Date: 18/07/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවට තෝරාගත්තේ, උපෙක්ඛා අප්‍රමාණය අරි අට මඟ භාවිතා කිරීම මගින් දියුණු කරන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ද කියන එකයි. උපෙක්ඛා අප්‍රමාණය කරා ගමන් කිරීම සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව මගින් කරන්නේ නම්, එය තුළ ගුණ තුනක් අරි අට මඟින් පෝෂිත වන්නේ නිවන සාක්ෂාත් කරයි. ඒ කියන්නේ උපෙක්ඛා අප්‍රමාණයේ ගුණ තුනක්. කුමන ගුණ තුනක් ද?

පළවෙනි එක උපසමාධිට්ඨානය. දෙවැනි එක විමංසා සමාධිය. තුන් වෙනි එක සබ්බනිස්සග්ගය. ඒ පටිපදාවෙම තියෙන තුන. එතකොට අරි අට මඟ මගින් උපසමාධිට්ඨානය වන බව සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙදි අපි දන්නවා. එය අලෝභ අදෝස අමෝහ හරහා අරි අට මඟට පැමිණ උපසමාධිට්ඨාන වී අලෝභ අදෝස අමෝහ ධර්මයෝ ම උපසමාධිට්ඨානය මගින් සනාථ කරයි. විමංසා සමාධිය කෙසේ පවත්වයි ද?

සම්මා දිට්ඨිය සම්මා සමාධිය තුළට කා වැදීම මගින් එය සිදු වෙනවා. ඒක අපි දන්නවා ඔය සබ්බාසව සූත්‍රයේ star එක. සති ප්‍රඥා සමාධි තුන් වටයක් ඔය star එක කරකැවෙන්නේ සම්මා ඥාන සමාධිගත වීම කියන එක සිදු වෙනවා. පළවන වටයේ දී සම්මා දිට්ඨිය. දෙවෙනි වටයේ දී සම්මා ප්‍රඥාව. තුන් වන වටය එනකොට සම්මා ඥාන, සමාධිගත වීම සිදු වේ. යම් සම්මා ඥානයක් වේ ද එය තුළ ඇති සංස්කාර ඉවත් වීම සහ සඤ්ඤා ඉවත් වීම, රූප ඉවත් වීම, යන ගුණයන් තුන මගින් සම්මා සමාධිය පෝෂිත වන්නේ රූපය නිසා වන ලෝභය ද වේදනාව නිසා වන ද්වේෂය ද සංස්කාර නිසා වන මෝහය ද ඉවත් වෙනවා. මෙසේ විමංසාව ඇති වෙනවා. සබ්බනිස්සග්ගය කෙසේ පවත්වයි ද? සියල්ල ම අත්හැරීම මගිනි.

අරි අට මඟ තුළ ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාද ධර්මයෝ වැඩීමට සුදුසු වන කාරණා සියල්ල ඇත. මෙය භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඉද්ධිපාදවල, ඉද්ධිපාදයන්ට හානි වන ධර්මයන් පහ කරන හැකියාව මනා කොට බැස ඇත. එමගින් ඉවත් කිරීම ඉතා පහසුවෙන් සිදු කරනවා. ඉද්ධිපාදයන්ට හානි වන ධර්මයෝ මොනවා ද? අපි දන්නවා ඡන්ද චිත්ත විරිය විමංසා සමාධීන්ට හානි වන ධර්මයන් අට දන්නව නේ. ඒ අට ම තමයි මෙතැන දීත් එන්නෙ. අර ඡන්දයට අභිජ්ඣා දෝමනස්ස වශයෙන් අපි දන්නවා. ඒක ම තමා තියෙන්නේ.

ඉතින් මේ භාවනාව සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා විදිහට ම කරගෙන යනවා. කරගෙන ගියා ම ඔය උපසමාධිට්ඨාන කියන තැනට ආවහම හොඳ ලස්සනට තේරෙනවා අර හතුරෝ තුන් දෙනාට එන්න දුන්නෙ නැත්නම් මේක ඇතුළේ calmness එකක් තියෙනවා නේ. ඒ කොච්චර calmness එකක් ද කිව්වොතින්, ඒ උපසමාධිට්ඨානය දකින්නවත් කැමති වෙන්නේ නැහැ ඒ හතුරන්ව. ඒ කියන්නේ ඇතුළට ආවා නම් කලබලයක්. එන්න දුන්නේ නැති නම් සැනසීමක්. එන්න දුන්නේ නැති වුණත් අපි දන්නව නේ ඔය රණ්ඩු වෙන මිනිස්සු එහෙම පොඩ්ඩක් වටේ කරකැවෙනවා නේ. ගේට්ටුව ළඟින් ඔළුවවත් දාලා යනවා. මම ඉන්නවා කියලා පෙන්නන්න නේ ද. එහෙමටවත් කැමති වෙන්නේ නැහැ. ඒක හරි ලස්සනට තේරුණා. ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ ඒවට පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ.

අපි ඕක ඉගෙන ගත්ත නේ මඩ වගුරු වලවල් තුන කියලා. අර මඩ ගොහොරු වලවල් තුනක රූපය කියන ගොහොරු වලේ වේදනාව ගොහොරු වලේ සඤ්ඤාව කියන ගොහොරු වලේ වැටෙන්නේ නැතිව ඉඳලා තියෙන්නා වූ එක. ඒ කියන්නේ ඒවා දකින්නවත් ඒ රූප දැන් අර මනුස්සයෝ හතුරා නම් ඒක දැක්කා වුණත් හොඳ නැහැ නේ. ඒවා දකින්නවත් කැමති නෑ. ඒක හොඳට තේරුණා. එතකොට දැන් මේක හොඳට පේනවා, දැන් බලකොටුවක් ඇතුළේ නම් බලකොටුවේ leader කෙනෙක් එහෙම ඉන්නවා නම්, දැන් පේනවා soldiers ලා එහෙම බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. දැන් එයා කියන්නේ මොකක් ද අනිත් අයට. එයා කියන්නේ එන්න දෙන්න එපා. බලන්න මේගොල්ලෝ බොහොම happiness එකෙන් ඉන්නවා නේ. එන්න දෙන්න එපා කියන එක කියනවා නේ ද. එයා අනුමත කරනවා නේ හොඳට.

එහෙමත් නැත්නම් අපි හිතමු මනුස්සයෙක්ගේ ඉන්නවා බලු පැටව් ගොඩක් එහෙම ඉන්නවා. එතකොට ඔය බලු පැටව් ඇතුළේ බොහොම සන්තෝසෙන් ඉන්නවා. ඔය එළියෙන් මොකක් හරි බල්ලෙක් නිකම් හරි ඉවවත් අල්ලනවා දැක්කොත් අරුන් බුරනවා කියන එක තියෙනවා නේ. දැන් එතකොට ඒ බලු පැටවුන්ගේ ඒ කියන්නේ ඒ ගෙදර ඉන්න මනුෂ්‍යයා මොකද කරන්නේ. අර මේ සත්තු පේන්නෙ නැති වෙන්න එයා හොඳට තාප්පය ගහනවා ඇඟිල්ලක්වත් මොකක්වත් පේන්නෙ නැති වෙන්න. අන්න ඒ වගේ තමයි.

මට ඒ වෙලාවේ කල්පනා වුණා ඔය නගරූපම සූත්‍රය, ඒකෙ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ තාප්පෙ වටේට නගරය ආරක්ෂා කරන්න ඒ තාප්පෙ හොඳ coating එකක් තියෙනවා කියලා. දැන් තමයි ඒක තේරෙන්නෙ. ප්‍රඥාව කියන coating එක බුදුහාමුදුරුවෝ කිව්වා. දැන් මේ පෙන්නන්නේ, පේන්නවත් නැති වෙන්න ඒ විමංසාවෙන් ඒක කරනවා කියන එක.

ඊට පස්සේ අපිට පේනවා දැන් මේ සත්වයා කාටවත් එන්න දෙන්නෙ නැතිව දැන් මේක ආරක්ෂා කරගත්තා. දැන් මෙයා ඔක්කොම අතහරිනවා. එතකොට අපි දන්නවා ඕක අත්හරින ක්‍රමය සබ්බනිස්සග්ගය. ඒකෙදි අපිට පේනවා, දැන් අත්හරිනවා කිව්වම දැන් මේ ඔක්කොට ම එන්න දුන්නෙ නැත්නම් cover කරගෙන මෙහෙම කළා නම් ඊට පස්සේ එයාට පේනවා මම මොකක් ද මේ බලකොටුවක් ඇතුළට වෙලා cover කරගෙන ඉන්නෙ. එයා බලකොටුවෙන් එළියට යනවා.

ඒ කියන්නේ මේකේ අවිද්‍යාවයි මානයයි කියන එක අයින් කළාට පස්සෙ, අන්න තමන්ගේ අර frame work එක බලකොටුව කියන එකෙන් එළියට යනවා. මෙතනත් එකයි එළියත් එකයි. මැරෙනවා කියන එක දන්නවා නම් උපෙක්ඛා අප්‍රමාණයට ගියා. මෙතන හිටියත් එකයි එළියේ හිටියත් එකයි. මේකේ රකින්න දෙයක් නැහැයි කියන එක ඒකේ තියෙනවා. ඒක තමයි ඉතින් නිර්වාණය. නිර්වාණයට යනවා කියන එක. ඒක හොඳට තේරුණා.