පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේදි මෙනෙහි කළේ, ඒ 21/07/2016 නිබ්බාන භාවනාවේදි සඳහන් කළ දෙවෙනි කාරණය. ඒ කියන්නේ, සච්චාධිට්ඨානය තුළ කිසියම් දහමක් මගින් නිර්වාණය හැර අන් කිසිවක් පැවැත්විය නොහැකි බව දන්නේ, දක්නේ, එය මගින් ම නිවන සාක්ෂාත් කළ හැකි වුවත්, ඒ සඳහා අරි අට මඟේ සම්මා දිට්ඨියෙන් ඇති වන සම්මා ඥානය උදව් උපකාර කළ යුතුයි. එසේ නොවන්නේ නම් සච්චාධිට්ඨානය ඇති නොවේ. ඉතින් මේ ධර්මය වටහා ගැනීම, ඒ ජූලි 17, 18, 19 භාවනා තුනෙන් ඕනෑ ම එකකින් වටහා ගන්න පුළුවන්.
සම්මා ඥානයට පැමිණීම අපි පෙර සාකච්ඡා කරලා තියෙනවා. පළමුව රූපත්, රූපය ඉවත් කිරීම, සම්මා දිට්ඨියෙන් ඇති වන සම්මා සංකප්පයට බාර වෙනවා, පැවරෙනවා. නෙක්ඛම්මය පිහිටට පැමිණෙනවා. එම රූප ඉවත් කිරීමට බාධා වන සංස්කාර ඉවත් කිරීමෙන් පසුව, සම්මා ප්‍රඥාව ඇති වෙනවා. අත්ත සඤ්ඤා ඉවත් කිරීමට එම සම්මා ප්‍රඥාව ආධාර උපකාර වන්නේ සම්මා ඥාන වෙනවා. විමංසා ඉද්ධිපාදය රූපය ඉවත් කරන්න යැයි පවසන්නේ, විරියෙන් රූප ඉවත් කරනවා. සම්මා ඥාන නොසැල්වී පවතී යැයි අපි ඉගෙන ගත්තා. මේක කළේ අපි 20/05/2015 දී පංචඉන්ද්‍රිය භාවනාවේදි. එතකොට ඒකේ ඒ කොටස තමයි මම කිව්වේ.
ඊළඟට දැන් අපි බැලුවොත් මේ ජූලි 17 වෙනිදා කළ භාවනාව, කරුණා අප්‍රමාණ භාවනාව අරි අට මඟත් එක්ක වැඩුවොත්, කොහොම ද නිර්වාණය සාක්ෂාත් කරන්නේ කියන එක. ඒක විමසලා බැලුවොත්, සියලු සත්වයන් කෙරෙහි කරුණාව ඇත්තේ නෙක්ඛම්මය නිසා අතහරිනවා. අව්‍යාපාද වන්නේ අත්හරින ලද දේ නැවත නොගනී. අවිහිංසා වන්නේ කාමයෙහි වරදවා හැසිරීම, අදත්තාදානය වැනි හිංසාවෝ අත්හරිනවා. මෙසේ රූප ඉවත් කිරීමට අඩිතාලම දමා ගන්නවා.
එනමුදු තවමත් රූප විෂයයෙහි විමුක්තිය නැත. මේ සඳහා වේදනා විෂයයෙහි සංස්කාර අත්හැරීම 17 වෙනිදා භාවනාවේ තුන් වෙනියට කියපු කාරණාව අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ, රෝගී යන සඤ්ඤාව මගේ යැයි ගැනීම මගින් වන සංස්කාර ඉවත් කළ යුතුයි. අර pre උද්ධච්ච ඒ කොටස, මේ විදිහට සම්මා ප්‍රඥා ඇති වෙනවා. දැන් රූප විෂයයෙහි වේදනා අත්හැරීම 17 වෙනිදා භාවනාවේ දෙවෙනියට කියපු කොටස අවශ්‍ය වෙනවා. ඒ විදිහට සම්මා ඥාන ඇති වෙනවා. මේ කළේ කලින් භාවනාවත් එක්ක compare කරලා පෙන්නුවා. එතකොට මේක තමයි භාවනාව. ඒකේ තේරුම් ගන්නවා, අර ඕනෑ ම භාවනාවකින් ඔය සම්මා දිට්ඨි, සම්මා ප්‍රඥා, සම්මා ඥාන ඒ කියන විදිහට ඒක සිදු වෙන ආකාරය.
එතකොට මේ භාවනාව අපි කරන්න ඕනේ, දැන් මේ භාවනා කරපු විදිහයි මම මේ කියන්නේ. රහතන් වහන්සේ කිව්වා “පටන් ගන්න කියලා, පෙරේදා 21 වෙනිදා කරපු භාවනාවෙන්.” ඒකෙදි අපි පෙන්නුවේ මොකක් ද? දුක්ඛ සත්‍යය. ඒ දුක්ඛ සත්‍යය කියන එක අපිට වැටහෙන්නේ නෑ, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම්. ඇයි ඒ?
බලන්න පාණාතිපාතය කරනවා නම්, අපි පාණාතිපාතයට කැමතියි. එතකොට එහෙම නම්, ඒ කියන්නේ අපි මරණයට කැමතියි. එහෙම නම්, මරණය දුකක් කියලා තේරෙන්නේ නෑ. ඊළඟට අදත්තාදානය කරනවා නම් මව් කුසට යනවා කියන එක ගන්නවා. හොරකම් කිරීම කියන එක කරනවා. ශුක්‍රාණු අල්ලා ගන්න යනවා. එතකොට එහෙම නම්, අපි ඒකට කැමති වෙනවා නම් අපි ජාතියට කැමති වෙනවා. එහෙම නම් ඒක දුකක් කියලා කියන්නේ නෑ. එතකොට, ඒ විදිහට කාමයෙහි වරදවා හැසිරීමත් අපි පෙන්නුවා.
දැන් එතකොට අපිට පේනවා එහෙම නම්, ඔතනින් අපිට සත්‍යයක් ඇති වෙනවා රූපය නිසා නම් ඉන්න බෑ. රූපයයි, රූපය නිසා මම පවතිනවා, කියන එක බොරුවක් කියන එකට එනවා. ඇයි ඉතින් මේක මැරෙනවා. සතා මැරෙනවා, මනුස්සයා මැරෙනවා, ජාතිය ඇති වෙනවා, මැරෙනවා කියන අර්ථය එනවා. අන්න සච්චාධිට්ඨානය රූප විෂයයෙහි ඇති වන්නා වූ කොටස ඇති වෙනවා. දැන් ඒ පාර අපි කල්පනා කරනවා මේ රූපයෙන් තොර වූ ඒ වේදනාවන් සහගතව අපිට ඉන්න වගේ අදහසක් එනවා. ඒ පාර ඔන්න අපි බොරු කියන්න පටන් ගන්නවා. මුසාවන්, සුඛයි. තියෙන්නේ දුක්ඛය අපි කියන්නේ සුඛයි කියලා. ඊළඟට අපි කියනවා මේ සම්පප්‍රලාපය. සම්පප්‍රලාපයේ තියෙනවා නිත්‍යභාවය. අරක පවතිනවා කියලා දොඩවන්නා වූ ස්වභාවය කියන එක තියෙනවා. දැන් ඒ කියන්නේ මේකත් එක්ක ඉන්න පුළුවන්. වචී සඞ්‌ඛාර. රූප කොටසින් ඉන්න බෑ, වචී සංඛාරයෙන් දොඩව දොඩව ඉන්න පුළුවන්, කියන අදහස.
දැන් පේනවා ද pattern එක. අපි එන්නේ කොහාට ද කියලා. දුක්ඛ සත්‍යයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ. අන්න භාවිතකායා කියන කොටසත් එක්ක ඒක සම්බන්ධ වෙනවා. ඒ line එක. අන්න රූප කොටස අපි අයින් කරනවා. ඊළඟ line එකේ තියෙන්නේ මොකක් ද? භාවිතසීල. මුසාවාද, පිසුණා වාචා, පරුෂා වාචා, සම්පප්‍රලාප මේකෙන් පවත්වන්න බෑ. ඉතින් අර වේදනාවක් ගැන නේ කතා කරන්නේ. එතකොට ඒක කරන්න බෑ, සුඛයි කියන එක බොරුවක් නේ ද? මුසාවක්. එතකොට දැන් හරි ලස්සනට පේනවා. සම්පප්‍රලාපයේ තියෙන්නේ මැරෙනවා කියන එක. ඒ කියන්නේ නිත්‍යභාවයක් කියන එක එයා කියනවා. නමුත් ඒකේ සත්‍ය වශයෙන් ම තියෙන්නේ පරිදේවය. ඒ line එකේ කෙළවරේ තියෙන්නේ පරිදේවය. මැරීම කියන එක. දැන් ඉතින් මේකත් එක්කත් ඉන්න බෑ. සුඛයි කිය කියා ඉන්න බෑ.
දැන් ඉතින් සච්චාධිට්ඨානයේ දෙවෙනි කොටසට එනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකක් ද? මේ සඤ්ඤාවත් එක්ක එහෙම, මං ඉන්න පුළුවන් කියන එක. ඉතින් ඒක නේ ද මේ අන්තිම line එකේ තියෙන්නේ? යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. අත්තා, නේ ද? ඒ වගේ අර්ථයක් නේ. දැඩි ලෙස වෙහෙසට පත්වීම තියෙනවා, මේ අත්තා කියලා අරගෙන, අපි ඕවා ඉගෙන ගත්තා නේ advanced එකේ එහෙම, අත්තා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ තියෙනවා කියලා. මේක අයින් කිරීම.
පේනවා ද දැන් සච්චාධිට්ඨානය කියන එක ගොඩනැගුණේ කොහොම ද කියලා? රූපය, රූපයත් එක්ක ඉන්න බෑ. දෙවෙනි line එකට එනවා වේදනාවත් එක්ක ඉන්න බෑ. අර මුසාවාද එක්ක සම්බන්ධ වෙලා තිබෙන්නා වූ එක. දුක්ඛ සත්‍යය අර දුකයි දොමනස්සය, හිතලා බලන්න. ඒ විදිහට තියෙන්නේ. එතකොට ඒක භාවිතසීල කොටසත් එක්ක එතන තියෙනවා සම්බන්ධය. ඊළඟට අන්තිම line එක අර චිත්ත සංස්කාරයන් කියන ඒවා අපි අයින් කරනවා. එතකොට මේ අත්තා සඤ්ඤා, ඒක නේ සම්මා ඥානය ඇති වෙලා ඒවා අයින් කිරීම කියන එක තියෙන්නේ. අන්න ඒ විදිහටයි භාවනාව කරන්නේ. දැන් අපිට තේරෙනවා සච්චාධිට්ඨානය කියන එක හැදුණේ කොහොම ද කියන එක. අරි අට මඟින් ආවේ.
ඒක තමයි මං කරපු භාවනාව.