Date: 25/07/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි මෙනෙහි කළේ 21/07/2016 නිබ්බාන භාවනාවේදි හතර වෙනියට සඳහන් කළ ධර්මය. ඒ කියන්නේ, ඉන්ද්‍රිය සංවරය වන්නේ නම් සතිය ඇති වෙයි. සතිය ඇති වන්නේ නම් එම සතිය මගින් අභිජ්ඣා පහ කිරීමට තුඩු දෙයි. එනමුදු එය සඳහා සම්මා දිට්ඨියෙන් ඇති වෙන සම්මා ප්‍රඥාව අවශ්‍ය වෙයි. සම්මා ප්‍රඥාව ඉන්ද්‍රිය සංවරයට මනා කොට එකතු වන්නේ නම්, එමගින් සම්මා ඥාන ඇති වෙයි. කෙසේ ද? අභිජ්ඣාව චේතනා සමඟ එකතු නොවීමත්, සංස්කාර ඉවත් වීම නිසා භය අගතිය නොවීමත් මගින් චේතනා භය අගති දක්වා වන අත්ත සංකල්පය ගිලිහී යෑමෙනි. ඒක තමයි ඒ භාවනාවේ තියෙන වාක්‍යය, අපි ඉගෙන ගත්ත එක.

මෙය භාවිත ප්‍රඥා ඇත්තේ වටහා ගත හැකියි. භාවිත ප්‍රඥා තුළ සම්මා දිට්ඨියත් සතියත් ඇතුළත් වී ඇත. සතිය මගින් පෝෂිත වූ සම්මා දිට්ඨිය සම්මා ප්‍රඥාව වෙයි. අරි අට මඟේ උපකාරයෙන් චිත්ත සංස්කාර ඉවතලන්නේ සම්මා ඥාන ඇති වෙයි. මෙම චිත්ත සංස්කාරයෝ කවරහු ද? අභිජ්ඣා සහගත වූ යම් චෛතසික ස්වභාවයක් වේ ද, එයයි. එමගින් චේතනා නොවීමයි. යම් චේතනාවක් ගලවා දැමීමක් වේ ද, එමගින් අත්ත සංකල්පය ගිලිහී යයි. නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි මේ භාවනාවේ තියෙන්නේ.

ඉතින් මේ භාවනාව කරනකොට, මම කරපු විදිහ කියනවා නම්, ඊයේ භාවනාවන් දැන් දිගට ම අපි ආවා නේ සච්චාධිට්ඨානය ඒ විදිහට ඇවිල්ලා නේ ද, ඉන්ද්‍රිය සංවරය තමයි අද. ඉස්සෙල්ලා ඊයේ තිබුණා ඡන්ද සමාධිය.

එතකොට දැන් අපි බැලුවොතින් ඉන්ද්‍රිය සංවරය නොවෙනවා නම් අපිට සතියක් තියෙනවා ද? සතියක් නෑ නේ ද? කුමක් නිසා ද? රූප සොයන නිසා ය. සතිය තුළ සමුදයක් අස්තංගමයක් ඇත. ඇති වන්නේ දුක බව දනී. මේ නිසා අභිජ්ඣා නොවේ. අර bell shaped curve එකේ A point එක හදන්නේ නෑ.

දැන් බලන්න ඊයේ භාවනාවෙදි කියපු වාක්‍යය. දැන් අපි තුනක් ම කිව්වා. අපි එකක් ගමු. ඒකේ පෙන්නනවා, “වේදනාව සමඟ පැවතිය නොහැකි බව දන්නේ, දක්නේ එම අනිත්‍ය බව මගින් නොපවතින වේදනා ආශ්‍රිත වූ චිත්ත සංස්කාරයන් ඉවතලනවා. නිර්වාණයට ඡන්දය ඇති වෙනවා” කියලා. එතකොට ඔය එක වාක්‍යයක් ගත්තත් බලන්න එහෙම නම්, දැන් අපි කිව්වා මේ සතිය මගින් ඇති වෙනවා. දැන් ඇති වෙන්නේ මොකක් ද? ඡන්ද සමාධිය, ඔය වාක්‍යයත් එක්ක ගත්තොත් මොකක් ද ඕගොල්ලන්ට හිතෙන්නේ? ඇති වෙන්නේ පවතින්නෙ නැති දෙයක් ම යි. ඇති වීමක් ඇත. නමුත් ඇති වෙන්නේ නොපවතින දෙයක් කියලා ඡන්ද සමාධියෙන් කියනවා. ආන්න ඒ වෙලාව තමන්ට හොඳට වැටහුණා ම මේ නළලේ මැද්දෙන් තමන්ට හොඳට දැනෙනවා cross එක වගේ, මේ පැත්තෙන් සතිය, මේ පැත්තෙන් ප්‍රඥාව, මේ කම්මුල සුඛයි, මෙතනත් සුඛයි. නිකන් cross වගේ හරියට දැනෙනවා.

එතකොට මම කල්පනා කළා මේකත් ඇති වෙන්නේ මොකක් ද? පවතින්නෙ නැති දෙයක් කියන එක. එතකොට අන්න ඒක තමන් කල්පනා කළා ම ඕක සම්බන්ධ වෙන්න ඕන, අපි 07/07/2016 නිබ්බාන භාවනාවෙදි ඉගෙන ගත්තා halfpipe එක in skate board කියලා. ඒකේ ඒ වටහා ගත්ත එක ගන්න ඕන. ඒ කියන්නේ දැන් ඒ skate board එකේ තියෙන්නේ එක කෙළවරක, මේ පැත්තේ ස්පර්ශය. එතකොට ඒ ස්පර්ශයෙන් මෙතන වේදනාවට ආවා ඊට පස්සේ එනවා නාමරූපවලට. මව සහ පුතා. එතකොට මෙතන මේ කතාව සම්බන්ධයි අහංකාරයත් එක්ක. දැන් අහං සංස්කාරයත් එක්ක. මේ වගේ සංස්කාරයකට හරි අහංකාර වෙනවා නම්, මේක හොඳයි, ආදී වශයෙන් මොකද වෙන්නේ? අන්න අර pipe එකේ උඩ සඤ්ඤා කතාව ඇති වෙනවා. එයා රූපයයි නාමරූප කොටසයි සම්බන්ධ කරලා පෙන්නනවා. ඒ සඤ්ඤාවෙන් චේතනා වෙනවා. ඒක නොවෙන්න ඕනෑ.

ඊළඟට ආපහු මෙයාව ගැලෙව්වාට හරියන්නේ නෑ. මේ අභිජ්ඣාවට මෙව්වා වෙන්න. අපිට තේරෙනවා, අපි අභිජ්ඣා වෙන්නේ නෑ, සතියෙන් දන්නවා ඇති වෙන්නේ පවතින්නෙ නැති දෙයක්. ඇති වීමක් තියෙනවා. ඇති වෙන්නේ මොකක් ද? ඡන්ද සමාධියෙන් කියනවා පවතින්නෙ නැති දෙයක්. එහෙම නම් අපි අභිජ්ඣා වෙන්නෑ නේ. එතකොට දැන් මේ අහංකාර, එතැනින් ඇති වුණා වූ සුඛය සහගත වූ ඒ ස්වභාවයටත් අපි අහංකාර නොවෙන්න ඕනෑ. එතකොට අර halfpipe එකේ කතාව සඤ්ඤාවෙන් චේතනා වෙන එක ඒක නැති වෙනවා.

ඊළඟට ගත්තහම, ආපහු ඊළඟ දවසේ භාවනාව, 08/07/2016 නිබ්බාන භාවනාවෙදි අපි ඉගෙන ගත්තා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා උද්ධච්චයේ සිට අවූපසන්තචිත්තයට පැමිණීම වැඩක් නැති බව පවසනවා. එතැනත් තියෙනවා halfpipe එකක්. ඒක තියෙන්නේ අර pre උද්ධච්ච, ඊළඟට පරාමාසකායගන්ථය, එතනින් පල්ලෙහා අවූපසන්තචිත්තය තියෙන තැන සංස්කාරය. එතකොට මෙතන මේ තියෙන්නෙ මොකක් හරි එකක් ගත්තා නම් කුක්කුච්චයක් නේ තියෙන්නෙ. එතකොට කුක්කුච්චය ඉදංසච්චයට ඇදෙන්න පුළුවන්. එතකොට ඉදංසච්චයට ඇදෙන එක මෙතනින් නවත්වනවා. මෙයා යන්නේ නෑ එතන ඉඳන් මෙතෙන්ට. උඩ pre එකේ ඉඳලා post එකට යන්නේ නෑ.

එහෙම නම් ඉදංසච්චය ගැලවෙනවා. ඉදංසච්චය ගැලවුණා ම චේතනාව ඒකෙන් ගැලවෙනවා. දැන් පේනවා ද චේතනාවට දෙපැත්තකින් ගැලෙව්වා. පළවෙනි halfpipe එකේ අර අභිජ්ඣා වෙන්නේ නැතිව සඤ්ඤා කතාව එතනින් ගියා. නෙවසඤ්ඤානාසඤ්ඤායතන වාගේ ධ්‍යානයන්ගේ තියෙන කතාවේ, ඉදංසච්චයේ කතාව කියන්නේ නැහැ. ඉදංසච්චය ගත්තා නම් එතනින් අපි එනවා නේ භය අගතියට ඇවිල්ලා වේදනාවට ඇවිල්ලා ආපහු චේතනාවන් ඇති කරනවා. එතකොට ඒවා කරන්නෙත් නෑ. ඉතින් මේකෙ අර්ථය ඉතින් බැලුවාහම සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා. ද්වයතානුපස්සනා සූත්‍රයකට තමයි.

හරි ලස්සනට පේනවා. මේකේ main point එක තියෙන්නේ, ඇති වන්නේ පවතින්නේ නැති එකක්, කියන එකයි. ඡන්ද සමාධියෙන් අරක ඉවත් කරනවා. සතියෙන් පෙන්නනවා ඇති වෙන්නේ මේකයි. ඡන්ද සමාධියෙන් කියනවා පවතින්නේ නෑ. එහෙම නම් අභිජ්ඣාවක් නෑ. අපි අභිජ්ඣා වෙලා තියෙන්නේ මේ මොකක් හරි එකක් ඇති වෙන එක පවතිනවා කියන අදහස නේ. ඒක නැත්නම් නෑ.

ඒක මම රහතන් වහන්සේගෙන් ඇසුවා. මෙතන සුඛය සහගතව අර cross එක වාගේ තියෙන්නේ “අකුප්පා චෙතො විමුක්තියේ සියුම් වූ අවස්ථාවක්” කියන එක කිව්වා. ඕකට අර කාරණා තුන එක්කහු කරන්න කරන්න ඒ වෙනස තේරෙනවා. මේ spread වීම කියන එක. ඊයේ භාවනාවේ කාරණා තුන. දැන් අපි වේදනාව ගැන කිව්වා. රූපය ගැනත් ඔහොම කිව්වා. ඒ විදිහට සඤ්ඤාව ගැනත්.

ඒක තමයි මං කරපු භාවනාව.