තුන වෙන්නේ ඒ විදිහට නේ. එතකොට අන්න ඒ කතාවෙදි තමන් කල්පනා කරන්න ඕන, කොහොම ද අරි අට මඟින් වේදනාව කියන එක අයින් කිරීම කියන එක කරන්නේ. සමාධිභාවනා සූත්‍රය. ඒකේ තියෙනවා නේ, නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති.
ඒ හරිය වන විට මනස පුදුමයි. අනාශ්‍රව වෙලා භාවනා කරගන්නත් බැරි තත්වයට තමන්ගේ ඇවිත් තියෙනවා. ඒ කියන්නේ අර භාවනාවට මේක support කරන හැටි පෙන්නන්නේ, අරි අට මඟ මගින්. ඊට පස්සේ අර ඉතින් මම එක දෙක තුන, කියලා diagram එකත් එක්ක ඒක පෙන්නුවේ.
දැන් හතර වෙනි කාරණාව නේ, ඒ ඊළඟට අපිට strengthen කරන්න තියෙන්නේ නේ ද. එතකොට ඒක තමන් කල්පනා කරන්න ඕන, අපි ඊයේ පෙන්නුව නේ භය අගතියේ සිට වේදනාවට එන එක, ඒක නතර කිරීම කියන එක. ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා ඒ කෑල්ල. මොකද අලෝභ අද්වේෂ අමෝහ වෙලා. ලෝභ ද්වේෂ මෝහ නිසා අපි රූපයට යන්නා වූ කතාව, ඒක නතර කිරීම කියන එක තියෙනවා නේ. ඒකත් එක්ක සම්බන්ධ වෙලා කරන්න ඕන. මේක පුදුමාකාර භාවනාවක් ඒ විදිහට කරනවා කියන එක, ඒ කියන්නේ කරුණා අප්‍රමාණය කොයි විදිහට ද අපි train කරන්නේ අරි අට මඟින් කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.