Date: 27/07/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි මෙනෙහි කළේ කරුණා චෙතො විමුක්තිය, අරි අට මඟ සමඟ වඩන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ද යන්නයි. කරුණා අප්‍රමාණයේ කරුණු හතරක් අරි අට මඟින් වැඩිදියුණු වන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා.

පළවෙනි එක දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දෙවෙනි එක චාගාධිට්ඨානය. තුන් වෙනි එක චිත්ත සමාධිය. හතර වෙනි එක සතර ඉද්ධිපාදයන්.

එතකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍යය අරි අට මඟින් මනා කොට අවබෝධ කරගන්නේ නම් එම දුක්ඛය නැති කිරීමේ පිළිවෙත මනා කොට භාවිතා කළ හැකි වන්නේ ය. දුක්ඛ සමුදය අවබෝධය සඳහා කෙසේ අරි අට මඟ උපකාරී වන්නේ ද?

යම් තණ්හාවක් මගින් දුක ඇති වන්නේ එම තණ්හාවෝ වර්ග තුනකට බෙදා තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ ය. කාම තණ්හාව යම් සැපතක් නිසා හටගන්නේ ද, එම සැපත නොපවතින බව අරි අට මඟින් පෙන්වා දෙන්නේ නම් එම සැපතේ නිරෝධයට මනස නිතැතින් එළඹෙයි. බොහොම පහසුවෙන් එතනට යන්න පුළුවන්.

කාම තණ්හාව නිසා ඇති වන්නේ නොපවතින දෙයක් බව සම්මා දිට්ඨිය තුළ ඇති ප්‍රඥාව මගින් පෙන්වා දෙන්නේ කාම තණ්හාව අත්හැරිය හැකි වන්නේ ය. භව තණ්හාව ද විභව තණ්හාව ද එසේ ම ය. නොපවතින දෙයක් ම සාදයි. මෙසේ ත්‍රිවිධ වූ තණ්හා බැස යන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කළ හැකියි. ඒක තමයි භාවනාව.

එතකොට මේක කල්පනා කරන්න ඕනෙ, කාරණා කීපයක් ඔතන තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඇති ප්‍රඥාව මගින් සමුදයක් ඇත, අස්තංගමයක් ඇත, කියන එක පෙන්වා දෙනවා. ඒක අඩංගුයි ඒක තුළ.

කාම තණ්හා නිසා රූප ඇසුරු කර වේදනා ඇති වෙයි. අපි වේදනාවට අගයක් දෙන්නේ නම් එම වේදනාවෝ පවතිනවා යන සඤ්ඤාව අපිට ඇති නිසායි අපි ඒකට අගය දෙන්නේ. නැත්නම් ඒ අගය දෙන්නේ නෑ. නමුත් මෙය නොපවතින බව ආර්ය වූ ප්‍රඥාව මගින් පෙන්වා දෙනවා. එතකොට කාම තණ්හාවෝ කියන ඒවා බැහැලා යනවා.

එතකොට ඕකට තේරුම් ගන්න උදව් උපකාර වෙන එකක් තමයි අපි 17/05/2016 කරුණා චෙතො විමුක්ති භාවනාව. ඒකේ පෙන්නුවා රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර යන ඕනෑ ම එකක වෙනසකට ප්‍රතිචාර දක්වනවා නම් කරුණා චෙතො විමුක්තිය ඇති නොවෙයි කියලා.

එතකොට මේ භාවනාවෙදි මට තේරුණේ, දැන් අපි තේරුම් ගත්ත නේ අර මෙත්තාවෙදි අපි රූපය නිසා වෙන් කිරීම කියන එක තියෙනවා. අලියායි කූඹියයි, මනුස්සයයි දෙවියයි, එතන තිබුණා නේ ඒ වෙනස නේ ද. ඒ කියන්නේ එතන උපෙක්ඛාවක් තියෙන්න ඕනෙ මම එහෙම වෙනස් කරන්නේ නෑ කියලා. නැත්නම් අපිට මෙත්තා චෙතො විමුක්තියවත් ඇති වෙන්නේ නෑ. මෙත්තා අප්‍රමාණය වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒකට ප්‍රතිචාර දක්වනවා කියන එක. එතකොට ඔය වගේ ම කරුණා චෙතො විමුක්ති භාවනාවෙදිත් පෙන්නුවා අපි වේදනාවට ප්‍රතිචාර දක්වනවා නම් ඒක හරියන්නේ නෑ. ඒ කියන්නේ උපෙක්ඛාව නැත්නම් මොකද කරන්නේ අපි පාණාතිපාතා වාගෙ ඒ දේවල් කරනවා නම් අපිට කරුණාවක් නෑ නේ. එහෙම නම් උපෙක්ඛා අප්‍රමාණය කියන එක තියෙන්න ඕන. එතකොට ඕගොල්ලන්ට පේනවා රූප කෙළවර එකක්, සංස්කාර කෙළවර තව එකක්. මේ දෙකට ම උපෙක්ඛාව තියෙන්න ඕන. අලියායි කූඹියයි කියලා වෙනස් කරන්නේ නෑ. අනිත් පැත්තෙන් ගත්තහම ඒ සංස්කාරවලට මම වෙනස් කිරීම කියන එක නැති වෙන්න ඕන. ඒකට උපෙක්ඛාවක් තියෙන්න ඕන.

එතකොට ඊළඟට අපි පෙන්වූවා ඔය රූපයි, සංස්කාරයි නිසා වෙනස ඇති වුණා නම් සඤ්ඤාවෙන් ඕක දැනගන්නවා. එහෙම නම් දැන් සඤ්ඤාවට react කරනවා නම් ඒත් හරියන්නේ නෑ. මුදිතා අප්‍රමාණය ඕනෑ අරක නොවෙන්න. ඒ කියන්නේ කරුණා අප්‍රමාණය අපිට පවත්වා ගන්න බෑ, ප්‍රතිචාර දක්වනවා නම්. ඊළඟට එහෙම නම් අපි මෙතෙන්ට ආවා රූප වේදනා සඤ්ඤා සංස්කාර ඕනෑ ම එකකට, ඒක තමයි 17/05/2016 කරුණා චෙතො විමුක්ති භාවනාවේදි අපි පෙන්වූයේ.

එතකොට අපි දැන් රූපයක් නිසා අපි හිතමු තමන්ට සුඛයක් ඇති වෙනවා. එතකොට ඒ සුඛය පවතිනවා කියන නිසා නේ මේ තියෙන්නේ. ඒ සුඛයයි දැන් කතා කරන්නේ. ඒක “පවතිනවා,” ඒ පවතිනවා කියන අදහස තියෙනවා නම් අපි වෙනස් කිරීම, reactions, කියන ඒවා තියෙනවා. එතකොට දැන් බලන්න, දැන් විවිධාකාර වූ රූපයන් තියෙනවා. කට්ලට් කියලා ආදී වශයෙන් එක එක ඒවා ගත්තා. හොඳ ම උදාහරණයකට ගන්න ඕගොල්ලෝ අර, යාළුවාගේ යාළුවා, කතාව. යාළුවාගේ අලුතෙන් හම්බවෙච්ච යාළුවාගේ, අපි හිතමු, කට ඇදයි කියලා. එතකොට කට ඇදයි කියන එකට ඇයි අපි ප්‍රතිචාර දක්වන්නේ? තේරුණා ද? එතකොට අපිට පේනවා මෙතන මේකට ප්‍රතිචාරය දක්වන්නේ, ඒකෙන් ඇති වන්නා වූ වේදනාව. මගේ නෙමෙයි නේ කට ඇද වෙලා තියෙන්නේ, අර අනිත් මනුස්සයාගේ. එතකොට ඒ නිසා ඇති වන්නා වූ වේදනාවටයි මම මේ ප්‍රතිචාර දක්වන්නේ.

එතකොට එහෙම නම් එක පැත්තකින් රූපය. පලාස කිරීම කියන එක, එක පැත්තකින් තියෙනවා අරෙකින් ඇති වන්නා වූ වේදනාව, begging the feeling කිව්වේ, එහෙම නම් අපිට පේනවා, පලාසය කියන එක තියෙනවා නම් අපිට බෑ. එහෙම නම්, දැන් අපි දන්නවා මේ පලාසයේදි, අපිට එහෙම නම් කාරණා දෙකක සම්බන්ධතාවයක් ප්‍රඥාවෙන් බලන එක්කෙනාට දැන් පේනවා, එක පැත්තකින් මච්ඡරිය, අනිත් පැත්තෙන් මක්ඛය. තේරුණා ද? මච්ඡරියට මම මේවා කරනවා නම් අන්න අපේ මෙත්තා චෙතො විමුක්තිය ඒවා යන්නේ නෑ. වෙනස් කිරීමක් කියන එක කරනවා නේ. අනිත් පැත්තෙන් පෙන්නනවා මක්ඛයේ කතාව. අර වේදනාව නිසා ඇති වන්නා වූ යම්කිසි දෙයක් තියෙනවා ද, අන්න ඒ ගුණය මැකීම කියන එක තියෙනවා. එතකොට එහෙම නම් මේ විදිහට අපිට නිර්වාණයට යන්න නම් මේ දෙකට ප්‍රතිචාර නොවෙන්න ඕන. මොකට ද? මච්ඡරියටයි, මක්ඛයටයි. ඒකේ වෙනසක් නොවෙන්න ඕන.

ඉතින් මේක වෙන්න පුළුවන් එක ම තැනයි නේ තියෙන්නේ. නිවන විතරයි. මක්ඛය කියන එක තියෙනවා නම්, නිවනින් පිටත දෙයක් ගත්තා. එහෙනම් බෑ. මේ භාවනාව හරි අමාරුයි ඒ විදිහට ගත්තහම.

දැන් තේරුම් ගත්තට පස්සේ නම් ඕක ඒ විදිහයි. නමුත් බොහොම අමාරුයි මේ කාරණා ගොනු කරගන්න. අර භාවනාවලින් ආපු essence එක ගන්න ඕන. එතකොට තමයි තමන්ට තේරෙන්නේ මෙතන නිර්වාණය කියන එක තියෙනවා. එහෙම නම් මේවා ඔක්කොම යන්න ඕනෑ. කරුණාවෙන් අර ඊර්ෂ්‍යාව යන්න ඕන, එහෙම නම් ඊර්ෂ්‍යාව, මක්ඛය, මච්ඡරිය, පලාසය හතර ම යන්න ඕන. ඒවා ගිහිල්ලා තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ඔක්කොම ඇතුව තමයි මේක කරන්න පුළුවන්. මේකේ ප්‍රශ්නය තියෙන්නේ මොකක් ද දන්නවා ද? ඒ කාම තණ්හාවට බලපෑම, විභව තණ්හාවෙන් තියෙන ප්‍රමාණය. එය හරි දරුණුයි. අර කාම තණ්හාවේ අර සුඛයි කියන එක විභව තණ්හාව නිසා ඇති වුණා වූ නිත්‍යභාවය, අරූප ධ්‍යානවල ඉඳලා ඇති වුණා වූ නිත්‍යභාවය විසින් කාම තණ්හාවට කරන්නා වූ බලපෑම, හොඳට පැහැදිලි වෙනවා මේ භාවනාව කළහම.

ඒක තමයි මං කරපු භාවනාව.