Date: 19/07/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි මෙනෙහි කළේ මුදිතා අප්‍රමාණය, අරි අට මඟ සමඟ වඩන්නේ නම් කෙසේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ද යන්නයි. මුදිතා අප්‍රමාණයේ ගුණයන් තුනක් අරි අට මඟ මගින් පෝෂිත වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. කුමන ගුණ තුනක් ද? පළවෙනි එක, පඤ්ඤාධිට්ඨානය. දෙක, විරිය සමාධිය. තුන, සප්ත බොජ්ඣඞ්ගය. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ අවසානයට සඳහන් වන කාරණා තුන.

පළවෙනියට පඤ්ඤාධිට්ඨානය කෙසේ දියුණු වන්නේ ද? අරි අට මඟෙහි සම්මා සංකප්පය ඇත. මෙය සම්මා සමාධිගත වන්නේ අත්හැරීමේ හැකියාව වැඩි වන්නේ ය. යමක් අත්හළ හැකි හැකියාව වැඩි වන්නේ, මගේ නොවන බව වටහා ගැනීම වැඩි වෙයි. දදතො පුඤ්ඤං පවඩ්ඪති, ගාථාව වගේ. චාගාධිට්ඨානයෙන් අතන අත්හැරියා ම තමයි, අසූචි වුවත් මගේ නොවේයි කියලා ගන්න පුළුවන්කම කියන එක ඇති වෙන්නේ. අන්න ඒ විදිහටයි තමන් තේරුම් ගන්න ඕනෑ, අත්හැරීම වැඩිදියුණු වෙලා අත්හරිනවා කියන එක.

දෙවෙනි කාරණාවට විරිය සමාධිය කෙසේ දියුණු වන්නේ ද? විරිය සමාධිය තුළ සංස්කාර ඉවතලීමේ හැකියාව ඇත. අරි අට මඟෙහි ද එය මනා කොට ඇත. පාණාතිපාත අතහැර, අදත්තාදාන අතහැර සම්මා ආජීවයට පත් වන්නේ, බලකොටුවෙන් එළියට පැනගෙන ම ඇත්තේ, එහි නැවත බැස ගන්නට නොයමි, යැයි කියයි. මෙහි යම් දහමක් පහ කළ පසු, එහි අගය දන්නා අයකු එම ප්‍රතිඵලය භාවිතා කර මනා කොට යමක් පහසුවෙන් ඉවත් කරන්නේ ද, එමෙන් ම ය. මෙහි අදහස, විරිය සමාධිය භාවිතා කර යම් ප්‍රතිඵලයක් වේ ද, එම ප්‍රතිඵලය භාවිතා කර පහ කළ යුතු එම ධර්මය පහ කරන්නාක් වැනි ය.

තුන් වෙනියට පෙන්නනවා සප්ත බොජ්ඣඞ්ගය, සම්මා සමාධියේ ඇති විමංසා ඉද්ධිපාද ධර්මය මගින් වන උපෙක්ඛාව හරහා පෝෂිත වෙයි. එහි අනු වශයෙන් පවත්නා වූ, යම් දහමක ඇලීමක් බොජ්ඣඞ්ගය තුළ ඇති ද එම ධර්මයෝ පවා පහ කරනු ලබයි. කුමන අනු සහගත ධර්මයක් ද? උපෙක්ඛා සහගත ධ්‍යානයකින් හෝ ජීවත් විය හැකි යැයි සිතන්නා වූ ධර්මයෝ ය. ඉතින් ඔතන තේරුම් ගන්න ඕන, ඔය විමංසා ඉද්ධිපාදයේ තියෙනවා සෑම සංස්කාරයක් ම පරිදේව වන බව දන්නා බව.

එතකොට මේ භාවනාව කරන්න ඕනේ, අපි ඉද්ධිපාද භාවනාව ඉගෙන ගත්තා නේ මේ මාසේ ජූලි 11 වෙනිදා, ඒ විදිහට ඉද්ධිපාද භාවනාවෙන් විමංසා ඉද්ධිපාදයට යන්න ඕන. එතකොට විමංසා ඉද්ධිපාදයට ගියාට පස්සේ, අර ඔළුව එහෙම ඇඳලා පෙන් වූවේ diagram එකේ, ඒ කෑල්ල තමන්ට හොඳට දැනෙනවා. ඒ වාගේ ම තමන්ට පේනවා ඒකේ අනිත් පැත්ත, විරිය භාවිතා කිරීමෙන් වෙන්නා වූ සමාධි ඉද්ධිපාදය අනිත් පලුවත් තමන්ට පේනවා, ඒ දෙක මාරු වෙන හැටිත් තමන්ට දැනෙනවා.

එහෙම ගියාට පස්සේ අපි යන්න ඕන, මුදිතා අප්‍රමාණය කියන එකට. ඒකත් අපි ඉගෙනගෙන තියෙනවා නේ මුදිතා අප්‍රමාණයට යන්න. මේ පටිපදාවෙන් නෙවෙයි මම ගියේ. අපි කලින් කළා නේ භාවනාවක්, අර පග්ගහ නිමිත්ත භාවිතා කරලා, හරහට එන එක. අන්න ඒක භාවිතා කරලා එතෙන්ට එනවා. එතෙන්ට ආවට පස්සේ තමන්ට හොඳට දැනෙනවා. අපේ මෙතන ඔළුවේ ප්‍රඥාව තියෙනවා, මේ පැත්තේ තියෙනවා අර මුදිතාවෙන් ආවා මෙහාට cross-cut එක අර 7 o’clock. ඒ විදිහටයි ඇවිල්ලා තියෙන්නේ.

දැන් ඊට පස්සේ තමන්ට පේනවා මේ නළලේ මැද ඉඳන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඡන්ද සමාධිය ඉද්ධිපාදය කතා කරනවිට අපි කිව්වා නේ වමේ සතිය කියන එක තියෙනවා නේ, ඒක දැන් තුනී වෙලා මේ නළලේ මැද ඉඳන් ඔළුවේ දකුණේ පැත්තේ ගානට ඇවිල්ලා තියෙනවා. එතන ඉඳලා මේ පහළට. මේක හරි සුඛයි. එතකොට මුදිතාවෙන් ඒක නේ අර කියන්නේ. අනිත් අයත් මේ තත්වයට පත් වන අය ඒකෙන් නොපිරිහේවා, කියන එක. එතකොට නමුත් විමංසාව දන්නවා ඕක බෑ. බැහැ කියන්නේ ඒ මිනිස්සු පිරිහෙනවා. පවත්වන්න බෑ නේ. “අජ්ඣත්තරතො සමාහිතොති වික්ඛෙප පටිසංහරණං” කියන අර්ථය.

එතකොට ඒක දැන ගත්ත ගමන් තමන්ට තේරෙනවා මෙතන මේ තියෙන ස්වභාවයෙන් තමන් එළියට ගිහිල්ලා නිකන් ආකිඤ්චඤ්ඤායතනය වගේ ඒ පැත්තට යනවා කියලා. අර මුදිතාවේ තියෙන්නේ නිකන් අර විඤ්ඤාණඤ්චායතනය බොහොම සුඛ වූ ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. මෙතනදි මේකෙන් හැරිලා තමන් දැන් මේ boundary එක ගැලවිලා කොහාට ද, හිතන්නකෝ මේක හතරැස් square එකක් කියලා, මූණ. එතකොට මේ square එකෙන් එළියට එක පැත්තකින් ප්‍රඥාව පැත්තෙන් ගැලවිලා ආකිඤ්චඤ්ඤායතනය පැත්තට open වුණා වාගෙයි. ඒක හැඟීමක් ඇති වෙනවා. ලස්සනට ඕක මම තේරුම් ගත්තා. මේකේ ඉන්න හිතෙනවා, මුදිතා අප්‍රමාණයේ දී. අරකෙ දී ඒක නැතිව එළියට යනවා කියන එක.

දැන් එහෙම නම් අපි ඔය කියන කාරණාවලට එන්න ඕනෑ. දැන් අපිට විමංසා ඉද්ධිපාදයත් තියෙනවා. මුදිතා අප්‍රමාණයත් තියෙනවා. මේ දෙක අතර මාරු වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. දැන් ඔන්න තමන් කල්පනා කරනවා පඤ්ඤාධිට්ඨානය කියන එක. එතකොට අරි අට මඟේ තියෙනවා සම්මා සංකප්පය. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කිව්වා ම එතන සම්පූර්ණයෙන් ම අතහැරීම පාණාතිපාතා, අදත්තාදානා විතරක් නොවෙයි දස කුසලයේ කතාව ම එනවා. අභිජ්ඣාවත් එපා.

අන්න එතනදි තමන්ට තේරෙනවා, මේ ඔළුව ඇතුළෙන් මේක framework එකක්. අපි හිතමු මෙහෙම square එකක් කියලා. මේ square එක කියන කතාව ඒක හොඳට පේනවා. මේක තමයි boundary එක. දැන් පේනවා පඤ්ඤාධිට්ඨානය මේ boundary එක හැදුණා වගේයි. එතකොට දැන් එහෙම නම් අර වඩු බාස් උන්නැහැ ලී කෑල්ලක මැද්දේ තියෙන කෑල්ල අයින් කරන්නේ, නියන භාවිතා කරලා ඇතුළෙන් හිලක් හදන්නේ, හතරැස් square එකක් නේ ද? ඒ කෑල්ල අයින් කරනවා කියන එක. දැන් මායිම හදාගත්තා පඤ්ඤාධිට්ඨානයෙන්. එයාට තේරෙනවා මගේ මේ අතහැරීම කියන එකේ level එක මෙන්න මේ frame එකේ සිට එළියට ගමන් කිරීම වාගේ එතන තියෙනවා. මැද්දේ තියෙන ලී කෑල්ල අයින් කරනවා. ඒක තමයි විරිය සමාධියෙන් කියන්නේ. Hollow ඇතුළේ, hole එකක් වගේ තියෙන්නේ කියන එක.

දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ විමංසා සමාධිය කියන එක විමංසා ඉද්ධිපාදය කියන එක භාවිතා කළාට පස්සේ, දැන් මේ hole එක වටේට, අපි හිතමු තුනී frame එකක් වගේ, කඩදහිවලින් හැදුණ පඤ්ඤාධිට්ඨානයේ mark කරපු area එකක්, තේරුණා ද? දැන් ඔන්න පවතින්න බෑයි කියන එක විමංසා ඉද්ධිපාදයෙන් හැම දේ ම පරිදේව වෙනවා කියන එක ගත්තහම, අර ඉස්සෙල්ලා කිව්වේ මේකෙන් එළියට පැන්නා කියලා. මුළු boundary එකෙන් ම එළියට යනවා. එතකොට මේ කියන්නේ මේක open, විශ්වය space එකත් එක්ක open වාගේ. No boundary. පඤ්ඤාධිට්ඨානයේ mark කරපු එක දැන් ගැලවිලා ගිහිල්ලා. එතං සන්‌තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො ඒ විදිහට ගිහිල්ලා තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති කියන එකට ඒ අවස්ථාව එනවා. ඒක තමයි ඒ භාවනාව. ඉතින් මේක තමන්ටත් කරලා තේරෙනවා නම් මේ විදිහට කෑල්ලෙන් කෑල්ල යනවා කියලා පුදුමාකාර භාවනාවක්.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

IddhiPadha.jpg