ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේදි මෙනෙහි කළේ 21/07/2016 භාවනාවේදි සඳහන් කළ තුන් වෙනි කාරණය. ඒ කියන්නේ, ඡන්ද සමාධිය නිවනට බරයි. එනමුදු යම් දහමක් එයට උදව් උපකාර නොකරන්නේ නම් එහි පැවැත්මක් නැත. ඒ කුමන ධර්මයක් ද? යෝනිසොමනසිකාරයයි කිය යුතුයි. අරි අට මඟින්, සම්මා දිට්ඨිය මගින් දැනගන්නා වූ අනිත්‍යභාවයත්, දුක්ඛය වටහා ගැනීමෙන් වූ ඇති වෙන්නා වූ අවබෝධයත් ඇතුළත් වේ. තව ද ඇති වන්නේ දුක බව දනී. එමගින් පෝෂිත වන්නේ, නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය. ඒක තමයි 21/07/2016 භාවනාවේදි තිබිච්ච ඒ වාක්‍යය.
ඊයේ භාවනාවට පස්සේ මේ කොටස මෙනෙහි කරන්නේ නම්, එම ධර්මය මනා කොට වැටහෙනවා. එනම් රූපය සමඟ පැවතිය නොහැකි බව දන්නේ, දක්නේ, එම අනිත්‍යභාවය මගින් නොපවතින රූප ආශ්‍රිත වූ චිත්ත සංස්කාරයන් පහ කරනවා. නිර්වාණයට ඡන්දය ඇති වේ. වේදනාව සමඟ පැවතිය නොහැකි බව දන්නේ, දක්නේ, එම අනිත්‍ය බව මගින් නොපවතින වේදනා ආශ්‍රිත වූ චිත්ත සංස්කාරයන් ඉවතලනවා. නිර්වාණයට ඡන්දය ඇති වෙනවා. සඤ්ඤා සමඟ පැවතිය නොහැකි බව දන්නේ, දක්නේ, එම අනිත්‍ය බව මගින් නොපවතින සඤ්ඤා ආශ්‍රිත වූ චිත්ත සංස්කාරයන් ඉවතලනවා. නිර්වාණයට ඡන්දය ඇති වෙනවා. මෙසේ ඡන්ද සමාධිය අරි අට මඟ නිසා වූ යෝනිසොමනසිකාර ධර්මයන්ගෙන් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි භාවනාව.
එතකොට මේ භාවනාව කෙනෙක් කරන්න ඕනෑ අර 21/07/2016 නිබ්බාන භාවනාවේදි වටහා ගත්ත කාරණා අනුවයි. ඒකේ අපි පෙන්නුවා දැන්, මේ දුක්ඛයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දොමනස්ස, සෝක, පරිදේව, උපායාස, ප්‍රියේහි විප්පයොග, අප්‍රියේහි සම්පයොග, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන කොටස් 12 පේළි තුනකට අපි ලියලා තියෙනවා නේ. ඔය පේළි තුන අරි අට මඟත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකේ පළවෙනි එක ගත්තහම පාණාතිපාතය එහෙම අරි අට මඟේ අතහරිනවා. ඒක එපා කියලා. එතකොට අපි පාණාතිපාතයට කැමති වෙනවා නම් ඒ කියන්නේ, අපි මරණයට කැමතියි. මරණයට කැමති පුද්ගලයාට එහෙනම්, මරණය කියන්නේ දුකක්. ඒක දුකයි කියලා වැටහෙන්නේ නෑ. මොකද එයා ඒකට කැමති වෙලා ඉවරයි.
ඊළඟට ගත්තහම ජාතිය කියන එක, අපි ඉගෙන ගත්තා අපි මව් කුසට යන්නේ, ගිහිල්ලා ගන්නේ ශුක්‍රාණු නේ ද? දීපු දෙයක් නෙමෙයි නේ ඒ ගන්නේ. අදත්තාදානය කියන එක. එතකොට එහෙම නම් අපි අදත්තාදානයට කැමති වුණා නම් ජාතිය දුකයි කියලා තේරෙන්නේ නෑ. ඉතින් ඔතන හරි ලස්සන දෙයක් තියෙනවා. අපි නොදන්නා වූ දෙයක්.
බෝසතාණන් වහන්සේත් මව් කුසට යනවා නේ. එතකොට ඒ බෝසතාණන් වහන්සේ ඒ භවයේ දී හොරකමක් කරන්නේ නෑ. දැනුම් දීලයි එන්නේ. අපි දන්නවා නේ අර ඇත් පැටියෙක් ආවායි එහෙම කියලා කියන්නේ. ඒකට agree වෙලා. ඒ agreement එකක් උඩ තමයි ඒ ඇවිල්ලා තියෙන්නේ. එයා ඒක පිළිගත්තා. එතෙන්ට එන්නෙත් පෙරුම් පුරලා. මහාමායා දේවිය ඒ විදිහට වෙන්න පෙරුම් පුරාගෙන ඇවිත් තියෙන්නේ. දවස් හතකින් මිය යනවා නේ. ඒ ඔක්කොම දැනගෙන, ඔය ඒ විදිහට ඒක වෙලා තියෙන්නේ. එතකොට ඒ පෙරුම් පිරීමක් එක්ක, හතෙන් මිය යනවා කියන එක දන්නවා කියන එක නෙවේ කියන්නේ. නමුත් පෙරුම් පුරන කාලයේදි ඒක දන්නවා කලින්. එතකොට එයාට විතරයි ඕක නැත්තේ. අදත්තාදානය නැති එක ම පුද්ගලයා. ඒ භවයේ දී නෑ. අනිත් භවවල තියෙනවා.
ඊළඟට ජරා, ව්‍යාධි දෙක කියන එක වැටෙනවා කාමයෙහි වරදවා හැසිරීම. ඇයි අරක සුඛයි කියලා නේ යන්නේ. එතකොට දැන් ඔතන පේනවා මනාප අරමුණ, විපරිණාම දුක්ඛතා. එතකොට ජරාව තේරෙනවා නේ. ව්‍යාධියට පේනවා අමනාපික අරමුණ, රෝගය ඇති වෙලා නේ අපිට ද්වේෂය කියන එක ඇති වන්නේ. එතකොට දුක්ඛ දුක්ඛතා. ඒක ඒ විදිහට පේනවා. එතකොට එහෙම නම් අපිට පේනවා පාණාතිපාතය, අදත්තාදානය, කාමයෙහි වරදවා හැසිරීම අපි map කළා අර හතරට.
ඊළඟට දුක්ඛ, දොමනස්ස, සෝක, පරිදේව. ඒක මුසාවාද, පරුෂා වාචා, පිසුණා වාචා, සම්පප්‍රලාපා. දැන් මුසාවාදයේ දී අපි කියනවා අඹ ගෙඩිය කාලා සුඛයි. සත්‍ය වශයෙන් ම තියෙන්නේ දුක. දොමනස්සය ඉතින් පරුෂා වාචාය නේ. ඒක නේ ඒක කරන්නේ. ඊළඟට සෝකය කියන එක අපිට පේනවා පලාසය. සෝකයේ දී තමයි අපි ඉගෙනගෙන තියෙනවා අර compare කිරිල්ල කරන්නේ. විඤ්ඤාණ ධාරාව ඇවිල්ලා එය එතෙන්දි මැනලා බලනවා. මගෙත් කලින් තිබිච්ච එක ඒ අනුව තමයි ඒ පිසුණා වාචය කියන එක. එතකොට පරිදේවය කියන එකේ තියෙන්නේ සම්පප්‍රලාපය. නිත්‍යයි කියන එක නේ. දොඩව දොඩව ඉන්නවා. නෑ ඕක පවතිනවා. කමක් නෑ ඕක ගන්න ආදී වශයෙන් ඉතින් සම්පප්‍රලාපයේ තියෙන්නේ නිත්‍යභාවය. පේනවා ද ඒකෙ දරුණුකම?
එතකොට ඒක අපි බැලුවා වචන සමඟ පැවැතිය නොහැකියි කියන එක. ඉස්සෙල්ලා එකේ රූප සමඟ පැවැතිය නොහැකි ය පාණාතිපාතා, අදත්තාදානා කියන එකෙන්. අර භාවිත කායා, භාවිත සීලා. දෙවෙනි line එකට එන්නේ භාවිත සීලා. ඊළඟට තුන් වෙනි line එකට එන්නේ උපායාස, ප්‍රියේහි විප්පයොගය, අප්‍රියේහි සම්පයොගය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. එතකොට භාවිත චිත්තා, භාවිත ප්‍රඥා කියන දෙක ම ඔතනට වැටෙනවා. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ තියෙනවා අත්තා කියන එක. ඔය සබ්බාසව එකේ එහෙම අපි ඕක ඉගෙන ගන්නවා. අත්තා කියන එක ඇති වෙනවා. එතකොට එහෙම නම් මිච්ඡා දිට්ඨිය කියන එක නේ. එතකොට ඒක නැති කරනවා නේ සම්මා දිට්ඨිය නේ තියෙන්නේ, අරි අට මඟේ කියන එකේ. ඒ සම්මා ඥානය ඇවිල්ලා ඒකෙන් මේක ඉවත් කිරීම කියන එක තියෙනවා. ඊළඟට ප්‍රියේහි විප්පයොග, අප්‍රියේහි සම්පයොග කියන එක අභිජ්ඣා, ඇයි, ප්‍රිය වූ දෙයක් ඇත කියලා නේ එතන කතාව තියෙන්නේ. උපායාසයට තියෙන්නේ ව්‍යාපාදය. ඒක connect වෙනවා ඒකට.
එතකොට මේ විදිහට අපි ඉගෙන ගත්තා පළවෙනි line එක ගත්තොතින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ඒක මගින් රූප සමඟ පැවැතිය නොහැක යන සච්චාධිට්ඨානය ඇති වෙනවා. දෙවෙනි line එක මගින් වේදනා, ඒ කියන්නේ මුසාවාද ඒවත් එක්ක ඉන්න බැහැයි කියලා සච්චාධිට්ඨානය ඇති වෙනවා. තුන් වෙනි එකට සඤ්ඤා මගින්, ඒ කියන්නේ උපායාස line එකෙන් පෙන්නන්නේ මොකක් ද, සඤ්ඤා මගින් පැවැතිය නොහැකි යැයි කියලා සච්චාධිට්ඨානය ඇති වෙනවා. එතකොට මේ විදිහට අරි අට මඟින් සච්චාධිට්ඨානය කියන එක ඇති වෙනවා.
ඉතින් අපි ඊයේ භාවනාවෙදි පෙන්නනවා නේ සච්චාධිට්ඨානය ඔය විදිහට ඇති වුණා. දැන් සච්චාධිට්ඨානය ඇති වුණාට පස්සේ දැන් තියෙන්නේ මොකක් ද? ඡන්ද සමාධිය. එතකොට මේක තේරුම් ගත්ත එක්කෙනා නිකම්ම ඡන්ද සමාධිය ඇති වෙනවා. මෙයා අයින් කරනවා, අද උදේ පැහැදිලි කළා නේ භාවනාව. රූපයක් එක්ක ඉන්න පුළුවන් කියන කතාව අයින් වෙනවා. වේදනාවත් එක්ක ඉන්න කතාව අයින් වෙනවා. ඔය විදිහට සඤ්ඤාවත් එක්ක ඉන්න පුළුවන් කතාව ඒවා අයින් කරනවා. ඉවත් කරනවා, ඉවත් කරලා ඡන්ද සමාධිය.
මේක කළහම තමන් ඇත්තට ම ඒ වේලාවේ තමන් මොකක් හරි කරන දෙයක් හරි, කරන්න යන්න තියෙන දෙයක් හරි, අනාගත දෙයක් හරි ඒ මොහොතේ දී මේවා පවතින්නේ නෑ කියලා මනසින් අයින් කරනවා. ඒ අයින් කරනකොට ම අර විරිය මේ පැත්තෙන් ඇති වෙලා, ප්‍රීතිය ඇති වෙනවා කකුලේ ඉඳන් ම මේ විදිහට ඇති වෙලා, අර මම කියනවා නේ ද මේ පළවෙනි පාරට එනකොට කෙනෙකුට මෙහෙම මෙතන්ට එනවා කියලා ඡන්ද සමාධිය එනකොට. ඒක හරියට ම සිද්ධ වෙනවා. මේක sensitive තමන්. මේ ක්‍රියාවලියෙදි තමන් දැනගෙන ඡන්ද සමාධියට යන්නේ. මේ වම් පැත්ත පත්තු වෙලා මූණ සුඛයත් ඇති වෙලා ඒ ඡන්ද සමාධිය නිර්වාණයට ම යොමු වෙලා ඒ විදිහට ම පවතිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.